Chapter 64

434 106 60
                                    

"මන් ඕක දාන්නම්"

"නෑ මට පුළුවන්"

"පොඩ්ඩක් ඉන්න ඉතින් නැමෙන්න බෑනේ"

"මට පුළුවන් කිව්වනේ- ආව්වා!!!"

"ඒක තමා දාන්නම් කිව්වේ පණ්ඩිත වැඩීනේ"

ගවේෂ් අයියා- ඔව් අයියා කියමුකෝ.... මගේ කකුල ඇදලා අරන් බෙඩ් එක ලග දණගහගෙන මගේ ෂූස් දෙක දැම්මා.. මාත් මොකාද එකා වගේ උඩ බලාගෙන හිටියා.. අර කිව්ව බැක් පේන් එක ඇත්තටම ඇවිල්ලා.. නිපුල්ගේ කට තමා කට..

ඒ මොනවත් නෙවේ මට දැන් ඉක්මනට අපාර්ට්මන්ට් එකට යන්න ඕනී!!!! මට තවත් මෙතන ඉන්න බෑ!!!!

"ෆිට් පර්ෆෙක්ට්.. නයිස් ෂූස්.. යූ නෝ වට්? හොද සපත්තු අපිව හොද තැන් වලට එක්කන් යනවා"

යැයි යැයි තමා...

එයා ෂූස් දෙක අල්ලලා ලේස් දෙකත් ගැට ගැහුවා.. ඊටපස්සේ ටික වෙලාවක් දණගහගෙන මන් දිහා බලන් ඉදලා බෙඩ් එක දෙපැත්තේ තිබ්බ මගෙ අත් දෙක එක මිටකට අල්ලගත්තා.. උඩ බලන් හිටිය මගේ ඇස් දෙක පල්ලම් බැහැලා ඇවිත් එයා දිහා බලාගත්තා.. දැන් ඉතින් හොද දේශනාවක් පටන් ගන්න වගේ යන්නේ..

"මො-කද?"

"අහන්න පෘථිවි ඊයේ රෑ-"

"ඒක මිස්ටේක්-"

"කටවහන් අහන් ඉන්නවා!!!"

එකපාරටම එයාගේ ටෝන් එකයි සවුන්ඩ් එකයි වෙනස් වෙනකොට මගේ කටින් එලියට දාන්න ගිය දේවල් ටික මම එහෙම්ම් ගිල ගත්තා.. මේ මිනිහට මොන යකා වැහුනද?

"කෑ ගහන්නේ?"

"කෑ ගැස්සෙන ගොන් කතා කියන් එන්නෙපා.. මෙච්චර දෙයක් වෙලත් ඒකත් මිස්ටේක් එකක්ද තමුන්ට ආ?"

"මොක්-"

"ෂ්ෂ්..... මන් කතා කරන්න තාම චාන්ස් එක දුන්නේ නෑනේ.. තමුන්ට ඕනවට වඩා හොද වෙන්න ගියාම තමා මෙහෙම නටන්නේ.. අද ඉදන් ඔක්කොම සෙල්ලම් ඉවරයි තමුසෙගේ"

මම ඔලුවත් දෙපැත්තට ගසලා බැලුවේ මේක හීනයක්ද බලන්න.. මෙයා මට තර්ජනේ කරනවද?
මේ පෘථිවිට????

"ඔලුව හොල්ලන්නේ නැතුව අහන් ඉන්නවා.. තමුසේ එදත් කරේ මාව යූස් කරපු එක අදත් කරේ මාව යූස් කරපු එක.. එහෙම නේද? මාත් පොඩි එකානේ කියලා කටවහන් හිටියා.. අන්තිමට මොකද උනේ? හොයාගන්නවත් බැරි වෙන්න අතුරුදහන් උනා..
ඒ දවස් වල මම බලන් හිටියේ ටයිම් එකත් එක්ක ඔයා හීල් වෙනකම්.. මන් කරපු දේට මට සමාව දෙනකම්.. ඒත් ඔයා මොකක්ද කරේ පෘථිවි? ප්‍රශ්නයක් උන වෙලාවේ ඒ ගැන කතා කරන්නෙවත් නැතුව පැනලා ගියා..
මමත් මිනිහෙක් පෘථිවි.. මගෙත් සීමාවක් තියෙනවා.. මම තමුසේ ඔය උඩ දාගෙන අනන මැටි වලින් හැදුන මිනිහෙක් නෙවේ.. මෙච්චර කාලයක් හරි ඉවසුවේ මන් තමුසෙගේ තරම දන්න නිසා.. මන් තේරුම් අරගත්තා තමුසේ වගේ හැගීම් දැනීම් හරියට තේරුම් බේරුම් කරගන්න බැරි එකෙක්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කියලා.. තමුසෙගේ කන්වකේෂන් ඉවර වෙනකම් මං බලාගෙන හිටියේ ආයෙත් තමුසෙව හම්බෙලා මේ හැමදේම හරිගස්සන්න.. ඒත් ඇවිල්ලා බලනකොට තමුසේ කොහෙවත් නෑ.. ඇයි මට එහෙම කරේ? මාව නිකන් මොකෙක් වගේද පේන්නේ පෘථිවි? ඇයි තමුසේ ප්‍රශ්න මෙච්චර කම්ප්ලිකේටඩ් කරන් නටන්නේ? තමුසේ නිකමට හිතලා බැලුවද මේ ගෙවිච්ච කාලේ මම කොහොමද ගෙවාගත්තේ කියලා? ඇයි මගේ ඉවසීම මෙච්චර පරික්ෂා කරන්නේ? "

SITHTHARA Where stories live. Discover now