Chapter 68

606 119 96
                                    


එක අතක් රෙඩි පිට පිස්ටල් එකට තියාගෙන මම ඩෝ එක හිමීට ඇරියා.. වෙලාවට නිපුල් එක්ක නිව්සි ඉද්දි ගන් ෂූටින් ගියේ.. ආර්ට් කරපු නිසාද මන්දා ඉලක්කෙට පොයින්ට් කරන එක නතින්.. මන් ඩෝ එක ඇරලා බලනකොට මං ඉස්සරහා කින්ඩියට හිනා වෙලා ඉන්න කෙනා දැක්කම මට උඩ බිම නැති උනා.. ඇත්තටම ඉන්නේ මෙයා කියලා දන්නවනම් මම කීයටවත් මේ ඩෝ එක අරින්නෑ.. ඇයි මට අමතක උනේ මේක අරින්න කලින් කැම් එකෙන් බලන්න!!!

"යන්න ලෑස්ති වෙනවා වගේ මහත්තයා"

එයා මගේ උරහිසේ වැදීගෙන ලිවින් රූම් එකට ආවා.. ඊටපස්සේ හුරුපුරුදු කාරයෙක් වගේ ඇතුලටම ඇවිත් බිම දාලා තිබ්බ සූට් කේස් ටික දිහා ඉනට අත තියාගෙන බලන් හිටියා.. මම ඉක්මනට පිස්ටල් එක වැහෙන්න ෂර්ට් එක පල්ලට දාලා නලලට දාපු දාඩිය උරහිසින් පිහාගත්තා.. මම හිතාගන්න බැරි විදිහට සප්‍රයිස් වෙලා ඉන්නේ.. ඇත්තටම මොකක්ද මේ වෙන්නේ?

"මේ සූට් කේස් ටික ලිෆ්ට් එක දාගන්න පුංචි මහත්තයට උදව්වක් එහෙම ඕනිද? නියම වෙලාවටනේ මම ඇවිත් තියෙන්නේ"

එයා පොඩි සූට් කේස් එක්කට පයින් ගහලා කියනකොට ඒක විසි වෙලා ගිහින් වැටුනා.. මම සද්ද නැතුව හිටියේ කියන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරුව.. මේක කොහොමද උනේ? මට කොතනද වැරදුනේ?

එයා මගේ දිහාවට අඩියෙන් අඩිය ලං වෙනකොට මන් අඩියෙන් අඩිය පස්සට ගිහිල්ලා වෝල් එකට හිර උනා.. මම බැලුවේ වෝල් එකේ එල්ලලා තිබ්බ වොච් එක දිහා.. මට වැඩි වෙලාවක් නෑ.. ඒත් මම මෙතන හිර වෙලා ඉවරයි..

"එපා කියන දේ කරන්න හරි දක්ෂයි නේද?"

එයා මගේ ෂර්ට් එක බඩගාවින් උස්සලා ඇතුලට අතදාලා එයාගේ සීතල අත මගේ ඉනවටේට යැව්වා.. ඊට පස්සේ එකපාරම මාව ඉස්සරහට ඇදලා එයාගේ පපුවට වද්දගෙන තප්පරේට මගේ ඉනේ රදවලා තිබ්බ පිස්ටල් එක ගලවලා ගත්තා..

ඒක එතන තියෙනවා කියලා එයා කොහොමද දන්නේ? මට කොහොමද ඒක අමතක උනේ? මම දැන් සිහියෙන් නෙවේ ඉන්නේ.. සිහියෙන් එහා ගිහින් අවසිහියෙන්..

"මේකේ බුලට්ස් තියෙනවද?"

එයා පිස්ටල් එක අරන් මගේ මූණ ඉස්සරහ වනලා නිකට යටින් තියලා තදින් තල්ලු කරනකොට මගේ ඔලුව ගිහින් වෝල් එකේ තදින් වැදුනා හික් ගෑවෙන්නම.. දැන් එහා මෙහා උනොත් අම්මපා ඕක පත්තු වෙලා මගේ බෙල්ල ගහලා යනවා..

SITHTHARA | COMPLETEDWhere stories live. Discover now