Chapter 1

1.7K 79 10
                                    

🌸

එකම එක පාරක් ආත්මාර්ථකාමී වුනාට කමක් නැද්ද?

මම මගෙන්ම අහනවා.

ඒත් ඒ එක්කම හිත බර වෙන දේවල් එක පෙළට ගලාගෙන එනකොට මම මාවම නවත්තගන්නවා.

වයලීන් බෑගය එක අතකින් අල්ලගෙන අනිත් අතට රෙදි දෙක තුනක් දාපු මගේ අලුපාට බෑග් එක අරගෙන මං හිටියේ පේරාදෙණියට ලංවෙලා තිබුණු කෝච්චියේ දොර ගාවට එන ගමන්.

'මම ඇවිත් ඉන්නේ.'

ෆෝන් එකට ඇවිත් තිබුණු මෙසේජ් එක ආයෙමත් වතාවක් කියවන ගමන් මම ස්ටේශන් එකෙන් එලියට ආවා.

"ඒ මුහුද.. නගින්න.."

මගේ ඉස්සරහා නවත්තපු කළු පාට කාර් එකේ පැසේන්ජ සීට් එක පැත්තේ ජනේලය ඇරලා එයා කිව්වා.

"මං මුහුදක් නෙමෙයි.."
වෙනදා වගේම අදත් මම එකම දේ එයාට ආයෙමත් කිව්වා.
"මං මුහුද නෙමෙයි මම සයුර රුවනාර.."

"ඉතින් දෙකම එකයිනේ.. සයුර කියන්නෙත් මුහුදට.. රුවනාර කියන්නෙත් මුහුදට..
ඔයා මුහුදක් තමයි.."

වෙනදා වගේම එයත් මගේ නමේ තේරුම මතක් කරන ගමන් මාව මුහුදක් කලා..

"දුෂ්ඨයා.."

"ඔව් ඔව්.. තමුසෙට දිනන්න බැරි වෙනකොට මම දුෂ්ඨයා වෙනවා තමා.."

මං ඒ පැත්තට රවන ගමන් ජනේලයෙන් එහාට ඇස් අරන් ගියා.

සයුර රුවනාර මගේ අම්මයි අප්පච්චීයි මට තියපු නම වෙලා, මම මුහුදක් වෙනකොට එයා අහසක් වුණා..

මොකද අහස් කියන්නෙත් අහසට.. ගගනෝදර කියන්නෙත් අහසට..
ඉතින් එයා අහස් ගගනෝදර.

"මං අහසක්ද?"

සුපුරුදු ගැටුමේ පුරුද්දට එයා අහනකොට, මූනට ආපු හිනාව ගිලගෙන මම තවමත් රවාගෙනම එයා දිහා බැලුවා

එයා ඉතින් දන්නවා මම එහෙමයි කියන්න ගියේ කියලා.
ඒත් මේ වගේ රණ්ඩු වලට පරාද වෙන්න පුළුවන්ද?

ඉතින් ඉස්සරහාම බලාගෙන ඩ්‍රයිව් කරන ගමන් හිටපු එයාගේ වම් අතේ උරහිසට පොඩ්ඩක් පහලින් අත් දෙකෙන්ම අල්ලගෙන මගේ ඉස්සරහා දත් හතරෙන් තදට හපලා දැම්මා.

අහසක් යට මුහුදක් | BL SINHALA NOVEL | ✔Where stories live. Discover now