🍁 එකසිය විසි අටවන දිගහැරුම 🍁

3.2K 416 727
                                    

🍁අවසාන දෙවන කොටස ..

🍁 කොටස් කීපයක් වශයෙන් ලිව්වෙ චැප්ටර් එක දිග වැඩී වගේ නම් සමාවෙන්න හොදද .......

🍁 chapter එක අගට පොටෝස් වගයක් දාලා ඇති එලේවල් ඕලෙවල් ළමයි බලන්න.....


🍁

🍁

" ග්‍රිල් එක දෙන්න පැටියෝ...."

" ඔතන හිල් කරල වැඩක් නෑ මගේ මෝඩ මනුස්සයෝ.....අපි අතනින් තමයි පීල්ල සෙට් කරල ඉන්න ඕනේ.."

" අනෙ මේ  පැටියෝ.....උඹ දන්න මගුලක් නෑ දීපන් ඔය ග්‍රිල් එක.."

" තෙරෙයි වැස්සට මගේ අහිංසක පැල තෙමෙනකොට.."

" බූරූවෝ..... එතනින් හිල් කරල වැඩක් නෑ දරුවො....මෙතනින් ඇණයක් දාලා සෙට් කරල ඉන්න ඕනේ....මහ වැස්සක් වැස්ස ගමන් පීල්ල උඩින් වතුර යාවි..."

" ඔයාට මගේ කන්සාල්ටන්ට් මොලේ කියන දේ පිළිගන්න බෑනේ....ඕනෙ මගුලක් කරගන්න.... "

මන් එයාගෙ අතට ග්‍රිල් එක දුන්නේ එයා වහලෙ ශීට් එකේ සිදුරක් විදල පීල්ල හයි කරද්දි..... අපි දෙන්නම ඉදියෙ වහලෙ උඩ....ගිය මාසෙ වැස්සක් වැහැපු වෙලාවක අපේ වැරැන්ඩා එකේ ශීට් එක තෙමිලා තිබුනා.... ඕක බලන්න අපිට වෙලාවක් තිබුනෙ නෑ වහලටම නගින්න එපැයි...අද තමයි වෙලාව ලැබුනේ ඒකටත්....

අද ගත්තම අද තමයි අප්‍රේල් දහ හතර වෙනිදා.... අවුරුද්ද දවස..... ඊයෙ මන් හොස්පිටල් ඉදන් එද්දි වෙලාව රෑ දහය විතර වුනා.... එතනින් පස්සෙ අද උදේ ඉදන් අපි චාරිත්‍ර වාරිත්‍ර කරල අවුරුදු සැමරුවා.... සාමාන්‍යෙන් අයියයි මමයි දෙන්නම ආසාවෙන් චාරිත්‍ර වාරිත්‍ර සේරම කලා.....එකම අවුල උනේ නොනගතේට නොකා ඉන්න බැරි උන එක විතරයි ....

Hollow Spirit🍁 [ Zhanyi Complete  ]Where stories live. Discover now