Chapter 67

376 99 50
                                    


"පවිරු.."

කාලෙකින් ඌව දැක්ක නිසා මට දරාගන්න බැරි සැනසීමක් දැනුනා.. ඇත්තටම මට දැනෙන්නේ කාලෙකින් මගේ පව්ල හම්බුනා වගේ.. මේ ෆිලීන් එක විස්තර කරන්න තේරෙන්නෑ.. කතරක අතරමං වෙලා ඉද්දි වතුර හම්බුනත් මේ ෆිලීන් එක ගන්න හම්බෙන්නෑ..

පවිරු ටික වෙලාවක් මන් දිහා බලාන ඉදලා අඩියට දෙකට ඇවිත් මට අත පුරවලා කනේ පාරක් ගැහුවා.. මම මේක කොහොමත් බලාපොරොත්තු උනා.. ගෙමිදු වගේ හුරතල් කරලා අඩලා බදාගන්නෑ.. මඩයා වගේ තප්පරේට දෙකට හැමදේම අමතක කරන්නෑ.. පවිරු කියන්නේ පවිරුට.. මොන සිටුවේෂන් එකක් උනත් දෙකක් ඇරලා දාන්න දෙපාරක් හිතන්නේ නෑ..

මම පුපුරු ගහන කම්බුල අල්ලන් බිම බලාගත්තා.. මට ඇත්තටම උට මුහුණ දෙන්න ලැජ්ජයි.. පුංචි කාලේ ඉදලා එකට හිටිය සහෝදරයා අමතක කරලා මම පැනලා ගියේ.. මගේ හැමදේම කරලා දීලා මාව ඇස් දෙක වගේ රැක්ක මනුස්සයව මම අතෑරලා දැම්මේ.. මගේ ලබ්බේ තීරණ නිසා ගවේෂ් අයියා විතරක් නෙවේ දුක් වින්දේ.. මට එක දෙයක් විශ්වාසයි.. මට මේ මුළු ලෝකෙම නැති උනත් මූ මගේ පස්සෙන් එනවා කියන එක.. ඒත් මන් දුන්න ගින්දරත් එක්ක මුගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ..

"ගෙට වරෙන් උබව එලියේ මරලා හිරේ යන්න බෑ"

මම ෂූස් දෙක පන්නලා පාඩුවේ ඇතුලට ආවා.. මන් ඇස් කරකවලා වටේටම බැලුවා.. ගොඩක් දේවල් වෙනස් වෙලා.. මගේ ඇස් දෙක නැවතුනේ සුදු මල් මාලයක් දාලා තියෙන මීනූ ආච්චි හිනා වෙලා ඉන්න ෆොටෝ එකක් ලග.. පපුව ආයෙත් බර උනා.. ඊට පස්සේ නැවතුනේ තවිරු අයියගේ වෙඩින් ෆොටෝ එක ලග.. මිස් වෙච්ච සුන්දර සිටුවේෂන් එකක්.. ඊට පස්සේ චූටි කෙල්ලෙක් කොට් එක්ක දාලා ඉන්න ෆොටෝ එකක් ලග.. පුංචි කුමාරිකාවක් පවුලට ඇවිත් තියෙන්නේ.. මේ ටික කාලෙට නොසෑහෙන්න දේවල් වෙලා..

"පවිරු මට සමාවෙයන්-"

"ඇයි මොකටද සමාව ඉල්ලන්නේ? මොන වැරැද්දටද පෘථිවි? එකක් නෙවේනේ"

"පවිරු මේ අහපං-"

"ඉදගනින්"

ඌ සෝෆා එකෙන් ඉදගන්නකොට මාත් ගිහිල්ලා උට පොඩ්ඩක් එහායින් ඉදගත්තා.. මොකද මම දන්නවා මේ වෙලාවේ ඌ ඉන්නේ මාරම තරහින් කියලා..

SITHTHARA Where stories live. Discover now