Chapter 63

454 107 61
                                    


"ආයිෂ් මේ ලබ්බේ ලංකාවේ වැස්සකට කැබ් එකක් වැඩ කරන්නේ නැද්ද?"

මම දාන දාන කැබ් එක කැන්සල් වෙච්ච නිසා මෝල් එකේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට වෙලා පිස්සෙක් වගේ බඩු ගොඩත් උස්සන් එහාටයි මෙහාටයි ඇවිද්දා.. ඒ අස්සේ පාර පේන්නේ නැති තරමට වැස්ස.. හෙන ගහනවා වගේ අකුණු ගහනවා.. නිපුල්ට කෝල්ස් ගත්තත් ඌ එකක්වත් ආන්සර් කරේ නෑ.. වෙන වෙලාවකනම් බලන්න එපැයි මැරෙන්න හදන හැටි එන්නැද්ද ගගා.. නිදි ඇති තඩි පගයා පස්සත් උඩ දාගෙන..

තද වැස්ස නිසා මෝල් එකෙන් එලියේ තිබ්බ තිබ්බ පොඩි කොෆි ෂොප්ස් ඔක්කොම කොලෝස් කරන ගමන් තිබ්බේ.. මන් වගේම තව දෙතුන් දෙනෙක් එලියට වෙලා ෆෝන්ස් අරන් පාර දිහා බලන් ඉන්න අතරේ දැම්ම යන්න වෙන්නෑ කියලා තේරුණ පිරිස මෝල් එක ඇතුලේ තිබ්බ ෂොප්ස් වලට වෙලා ඉදගෙන හිටියේ..

මම කැබ් කාරයෝ ඔක්කොටම හිතින් සාප කරන ගමන් බෑග්ස් දෙක උස්සන් ඇතුලට යන්න හැරෙනවා එක්කම කාගේහරි පපුවක හැප්පිලා නැවතුනා.. උඩ බලාගෙන යනවට හොද වැඩේ මට.. මම ඉතින් සොරි කියාගෙන අඩියක් පස්සට පැන්නා..

oopsss!!! මෙයා කොහොමද බේරුණේ?

"ගොඩාක් ස්තූතීයි මිස්ටර් සිත්රුක.. මේ පිගී ටැග් එක හරිම ලස්සනයි.. ඒත් මේක මට ඔයා දුන්න විදිහනේ වැරදි"

එයා අර කී ටැග් එක මගේ මූණ ඉස්සරහට දික් කරලා වනනකොට මම ලැජ්ජාවෙන් අහක බලාගත්තා.. හිතලා කරේ නෑනේ ඉතින්.. ඕවා ඔහොම තමා.. ටිකක් ඩාම් වෙනවා ඩූම් වෙනවා..

"ක්හ්ම්ඃ මාර වැඩේ නේද?"

මම වටපිට බලන ගමන් මුකුත් දන්නෑ වගේ හැසිරෙනකොට එයා ඇස් දෙක හීනී කරන් අත් දෙක පපුවට බැදගත්තා.. ඊට පස්සේ මන් දිහා 'දෙනවා දෙකක් රත් වෙන්න' වගේ බැල්මක් දැම්මා..

මන් තේරෙනවා ලගදීම මම මෙයාගෙන් හොදවයින් ඉල්ලන් කනවා කියලා..

"ඒකනේ... මාර වැඩේ නේද. මෙහෙමද පෘථිවි උදව්වක් කරන්න ආව මනුස්සයෙක්ට සලකන්නේ?" ඉස්සර වගේමයි පොඩ්ඩක් වත් වෙනස් නෑ..'

අන්තිම ටික ඇහෙන නොඇහෙන ගානට මුමුණලා එයා අර පිගී කී ටැග් එක එයාගේ පොකට් එකට දාගත්තා.. පොඩ්ඩක් ඉන්න පෘථිවි? කමක්නෑ ඒත් මමනේ... ඇත්තටම මම මේ මනුස්සයගේ ඉවසීම පරීක්ෂා කරන එක වහාම නවත්තන්න ඕනී.. මන් අහලා තියනවා ඕනවට වඩා නටාගෙන ගියපු උන් කැදැත් නැතුව ඔහෙක් වෙලා යනවා කියලා.. මොනවා උනත් මන් ආයෙත් එයාට කිසිම දවසක බලු වැඩක් කරන්නේ නෑ..!!! නෑමයී!!!

SITHTHARA Where stories live. Discover now