part 1

27 4 12
                                    

මාසෙට අනිවාර්යයෙන් සතියක් දෙකක් විතර මම පුස්තකාලයට ගියේ එයින් එන අමුතු පොත් සුවදත් මගේ පැටලිලි සහගත මනසත් නිරවුන්කර ගැනීමේ අටියෙනි . එහෙයෙනුත් පුස්තකාලයට ගොස් ගෙදර එන විට හවස් වෙයි. එතරම් මා පොත් අභ්‍යන්තරයටම ගොස් කිමිදී පාවි එහි ඇති චරිත වලට මා හදුන්වාදෙනු නිසාවෙනි .
පොත් ගුල්ලියක් කිවුවොත් නිවැරදි වුවද මා නමින් කවිහාරි වේ
මම පුස්තකාලයට යන සෑමදවසේම පාහේ උස සුදු හීන්දෑරි කොල්ලෙකු පුස්තකාලයට එයි .
ඔහු මගේම වයසෙහි පසුවන බව දැනගත්තේ පුස්තකාලාධිපතිනිය මේ පාර චිත්‍ර තරගයට අලුතින් පැමිනි ඔහුද එයට ඇතුලත් කරගන්න ලෙස යැයි මට කිවූ හේතුවෙනි .
එනම් ඒ තරගරයට පෙනීසිටිමට පුලුවන් වූයේ A/L සිසුන්ට බැවිනි.

පුස්තකාලාධිතුමියට හරි ඇයි කියා මා ඔහුගේ නම , වයස , ලිපිනය මගේ කුඩා පොතේ සටහන් කර ගත්තාය . එහෙයින් ඔහු අනුශ්ක මදුශාන්‍ වූයේය.

අඩි 6 විතර උස වුන පොත් රාක්ක 15 විතර තියෙන අපේ පුස්තකාලය තරමක් ලොකු වූවකි . කියවීමට හොද පොතක් හොයන්න මට තරමක් වෙලාව යයි.
එහිදී මා අරැන් බලා නැවත තියනා පොත් අර හින්දෑරි පිරිමි ලමයා ගන්නා බව යම් යම් වෙලාවල් වලදී මා දැක ඇත .
දවසක් මා පුස්තකාලයට යන පාරෙහි ඔහු පොත් දෙකකුත් අතේ තබාගෙන කර ඔසවා කවුරු හෝ එනකම් බලා සිටිනි බව ඔනෑ අයෙකුට කියන්නට පුලුවන් ලෙස ඔහු සිටියේය

මම ඔහුව නොදැක්කා සේ පුස්තකාලයට යන්නට පටන් ගත්තාය.
ඈතින් කවිහාරි.. කියා කතා කලේ ඔහුය . අධික වේගයෙන් දුවගෙන ලගට අවුත් මා සමග වෙව්ල වෙව්ල කතා කරේ වෙන කිසිවක් නොව චිත්‍ර තරගය ගැනය
එහෙත් ඔහු වෙව්ලුම් කෑවේ වෙන දෙයක් කීමට මෙනි .

දවස් ගෙවුනි වට වර්ශාව නිසා කිසිවෙකු එලියට නොබසී එහෙත් ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි යැයි කියනා බව සනාථ කරමින් වැස්සෙහිම මමත් මගේ බෝල බෝල කුඩෙත් එක්ක පුස්තකාලයට ගොඩ වැදිමි .
එ දවස්ද ගිය සතියේ මා කියවූ පොත අනුශ්ක දැනටමත් කියවීමට පරන්අරන් බව මා දැක්කාය. එහෙත් එම පොත් මට පමණක් නොව සියලුම අයට අයත් බව මම ඉටා ගත්තාය . අඩි 6 පමණ උස යැයි කිවූ එම පොත් රාක්කයේ මගේ ආසම කතුවරයාගේ පොත් දැක එක පොත් ගැනීමට ක්‍රමයක් නැතිව ඇගිලිතුඩු වලින් ඉස්සෙනුයේ රාක්කයේ උඩම ඇන්දේ පොත් තිබෙන බවත් ඒකට මා උස නැති බවත් හේතුවෙනි . එම පොත් ගැනීමට උඩ පනිනු දැක අනුශ්ක මට ඒ පොත අරන් දුනි .

ඉස් ඉස්සෙල්ලාම ඔහුගේ මුහුණ දිහා බලා මම කතා කරේ වැඩි දෙයක් නොව Thank you කියා පමණි . අහින්සක හිනාවක් සමග හරි යැයි කියා ඔහු නැවත පොත කියෙව්වේය .

Sachi ..🌼☺️

+ Hi freinds 🖤
Api next pert eken newatha hamuwemu ...

Hoda naraka aniwarayen comment ekak danna 💓😊





සුදු රෝස  🌼💓Where stories live. Discover now