09 කොටස

62 9 96
                                    

සතියක් එකදිගට ගෙවිලා ගියා.. යකො මට හුස්ම ගන්නවත් වෙලාවක් නෑ...ස්කොලෙ යනවා ක්ලාස් යනවා පන්සලට ප්‍රැක්ටිස් යනවා එනවා පාඩම් කරනවා දෙව්ගෙ විකාර අහන් ඉන්නවා නිදාගන්නවා..එක දිගට සතියක් මම කරෙ ඔන්න ඔවා විතරයි...යන්තම් අදින් පන්සලෙ උත්සවෙ ඉවරයි. ඊට පස්සෙ දහම් පාසල් ගමනත් ඉවරයි..නෑ ඉවරයි නෙවෙ ආයෙ එලෙවල් ඉවර වෙනකල් දහම් පාසල් එන්න ඔන්නැ කියලා ලොකු හාමුදුරුවො කිවා..එක්සෑම් එකට තව මාස දෙකක් විතර තියෙන්නෙ..

අනෙ දෙව්ලගෙ අම්මෙ මට බයයි..ෆෙල් නම් වෙන්නැ ඒ උනාට බයයි...කමක් නෑ සහභාගිවීමත් වැදගත් කියලා පැහැසි කිවා..බලන් යනකොට එකි මම වගේම තමා..එකි නම් පාඩම් කරන්නෙත් නැද්ද මන්දා..මේ සතිය ඇතුලත මම අකී පැහැසි දෙව් කියාර එකටමයි හිටියේ...අර ඔක්කොම කෙල්ලො එකයි කියන සීන් එකෙන් අකී පැහැසි දෙන්න අයින් කරන්න මම තීරණය කරා..මට මීට කලින් කෙල්ලො යාලුවො විදිහට ආශ්‍රය කරලා නෑ..හැබැයි දෙව් නිසා මට අකී පැහැසි දෙන්නා සෙට් උනා...උන් දෙන්නාගෙනුත් පැහැසි මට හොදටම සෙට් උනෙ එකිත් කොමස් කරපු නිසා..කතා කරලා වැඩක් නෑ උන් දෙන්නම ට්‍රැක් චරිත...

අකී බයිසෙක්ශුවල්..එකී එක්ක වචන දහයක් කතා කරොත් වචන නවයකම තියෙන්නේ මට කෙල්ලක් සෙට් කරලා දීපන් කියන එක....ආයෙ ටිකකින් මට කොල්ලෙක් සෙට් කරලා දීපන් කියනවා..එතකොට පැහැසි ගැන කිවොත් එකීට ඕන උනෙ තායිලන්ඩ් වල ඉන්න කවුද බොස් කියලා කොල්ලෙක්..එකී හැම දවසකම මගෙනුයි දෙව්ගෙනුයි ඒ බොස් කියන කොල්ලා ඉල්ලලා නහයෙන් අඩනවා..මං අහන්නෙ ඔක්කොම කෙල්ලො මෙහෙමද...

මම පන්සලට අඩිය තියනකොට පන්සලෙ හෙන භීශනෙ...සුදු ඇදගත්තු ගොඩාක් අය එහෙ මෙහෙ දුව දුව පන්සල අමදිනවා, බන ශාලාව සරසනවා, පොඩි ඇච්චො ටිකක් මල් මාලා හදනවා, ඈතින් පෙනවා කියාරයා මයික් එකක් උස්සන් සවුන්ඩ්ස් චෙක් කරනවා..

" ආශිංශ පුතා ඉස්සෙල්ලම තියෙන්නේ සිංහබාහු නාට්‍ය..අන්න අර කට්ටිය ලෑස්ති වෙනවා. ඔයත් ඉක්මනට යන්න...ආහ් අම්මා එනවා කිවද පුතා..."

" ඔව් නැන්දෙ අම්මා එනවා කිවා..මම ඉක්මනට ලෑස්ති වෙන්නම්.."

අද දහම් පාසලෙ උතස්වෙ අපෙ හාමුදුරුවනෙ..මහ ලොකුවට රගපාන්න ගියාට මෙතන එහෙ මෙහෙ යන සෙනග දැක්කාම මගෙ කකුල් වෙව්ලනවා..දෙව්ලගෙ අම්මා ඇවිල්ලා සිංහබාහු නාට්‍යට ලෑස්ති වෙන්න කිව නිසා මම පන්සලෙ වෙනම තිබ්බ කාමරෙ පැත්තට බෑග් දෙකකුත් උස්සන් දිව්වෙ කට්ටිය ලෑස්ති වෙන්නෙ එතන නිසා..

|| සුදු සේද ||Yizhan||Where stories live. Discover now