Chapter 69

453 99 85
                                    

මුළු හත්මුතු පරම්පරාව මෙතන... යකෝ මුං ඔක්කොම එකතු වෙලා මාව ගොනාට අන්දලද? එතකොට මන් නෙවේද මෙතන මාස්ටර් මයින්ඩ්?

ගෙමිදු, සැගා අයියා, ගෝවින්දා (ඩයල් එක සැගා අයියගේ උරහිසේ නිදි), නිර්වාන් අයියා, ජේඩ් අයියා, නිපුල්, ආයුරා, තිවාන් අයියා, දක්ෂි, මඩයා, යකෝ සාහිල්?? දියානා... මහ පාන්දර යුනිෆෝම් එකෙන් තවිරු අයියා.. ට සිරි!!!

පැකේජ් එකම ගොඩ කාලෙකින් එකපාරම දැක්කම පපුවේ පැත්තක් රිදෙනවා වගේ..

දියානා තමා හැමදේම ලීක් කරන්න ඇත්තේ.. ගොන් බඩ්ඩට මම ඔක්කොම කිව්වනේ.. මන් දියානා දිහා රවලා බලනකොට ඒකී අනික් පැත්තට රවලා ජේඩ් අයියගෙ අතේ එල්ලුනා.. සදාදරණීය ගොන් කපල් එක.. මට උබලව පේන්න බෑ..

කිසි දෙයක් තේරුම් ගන්න බැරිව මම ගවේෂ් අයියා දිහා බැලුවම එයා මට ඇහි බැමැක් උස්සලා චැලේන්ජ් කරනවා වගේ ලූක් එකක් දැම්මා..

"මෙච්චර දවස් ඔයා අපිට අල්ලේ නැටෙව්වනේ.. මේ සතියම අපි කරේ ඔයාව අල්ලේ නටවපු එක.. මහ ලොකු උත්තම පුරුෂයා.. තමුසේ ලව් එක්කුත් සෙට් කරලා රටින් පනින්න නේද ගියේ? අහ් මේ.. රහසක් කියන්නම්.. මම ස්කොට්ලන්ඩ් ගියේ නෑ..."

ගවේෂ් අයියා මගේ කනට පාත් වෙලා කියවගෙන යනකොට මට නිකන් දියවෙනවා වගේ ෆීලීන් එකක් ආවා.. ඒත් මම කට වහන් හිටියේ ඇමතිතුමා හිටිය නිසා.. නැත්තං මං මෙතන පිරිතක් සජ්ජායනය කරනවා.. මේවාට කියන්නේ පෘථිවි ඉල්ලං කනවා කියලා.. ඕනවට වඩා යාළුවෝ විශ්වාස කරනවට හොද වැඩේ.. කමක් නෑ අන්තිමේට හැමදේම හොද අතට පෙරළුනානේ..

මම අඩි කීපයක් ඉස්සරහින් හිටිය හැමෝගෙම දිහා ලැජ්ජාවෙන් බැලුවා.. කොහොම කියලා මූණ දෙන්නද? සැවේජ් පෘථිවි පෑල දොරින් පැනලා යන්නනේ හැදුවේ..

ඒ අස්සේ කවුරුහරි පිටිපස්සහින් තිබ්බ කැබ් එකේ ඩෝ එකක් වහගෙන සභා ගර්භයට ආවා... පවිරු!!!!! යකෝ මූ මැරෙන්න හැදුවා නේද ඊයේ හවස ගවේෂ් අයියව අතාරින්න කියලා? ඌත් මට රවාගෙන අරුන් ටිකට එකතු උනා.. දැන් උන් ඔක්කොම තරගෙට මට රවනවා..

SITHTHARA Where stories live. Discover now