Trailer

105 9 5
                                    

i can make your life living  hell if I wanted  too....  

◇ ◇ ◇ ◇ ◇ ◇ ◇ ◇ ◇ ◇ ◇ ◇ ◇

එක හදවතක් ගොඩක් වෙගයෙන් ගැහෙනවා................

නමුත් ඒ හඩ ඇහුනෙ ඒ හදවතේ අයිතිකාරයාට විතරයි........ මොකද කියනව නම් ඒ හදවත ගැහුනෙ බයෙන් , කලබලෙන් තමන් කරේ වරදක්ද කියන බයෙන් වගේම තමන් දැකපු දේවල් වලට බයෙන් තමන් ඉස්සරහ ඒ උන දේවල් වලට ද‌ුකින් තනිව‌ුන හැගීමකින් , ඒ හදවතේ අයිතිකාරයාගෙ බය නැති කරන්න කවුරුත්ම එයා ලගට ආවෙ නෑ....
කැලෑව ප‌ුරාම එකේක විදියෙ භයානක සද්ද ඇහ‌ුනත් එයා භය වුනෙ ඒ වගේ සද්ද වලට නෙමෙයි........
තමන් කොයි මොහෙතෙ මැරෙයිද කියන බයෙන්.
කැලෑව ඇතුලට අඩි තියන ගමන් එයා දෙවියන් වහන්සේගෙන් අයද‌ියා තමන්ව බේර ගන්න කියලා.........
නම‌ුත්
කව්රුවත් එයා වෙන‌ුවෙන් ආවෙ නෑ.......
කොන්ඩෙ හොදටම අවුල් වෙලා...ඇස් තද රතුපාටයට හැරිලා,
අත් වල හැම තැනම ලේ තමන් ඇදන් හිටිය ඇද‌ුම ප‌ුරාමත් ලේ තැවරිලා.....

එයා ගොඩක් හිතුවා තමන් මේ මොකද්ද කරේ කියලා ඒ වගේම තමන්ට සිද්ද ව‌ුන දේ ඒ භයානක මොහොත මතක් වෙද්දි ඇස් වලින් එක දිගටම කඩන් වැටෙන කද‌ුළු තද කරන් කොල්ලා කැලෑව ඇතුලට ම ඇවිදන් ගියා.....

ඒත් එක්කම වෙඩි සද්දයක් ඇහෙන්න වත් එක්කම කොල්ලගෙ කටින් ඉකියක් පිට උනා එයා ගොඩක් භය උනා.... එයා වේගෙන් දිව්වා.........

එයාට ප‌ුළුවන් තරම් වේගයකින් එයා දිව්වා

" එයාලා මාව මරයි "

කොල්ලාගෙ හිත හයියෙන් එහෙම කිය කිය කෑ ගැහ‌ුවා.....

ඇස්වල කදුළු අළුත් ව‌ෙන්න ගත්තා..... ඇදන් හිටිය ඇද‌ුම් ඇගට ඇලෙන තරමටම එයාට දාඩිය දාලා...

එක පාරටම ඇදේ ඇතිරිලි තද කරන් භයෙන් ඇස් ලොකු කරන් එයා නින්දෙන් ඇහැරුනා...........

ඔව් ඒ හැම දෙයක්ම හීනයක් නම‌ුත් ඒ හැම දෙයක්ම ඇත්තක් මතක් කරන්නවත් අකමැති දරුන‌ු මතකයක්.......
යටි ගිය අතීතයක් නම‌ුත් ඒ අතීත මතකයන් නිසා ඔහ‌ු විදවනවා....
වගේම ඒ වේදනාව ඔහු ආදරයෙන් සිප ගන්නවා......

ඒ අතීතය වෙන‌ුවෙන් එයා වෙනස් වෙනවා.....

කොල්ලා ඇදේ හෙඩ් බෝර්ඩ් එකට හේත්ත‌ු වෙලා වේගෙන් හ‌ුස්ම ගත්තා....

ඒත් එක්කම හයියෙන් හිනාවෙන ගමන් අත්ප‌ුඩි ගැහ‌ුවෙ තමන් ටිකකට කලින් කොයි තරම් භයකින් හිටියද කියන දේත් ‌‌‌අමතක කරලා......

ඒත් එක්කම මූණෙ තිබ්බ හිනාව නැති කරගෙන කිසීම හැගීමක් නැති ම‌ුහ‌ුනක් මවාගෙන  ඇද එහාපැත්තෙ table එක උඩ තිබ්බ මල් වාස් එකත් බිද ගෙන කොල්ලා ඇදෙන් බැස්සා......

" Get lost "

ඔළුව බදාගන්න ගමන් කොල්ලා වියරුවෙන් කෑ ගහන්න උනා.......
.

.
.
.
.
.
.
.
.
.

○ ○ ○ ○ ○ ○ ○ ○ ○ ○ ○ ○ ○ ○ ○ ○ ○ ○ ○ ○

Hiiii වැදි පැටව්නෙ ,

ඉතිම් ඉතිම් කොහොමද ඔයැයීලට කාලෙකින්  අලුත්  වැඩක්  එක්ක  මම ආවේ Exam මගුල ඉවර වෙනකල් ඉදියෙ වැඩ අල්ලන්න. හෙට ඉදන් දවස ගානේ  chapters දෙම්ඩයි හිතන් ඉන්නේ...

මම කවදාවත් මෙ වගේ කතාවක් මීට කලින්  ලියලා නෑ. මෙ කතාව මාෆියාව , black magic, ආදරය සහ වෛරය වටා ගොඩ නැගුනු ටිකක් වෙනස් කතාවක් .....

ඒ වගේම cover එක හදල දුන්න  Swann_Grace නම්කි thankyou soo much 😁❤

Hope you all will enjoy 😅❤

#jeon_inha#

𝖍𝖊𝖑𝖑 | 𝖔𝖓𝖌𝖔𝖎𝖓𝖌Where stories live. Discover now