Chapter 65

443 101 53
                                    

බැල්කනියට වෙලා සිගරට් එකක් ඇදලා දුම් වලාවක් පිට කරපු මඩයා මටත් සිගරට් එක දික් කරාම මාත් එකෙන් ෂොට් එකක් අරන් දුමක් පිට කරා.. එක්සිබිෂන් එක ඉවරයි.. දැන් වෙලාව පාන්දර එකයි.. මම දක්ෂිව කැබ් එක්ක දාලා ගෙදර යවලා මූවත් එක්කගෙන මගේ අපාර්ට්මන්ට් එකට ආවා.. ඒත් තාමත් හරියට අපි කතා කරේ නෑ.. ඌ ඉන්නේ ෂොක් වෙලා මම ඉන්නේ නවර්ස් වෙලා..

"උබ කොහෙද බං මෙච්චර කල් හිටියේ? අපි උබව හෙව්වා බං.. උබ කවද්ද මෙහෙ ආවේ? ඇයි උබ ගියේ? මොකක්ද බං උබට උනේ?"

සෑහෙන වෙලාවක් ඈත තියෙන බිල්ඩින්ස් දිහා බලාගෙන හිටිය මඩයා උගේ හිතේ තියන හැම ප්‍රශ්නයක්ම එලියට දානකොට මම හොද හුස්මක් අරන් පිට කරා.. ඊට පස්සේ එකම ස්ටෝරි එක දෙවනි පාරටත් ගෙමිදුවට කිව්ව වගේ මඩයටත් රිපීට් කරා.. මම 'කොහෙද හිටියේ, කාත් එක්කට හිටියේ, ඇයි ආවේ සහ දැන් මොකද කරන්නේ' කියන එකේ ඉදලා ඩීටේල්ස් වයිස් ඔක්කොම කියලා දැම්මා..

"ඒ කියන්නේ උබ ඉන්නේ ගවේෂ් අයියා ලග?"

"නෑ ලග නෙවේ ඒ කම්පැනි එකේ"

මම ෂර්ට් එකේ බට්න්ස් පන්නන ගමන් බැල්කනි සෝෆා එකේ ගිහින් වැතිරුනා.. මඩයා ඈත පේන බිල්ඩින්ග්ස් දිහා බලාගෙන තවපාරක් සිගරට් එක ඇදලා දුමක් දාලා මගෙ පැත්තට හැරිලා බැල්කනි ග්ලාස් වැටට හේත්තු උනා..

උගේ පෙනුමෙත් සෑහෙන ලොකු වෙනසක් තියෙනවා.. අර ඉස්සර තිබ්බ සෙල්ලම්කාර ගතිය නැති වෙලා අමුතුම මැචුවර් ලුක් එකක් තියෙන්නේ.. ඌ මේ විදිහට වෙනස් වෙනවා ඇස් දෙකෙන් දැක්කේ නැති නිසා මට දකිද්දිත් අමුතුයි වගේ..

"එතකොට උබලා අතරේ එෆෙයාර් එකක් නෑ?"

"නෑ"

"ප්ෆූ...!! බලාගෙන හිටපං උබම ගිහින් ඌව ඇදට නග්ගගයි"

නග්ගං ඉවරයි

"පල පල"

"ඇත්තටම උබලා තාමත් පොඩි ළමයි වගේ බං.. මෙච්චර මේ සරල දේවල් ලොකු කරගෙන ඇයි බං දෙපැත්තට වෙලා මෙහෙම විදවන්නේ? අර මනුස්සයා උබ නැතුව කොච්චර විදවන්ඩ ඇතිද? උබ ගානක්වත් නැද්ද බං?"

"මට ඕවට උත්තර දෙන්න තේරේන්නෑ බං.. උබලා හරි හමන් දෙයක් නොදැන මෙහෙම කතා කරන එකත් එක අතකට සාදාරණයි"

SITHTHARA Where stories live. Discover now