Chapter 59

455 110 72
                                    

ඊයේ ගෙමිදුව හම්බෙලා මම අපාර්ට්මන්ට් එකට ඇවිත් සෑහෙන වෙලා කල්පනා කරා.. අවුරුදු ගානකට පස්සේ ඌත් මාත් ගොඩක් දේවල් කතා කරා.. ඒ කතා කරපු දේවල් අස්සේ වැඩිපුරම තිබ්බේ 'ඇයි එහෙම කරේ' කියන එක.. හැබැයි උගේ වචන වල මට ගොඩක්ම දැනුනේ මම ආත්මාර්ථකාමී කියන එක.. මගේ වටේ ඉන්න කී දෙනෙක් මං ගැන එහෙම හිතාගෙන ඉන්නවද දන්නෑ.. ඒත් මට ඒක ප්‍රශ්නෙකුත් නෑ.. මන් ගැන ඔහොම නෙවේ කොහොම හිතුවත් මම මමයි.. ඒක පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නෑ..

මම ගොඩක්ම බය උනේ ඉදුවරගේ ප්‍රශ්ණේ ගැන.. ඒක උට කොහෙන් ආරංචි උනාද කියලා මම තාමත්  දන්නෑ.. ඒත් ඌ තාම හරි සිද්දිය දන්නේත් නෑ.. ඌ නිසා මට ප්‍රශ්නයක් උනා කියන එක උගේ කනට කොහෙන් ආවද කියලා හොයන්න විදිහකුත් නෑ.. මොකද මම ඒක දැන් හාරා අවුස්ස ගත්තොත් හරිම සිද්දිය ලීක් වෙන්න තියන ඉඩකඩ වැඩී.. මට අනුව ඒ කතාව මං එක්කම පොළවට පස් වෙලා යන්න ඕනි රහසක්... තවත් ඒක ඇදලා අරන් අලුත් සීන් එකක් මවන්න මට උවමනා නෑ..

ටේබල් එක උඩ තිබ්බ ඊසල් එක දිගේ මම අත යැව්වා.. තාත්තා මට දීලා ගිය එකම දේ.. මන් තාමත් පාවිච්චි කරන්නේ නැතුව පරිස්සම් කරනවා.. මට ලෝබයි ඒක අල්ලන් ඉන්නත්.. මට හිතෙනවා ඇල්ලුවොත් ගෙවෙයි කියලා.. තාත්තා මගේ ජීවිතේට ඇවිත් ගියපු දවසේ ඉදන් අද වෙනකම් එයාව අමතක වුනු රැයක් නෑ.. මොකද එහෙම කෙනෙක් මට ඉන්නවා කියන එකත් මගේ ජිවිතේ නොහිතපු ෆේයරි ටේල් එකක් වගේ.. මට අදටත් මතකයි එයා මගේ චුටි කාලේ හීනවලට බොදවෙච්ච රූපයක් අරන් හැමදාම එනවා.. ඒත් දැන් එන්නේ හරිම පැහැදිලි රූපෙකින්.. එයා මගේ හීනවලට ඇවිත් අර දුක හිතෙන අසරණ මූණෙන් මගෙන් සමාව ගන්නවා.. මම එතකොට එයාගේ අතින් අල්ලනවා.. එයා මගේ අත අයින් කරලා ගොඩාක් ඈතට ඇවිදගෙන යනවා.. මට එයාට නවතින්න කියලා කෑ ගහන්න ගියත් මට වචනයක් කියාගන්න බැරි වෙන්න කට ලොක් වෙනවා.. මම එතකොට අමාරුවෙන් කතා කරන්න ගිහින් කෑ ගහගෙන රෑ මැද්දේ නැගිටිනවා.. ඇත්තටම තාත්තා යන්න ගියේ මගේ නින්දයි සැනසීමයි දෙකම අරන්.. එක වෙලාවකට හිතෙනවා තාත්තා මගේ ජිවිතේට නාවනම් මේ දේවල් මීට වඩා වෙනස් වෙන්න තිබ්බා කියලා.. එහෙනම් මම මෙහෙම අසනීප වෙන්නෑ.. මට කල්පනා කරලා හිත රිද්දගන්න හේතු නෑ.. රෑ මැද බය වෙලා ඇහැරෙන්නෙත් නෑ..

SITHTHARA Where stories live. Discover now