Chapter 66

395 103 65
                                    

"අනේ පුතුවි අන්තල් ඇහෙන්නේ නැද්ද අප්පා තී පාලක් තතා කලාද?"

කන අස්සේ මිණි කිංකිණි බොම්බයක් පුපුරලා ගිය නිසා මම ගැස්සිලා පියවි සිහියට ආවා.. මුගේ ආච්චිට-

"ටේබල් එක උඩ නැග්ගේ කොහොමද? මේ ළමයනම්- කෝ මේ දක්ෂි?"

"දත්ති අයියා සූ කලන්න ගියා"

අම්මපා මේ කිරිසප්පයෙක් කැබින් එකක් අස්සේ දාගෙන මම විදින දුකක්!!! එහෙ බලලා මෙහෙ බලනකොට මහා විනාසයක්!!!

මම මූණත් බෙරි කරගෙන ගොවින්දව ටේබල් එක දිගේ ඇදලා අරන් ඔඩක්කුවට වට්ට ගත්තා..  කොහොම නැග්ගද දන්නෑ.. ග්ලාස් එකට නිකමට හරි කැපුනනම් සැගා අයියා මාව කපයි දෙකට.. පුළුන් රොදක් වගේ මූ කන්නේ නැද්ද දන්නෑ..

"හී...... ඔයත් අපේ අප්පා වගේනේ... අප්පා කල්පනා තලනොකොත මෙලෝ තීයක් නෑ.. ඔයේ බලාදෙන ඉන්නවා.. දවේස් තාත්තිත් ඒමයි... උද බලාදෙන පුදි ළමයෙක් වදේ අදනවා"

"අඩනවා?"

මගේ වැඩ නිසා ගවේෂ් තාත්තට ඇඩුනේ නැත්තං තමා පුදුමේ පුතේ.. අඩන්න හරි ඔයාට ගවේෂ් තාත්තා කෙනෙක් ඉතුරු උනේ මන් එහෙම හරි දුක දුන්න නිසා.. ඒත් ඇයි මගේ පපුව රිදෙන්නේ? මේ මනුස්සයා ඇත්තටම අඩනවද? හරි ඉතින් ඉස්සර මාත් ඇඩුවනේ... අඩපුදෙන් අඩපුදෙන් මන් විතරක් අඩන්න ඕන්නෑනේ..
ආර්ර් ගවේෂ් අයියේ!!!!

"ඔව් දවේස් තාත්ති අලීයට අඩනවා"

ඒ අස්සේ ගෝවින්දා බාගෙට වැවිලා තියන මගේ රැව්ලා අල්ලන්න ගත්තා.. ඒත් අර කැපෙන ගතිය නිසාද කොහෙද ඩයල් එක ටග්ගාලා අත අරන් ටේබල් එකේ තිබ්බ පැස්ටල් බොක්ස් එකෙන් කූරක් අතට ගත්තා.. මූ මාවත් පාට කරන සයිස් එකක් තියෙන්නේ..

"ඇයි ඉතින් ඔයාගේ ගවේෂ් තාත්ති අඩන්නේ?"

"අපේ අප්පා තිව්වා දවේත් තාත්තිගේ හිත පොල් බූලූවෙක් සිද්දලා නිතාලු"

"පොල්- ක්හ්ම්.. තව මොනාද පුතේ ඔයාගේ අප්පා කිව්වේ?"

අහු උනොත් පලනවා ඔලුව සැගාගේ.. යකෝ මං පොල් බූරුවෙක්ද? මේවා එසේ මේසේ අපහාස නෙවේ!!!

මම ගෝවින්දව උකුලේ හොදට තියලා අජස්ට් කරගත්තා.. කවුරුත් නැති වෙලේ ඩයල් එකගෙන් අද හොද කේලම් ටිකක් අහගන්න පුළුවන්... අනික උදේ පාන්දර නරි රැලකට අහුවෙලා පරක්කු වෙලා ඇවිත් චීෆ්ගෙ වෙන්න (හිතාගෙන) ඉන්න වයිෆ්ගෙනුත් කන පිරෙන්න අහගෙන ඔලුවත් කුරුවල් වෙලා ඉන්නේ...

SITHTHARA Where stories live. Discover now