✧ 02nd 🤎🍂 ✧

31 2 0
                                    

"බැරික් කාරයා..!!"

"ඔන්න පුතෝ... කට පරිස්සමින් ඈහ්.. උබ දැන් යන්න ඕන ඔය ගෙදරටනෙ.. මෙන්න මේ ජූස් දෙක අන්න අර කපල් එකට ගිහින් දීලා අරූගෙන් අහන් වරෙන් මොනාද ඕඩර් කරන්නෙ කියලා"

"හා හා උබ හිතුවද මං මේ හේතුවක් නැතුව හැමවෙලේම යකා නග්ගගත්ත ගමන් ඉන්නෙ කියලා"

"යකා කෙසේවෙතත් උබ හැමවෙලේම නග්ගගත්ත ගමන් තමයි ඉන්නෙ"

"පලයන් හු..."

ඌ මහ නැහැදිච්ච කතාවක් කියාගෙන ලෙමන් ජූස් දෙක තිබ්බ ට්‍රේ එක මගේ අතින් තියලා උරහිසටත් එකක් ගහගෙන ගියා.. මං ඉතින් හොඳ හුස්මක් උඩට අර මගේ බෝ එකත් හදාගෙන ගියේ කපල් එකට ජූස් දෙක දෙන්න.. උන් දෙන්නගෙ ටේබල් එකෙන් ජූස් දෙක තියලා ට්‍රේ එකත් අරගෙන මං හැරුනෙ බැරික් කාරයා ඉන්න ටේබල් එක දිහාට යන්න.. මගේ කකුල් ඒ පැත්තට යැවෙන්නෙම නෑ.. කාන්දම් වලින් පොලොවට ඇලිලා වගේ.. මූ මෙතනත් උද්දච්චකම් පාන්න ගත්තොත් දෙවියන්පල්ලා මං මේ ට්‍රේ එකෙන් දමලා අරිනවා..

මං හෙමින් හෙමින් ඌ ගාවට ගියා.. මූ ඒත් ෆෝන් එකට ඔලුව ඔබාගෙන මොකද්ද බම්බුවක් කරනවා.. යකො මූට පේන්නෙ නැද්ද මෙතන එකෙක් ඉන්නවා රෙද්ද.. ඔන්න ඉතින් මට යකා ආවේස වෙනවා.. තොපි කියයි ඕක තරහ ගන්න දෙයක්ද කියලා.. ඒත් මෙ මගෙ හැටි.. මට තරහා යනවා.. එච්චරයි...!!

බැරිම තැන මං පොඩ්ඩක් උගුර පෑදුවා..

"අ-අහ්ම්ම්..."

මූ බලපන්කො.. මූ තාමත් ෆෝන් එක දිහා බලාගෙන.. ඔන්න ඉතින් මගේ අතේ තියෙන ට්‍රේ එක ඉස්සෙනවා..

"රෝවන්...!!!"

මූ ෆෝන් එක දිහාම බලාගෙන මගේ නම කිව්වා.. රෝවන් තමයි යකො මොකද්ද දැන් උබ කියන්නෙ.. මෙතන උබ එක්ක හුරතල් වෙන්න මට වෙලා නැ.. මෙතන වැඩ ඉවර කරලා උබෙ මහලොකු බංගලාවට එන්නත් ලෑස්ති වෙන්න ඕන මට.. දෙන ඕඩර් එකක් දීපන් ඉක්මනට ඇටයක් කරන්නැතුව..

මං හිතෙන් බැන බැනම මුගෙ මූන දිහා එක එල්ලෙ බලන් හිටියා. මූ ෆෝන් එකෙන් ඇස් දෙක අරන් මගේ දිහා බැලුවා.. හම්මට.. සීතල වෙලා යන බැල්මට් එකක්. මොකටද බය වෙන්නෙ. මූට මං මුකුත් කරෙ නෑනෙ..

Dostali jste se na konec publikovaných kapitol.

⏰ Poslední aktualizace: 2 days ago ⏰

Přidej si tento příběh do své knihovny, abys byl/a informován/a o nových kapitolách!

•| 𝙑𝙄𝙉𝙏𝘼𝙂𝙀 𝙍𝙊𝘼𝘿 |• 🤎🍂 (Yinzhan)Kde žijí příběhy. Začni objevovat