08 කොටස

67 9 52
                                    

අර දෙව් කාරයගෙ විකාර වැඩ අමතක කරන්න මම ඊයෙ රෑ නිදිමරාගෙන පුදුම ගේමක් දුන්නෙ..ඒ මදිවට ස්කොලෙ ගිහිල්ලත් මට ඒ යකාව මතක් වෙනවා...අද ආවදෙන්කො ඕකා දෙකෙන් එකක් බෙරගන්න..මගුල කියන මගුලක් කියපන්කො ඈත තියන්..ආවා ලගට හු#ත...අතෙ දුරින් තියාගන්න ඕන ඕකාව..

මම හිටියෙ දහම් පාසලෙ බන ශාලාවෙ..ලමයි භාගයක් විතර ඇවිල්ලා..අනික් උන් තාම නෑ...දෙව්ට අද ක්ලාස් කිවනෙ..ක්ලාස් ඉවර වෙලා එයි...අකෙත්‍යා අද ක්ලාස් ගිහින් නෑ..පැහැසි නම් මම යන ක්ලාස් වලටමයි යන්නෙ..අපිට අද කොහොමත් ක්ලාස් නෑ..පැහැසි පැත්තකට වෙලා සිංහ සීවලිගෙ දෙබස් පුරුදු වෙනවා..ආකෙත්‍යා හිටියෙ පුටුවක වාඩි වෙලා ෆොන් එක ඔබ ඔබ...ඇබ්බැහි වෙලා මුන් ෆොන් වලට..

කියාරයා අද නැති නිසා මම හිටියෙ පට්ට කම්මැලිකමෙ..කතා කරන්නවත් එකෙක් නෑනෙ..මම බන ශාලාවෙ බිම වාඩි වෙලා එලියෙන් අහුලන් ආව තිරිවානා ගල් දෙකක් උඩ දදා හිටියෙ...අකෙත්‍යා කොහෙදො ඉදන් එක පාරට ඇවිල්ලා මගෙ ඉස්සරහින් ඉදගත්තා..

" හයිම් බොක්ක.."

දහම් පාසලුයි එක එක මගුලුයි නිසා අකේත්‍යයි පැහැසි මට ටිකක් සෙට් උනා..අර මම කියන්නෙ හැම කෙල්ලම එක වගෙ කියලා..මට වෙලාවකට හිතෙනවා අන්න ඒ වර්ගෙට මුන් දෙන්නා අයිති නැද්ද කියලා..මුන් දෙන්නගෙ හිතෙ එකයි කටෙ එකයි නැ..විශේශයෙන් අකේත්‍යාගෙ...මම ආසයි ඒකට..අනික මොනා උනත් මම දෙව් කියාර කියන්නෙ ඇහැට කනට පේන කොල්ලො තුන්දෙනෙක්නෙ..එත් මුන් දෙන්නට එවා අදාල නෑ..වෙන කෙල්ලො එහෙම නම් එනවනෙ අනෙ පනෙ ගාගෙන..එත් මුන් දෙන්නා අපිව තබ සතෙකට මායිම් කරන්නැ..උන් දෙන්නම තනිකඩයි..අපිත් තනිකඩයි..උනන්දු උනා නම් අපිට තිබ්බා පවුලක් පන්සලක් වෙන්න..ඒ උනාට අකේත්‍යා කියන්නෙ අපි එකිගෙ සහොදරයො වගෙ කියලනෙ...

" දෙව් තාම නෑ නේද.."

" එකනෙ අද ක්ලාස් කිවනෙ.."

" මොකද උබ දෙව් කිවාම රතු වෙන්නෙ..."

" ක...කවුද මේ මම...කුනුහර්පනෙ කතා කරන්නෙ..."

මම ඉක්මනට කම්මුල් දෙක අල්ලගත්තෙ කිවත් වගෙ රතු වෙලාද දන්නැ කියලා..අපෙ අම්මගෙ දායාද් වශයෙන් මම සුදුයි..සුදු කියන්නෙ ඔය පිටරටවල් වල ඉන්න උන් වගෙ නෙවෙ සාමාන්‍ය ලංකාවෙ අයට සාපෙක්ශව මම සුදුයි..එතකොට මම පොඩ්ඩක් හරිරතු උනොත් ඒක හොදට පෙනවා..එත් දැන් මම මොකටද රතු වෙන්නෙ...මෙකිගෙත් බොරුද කොහෙද...

|| සුදු සේද ||Yizhan||Where stories live. Discover now