Chapter 61

449 100 44
                                    

මම කැබ් එකේ ගෙදර එනගමනුත් කල්පනා කරේ හෙට ඉවෙන්ට් එකට යනවද නැද්ද කියලා.. කොහොමත් මට යන්න බෑ.. මෙහෙ ඇවිල්ල ඉන්න එකත් මට රිස්ක් එකක්.. අපරාදේ මුලින්ම මට මේ සම්බන්ධව නිපුල් එක්ක කතා කරන්න තිබ්බේ.. එහෙනම් මේ ප්‍රශ්නේ මෙච්චර දුර දිග යන්න නෑ.. පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් කාලෙකට කලින් හැමදේම එකට තියලා අනාගෙන තියෙන්නේ මම.. ඒ උනාට ඒ කාලේ හැටියට මම හිටිය මානසිකත්වයයි, මගේ තේරුම් ගැනීමේ හැකියාවයි එක්ක මට ඊට වඩා දෙයක් කරගන්න බෑ.. මොකද මමත් පොඩි කොල්ලෙක්.. ජිවිතේ ගැන ඉගන ගන්න ගමන් හිටියේ.. ඒ නිසා හදිසි තීරණ නිසා මේ වෙන දේවල් මට එක අතකට පුදුමෙකුත් නෙවේ..

මම කැබ් එකේ ග්ලාස් එකෙන් පේන අහස දිහා බලාගෙන ආවා.. අදනම් ටිකක් වහින්නත් වගේ.. ඉස්සරට වඩා පාරවල් ගොඩක් දියුණු වෙලා.. අඩියෙන් අඩියට බිල්ඩින් ගොඩ ගැහිලා.. ඒ දවස් වල මේ පාරවල් අයිනේ හෙවන දෙන්න තිබ්බ ගස් දෙක තුනත් පෙල්ලලා දාලා.. අපි ඇවිදපු පේමන්ට්, පාරවල්, ෂෝර්ට් කට් ඔක්කොම වගේ වැහිලා ගිහින්.. සමහරක් කඩවල් පේන්නවත් නෑ.. මට දැන් මෙහේ වැඩිය හුරුත් නෑ.. හැමදේම අලුත් වගේ.. මේ විදිහට හැමදේම වෙනස් වෙන්න ගත්තොත් සුන්දර මතක කාලයත් එක්ක මිනිස්සුන්ට අමතක වෙයි..

මේ පාරවල් දැක්කම මටත් වෙන්නේ මට ඉස්සර හිටිය යාළුවො ටික.. මම, පවිරු, මඩයා, ගෙම්බා අපි හැමෝම දැන් ලස්සන අතීතයක් විතරයි.. ඉස්සර අපි පව්ලක් වගේ හිටියේ.. ඒක්කනාට එක්කනා උදව් කරගන්න ගමන් අපේම කියලා කම්ෆර්ට් සෝන් එකක් හදාගෙන තිබ්බේ.. මට වැඩිපුරම දැනුන යාළුවෝ හම්බුනේ කැම්පස් එකෙන්.. අපේ කිසිම සමාන කමක් තිබ්බේ නෑ.. හතර දෙනා හතර විදිහක්.. සමහරක් විට ඒක වෙන්න ඕනි අපි ඔක්කොම එකට බැදිලා තියෙන්න හේතුව.. හැමදේකදිම අපිව ගයිඩ් කරේ පවිරුවා.. ඌ තමා ඒ දවස් වල අපිට හිටිය මොලකාරයා.. කවදාවත් අපිට වැරැද්දක් කරන්න ඉඩක් තිබ්බේ නෑ.. එතකොට මඩයා, කිසිම ලෝබ කමක් නැතුව බොක්ක උනත් ඉල්ලුවම ගලවලා දෙනවා.. හැමෝගෙම පොඩි එකා ගෙමිදුවා.. මට තාමත් මතකයි අපි උට කතා කරන විදිහේ ඉදලා හැමදේම එකින් එක කියලා දුන්න හැටි.. ඌ වෙනස් වෙනවා ඇස් වලින් බලාගෙන සතුටු උන හැටි.. එතකොට මම? ඒ හැමෝටම සතියකට විසදන්න ප්‍රශ්න උස්සන් ඇවිත් හැමදේම අවුල් කරලා දාලා චිල් එකේමයි හිටියේ.. 

SITHTHARA Where stories live. Discover now