3 years later
Nisal's pov
" අම්මී..අම්මී.. "
" ඕ මගේ පන.. "
" අම්මී..කෝ.. "
" කවුද මගේ පුතූ.. කාවද හොයන්නේ... "
" අප්පච්චී..අප්පච්චි කෝ පුතූගේ අම්මී.. "
" අප්පච්චි වැඩට ගිහිල්ලනේ රත්තරනේ.. තව ටිකකින් එයි හොදේ.. "
" තා ටිකීන් එනෝද අම්මී.. මට චොකෝ කෝතු ගෙනෝද පුතූගේ අම්මී.. "
" ඔව් ඔව් චොකෝ කෝතූ ගෙනෝලුනේ අප්පච්චි "
මගේ කොල්ලට යන්තම් අවුරුදු තුනක් වෙලා බහ තෝරන වයසට එද්දි ගිරවෙක් වගේ ඇහෙන හැම වචනයක්ම ආපස්සට කියන්න පුරුදු වෙලා.. කිරි බොන ටිකට විතරක් මාව හොයන මගේ කොල්ලා වැඩියෙන්ම ආදරේ එයාගේ අප්පච්චිට.. හසී වැඩ ඇරිලා ආපු ගමන් එන්නේ මගේ පැටියව හොයාගෙන වෙද්දි පැටියත් බලන් ඉන්නේ අප්පච්චි එනකන්.. බත් කවාගන්න සැර කරන මට වඩා මගේ දඟ මල්ල හොයන්නෙම මටත් සැරකරලා පුතාගේ පැත්ත ගන්න අප්පච්චිව..
කාලේ ගෙවිච්ච වේගේ ගැන මටවත් හිතාගන්න බෑ.. මොකද පහුගිය අවුරුදු තුන මගේ ජීවිතේ මම ගත කරපු ලස්සනම සතුටුම අවුරුදු තුන කිව්වොත් හරි.. මොකද මේ වෙද්දි හසී මායි අපේ පැංචයි පවුලක් විදිහට වෙනම ගෙයක ජීවත් වෙනවා වගේම මගේ හසීත් එයාගේ අප්පච්චිගේ බිස්නස් වලට අමතරව සසින් එක්ක අලුත් බිස්නස් එකක් පටන් අරන් සෑහෙන ලොකු ගමනක් යනවා.. මගේ පැත්තෙන් කිව්වොත් හසී මේ මොන වැඩ අස්සේ වුනත් මට දරාගන්න බැරි තරම් ආදරේ දෙනවා.. අපේ දඟ මල්ල නිදාගන්නකන් ඉදලා අපිට මගෑරුන ඒ සරාගික රාත්‍රීන් හෙමීට එයා ආපහු මට දෙනවා..
" අම්මී.. අප්පච්චි එනෝ... "
වහනේ සද්දේ යන්තම් ඇහුනත් ඇති මගේ දඟ මල්ලට තියෙන්නේ පුදුමාකාර සතුටක් අප්පච්චිගේ තුරුලට පනින්න..
" අප්පච්චී... "
" මගේ සුදු මහත්තයා.. මගේ රත්තරනේ අප්පච්චි එනකන්ද බලන් හිටියේ.. "
" අප්පච්චී.. චොකෝ කෝතු කෝ "
" අම්බේ කපටි කෝලම.. අප්පච්චි එනකන් නෙවෙයි කෝතු කන්නනේ බලන් හිටියේ... "
YOU ARE READING
My YOU ( Sinhala | BL | Complete )
Romanceඑයා ඒ ගෑනු ලමයා දිහා බලද්දි එයාගේ ඇස් මුව පැටියෙක්ගේ වගේ බෝල වෙනවා.. ඒවා දිලිසෙනවා.. ඒත් එදායින් පස්සේ ඒ බෝල දිලිසෙන ඇස් මම එක පාරක්වත් දැක්කේ නෑ.. අනේ ඒ ඇස් එකම එක පාරකට මන් දිහා බලාගෙන ඒ විදිහට බෝල වෙලා දිලිසුනොත්, දෙවියනේ ආදරේ ඕනිත් නෑ ඒ දේ විතර...