Chapter 62

330 82 56
                                    

"ඔයා පාට පිරුණු ලෝකයක් වගේ.. හරියට කහපාට වගේ දීප්තිමත්.. සුදුපාට තරම් පිරිසිදුයි.. තැඹිලි පාට වගේ සෙල්ලංකාරයි.. මගේ අවර්ණ ජිවිතේට පායපු තාවකාලික දේදුන්නක් වගේ..
කවදාවත් අමතක කරන්න එපා, මේ අහස පොළව ඔයා මම අහම්බයක් නෙවේ පෘථිවි!!!"

මම අවුරුදු ගානක් පරණ ලියුම කියවන එක නවත්තලා ඒක දෙකට තුනට නවලා වුඩ්න් බොක්ස් එකකට දාලා ලොක් එක දැම්මා.. ඊට පස්සේ බොක්ස් එක අරන් පරිස්සමෙන් ඩ්‍රෝවර් එක අස්සට දාලා වැහුවා.. කාලෙකට සැරයක් මම මේ ලියුම එලියට ඇදලා කියවනවා.. සමහරක් වෙලාවට දුක හිතුනම අරගෙන කියවලා දුක ඩබල් කරගන්නවා.. ඒක හරි ලස්සන ලිවුමක්.. ඒකේ මොනවා ලියලා තිබ්බත්, කොච්චර පේන්ෆුල් උනත් මන් තාමත් මාර විදිහට ඒක පරිස්සම් කරන්නේ..

මම ඊටපස්සේ අතට ගත්තේ මගේ ජිවිතේ වටිනම දේ.. රෝස් ගෝල්ඩ් චේන් එක.. මම පරිස්සමට පින්සලක් හැඩේට තිබුණ පෙන්ඩන්ට් එක දිගේ ඇගිලි තුඩු යැව්වා.. මේක අල්ලද්දි මට ගෙවිලා යයි කියලා බයයි.. එහෙම වෙන්නෑ ඒත් මට හිතෙනවා.. ගොඩක් වෙලාවට මම ඒක දිහා බලන් පැය ගණන් කල්පනා කරනවා..

මම චේන් එක අරන් බෙල්ලට දා ගත්තා.. මේක බෙල්ලේ තියන තාක් දැනෙන්නේ මොකක් හරි හේතුවකට මම සම්පුර්ණයි කියලා..

මම බෙඩ් එකට පැනලා කකුල් දෙක දිගෑරලා වැතිරුනා.. නිපුල් කියපු දේවල් ඔලුව ඇතුලේ දෝංකාර දෙනවා වගේ.. මට අමුතු මහන්සියක් දැනෙනවා.. වෙලාවකට හිතෙනවා මේ හැමදේම දමලා ගහලා පැනලා යන්න.. තව වෙලාවකට හිතෙනවා හැමදේම ඉවසලා ඉන්න..

එහෙමත් නැත්තං මට ඕනි කවුරුත් නැති හිස් බිමක තනිවෙන්න.. හැබැයි එහෙ සත්තු ගොඩාක් ඉන්න ඕනි.. මිනිස්සු ඉන්න බෑ.. උදේට රෑට කුරුල්ලෝ, ලේන්නු වගේ චුටී චුටී සත්තු විතරක් කෑ ගහන්න ඕනි.. මිනිස් හුස්මක්වත් වදින්න බෑ.. මට ඕනි ඒ තැනට වෙලා වතුර ගලාගෙන යන සද්ද අතරින් තණ බිස්සක දිගා වෙලා අහස දිහා බලන් ඉන්න.. තරු ගොඩාක් මැද පායපු හද දිහා බලන් ඉන්න.. වලාකුළු අස්සෙ පියාඹන උකුස්සෝ බලන් ඉන්න.. සිතුවිල්ලකින්වත් බාදාවක් නැති ලෝකෙක තනිවෙන්න.. මට හිතෙනවා සැනසීම කියන දේ එතන ඇති කියලා.. සැනසීම නැතිනම් අවම වශයෙන් නිදහසවත්..

SITHTHARA Where stories live. Discover now