SILENCE 1-.....දඩොස්.....😝

2.3K 196 30
                                    

Silence 1

මේ ඕයි බෙක්කා...උඹ මේ හතර වටේ තියෙන ගස් ගල් වල ෆොටෝ විතරක් ගහන්නෙ නැතුව මේ අපෙත් ෆොටෝ එකක් ගහපන්කො...මේ හැන්ඩියො වගේ අපි ඉන්දෙද්දි මොන මඟුලෙ ෆොටෝ ගන්නවද මන්ද මූ...
Baekhyun හතර වටේ ෆොටෝ ගහන හැටි බලාගෙන හිටපු taehyung කිව්වා...

මේ අලුත් කැමරාව බං...හෙන ගණන්...ඉතින්....Baekhyun කතාව නැවැත්තුවා...
ඉතින්....jimin ඇහුවා...
ඉතින් බං උඹලගෙ ඔය ලොන්තපෝල් වෙච්ච මූණත්තහඩු ටික දැක්කොත් මේක සවුත්තු වෙලා යයි...Baekhyun කිව්වෙ අනිත් කොල්ලො තුන්දෙනාගෙ මූණු ඇඹරිල යද්දි...

මේ බෙක්කාගෙ හෙන ලයින් තියෙන්නෙ දැන්..jungkook කිව්වා...උඹෙ ඔය රෙද්දෙ කැමරාව ගිල්ලනව දැනගනින්...

අනේ පල පල...Baekhyun කිව්වා...

කුකියා...උඹ මොකෝ මේ නටන්නෙ...මං උඹට කරපු මගුලකුත් නෑ...බලහං මේ v,chimchim දෙන්න ඉන්න ලස්සන....Baekhyun කිව්වා...

මේ ඉන්නෙ හොඳම යාලුවො...ඇත්තටම කිව්වොත් බොක්කෙ friendsලා...

V නැත්නම් taehyung තමයි මේ සෙට් එකේ ඉන්න වැඩ නාගන්න ඩයල් එක...වැඩ 10ක් කෙරුවොත් 9ක් ම නාගන්නෙ මෙයා...කොල්ල ඉස්කෝලෙ graduation එකෙන් පස්සෙ job එකකට apply කරලා ඉන්ටවීව් එකකල් ඉන්න එකෙක්....

කුකියා...එහෙමත් නැත්නම් jungkook තමයි සෙට් එකේ මහා පණ්ඩිතයා...හැබැයි උපදෙසක් දුන්නොත් උපදෙස ගන්න එකාව සෙත්තපෝච්චි වෙන ජාතියෙ එකක් තමයි කියන්නෙ...ඒත් කුකියා ඒ පලාතෙ රග්බි ටීම් එකේ හොඳම player...

Chimchim කියල ආදරෙන් කිව්වට කොල්ලගෙ නම jimin...හරිම හුරතල් කොල්ලෙක්...ඒත් කට පාලනය අන්තිමයි...හැමෝගෙම අම්මලගෙ හොඳ පුතා පට්ටම ගත්තෙත් හුරතලේ පෙන්නලා...
එයා නම් මේ දවස්වල තාත්තගෙ වාහන සේල් එකේ වැඩ ඉගෙන ගන්නවා...

මේ තුන්දෙනා වැලිකෙලියේ පටන් යාලුවො..

ආදරේට බෙක්කා...ඒ කිව්වෙ Baekhyun...එයා තමයි මේ සෙට් එකට අලුතින් එකතු වෙච්ච බොක්ක...කොල්ලගෙ තාත්තට studio එකක් තියෙනවා...කොල්ලත් ඒකෙමයි වැඩ...තුන් දෙනාට බෙක්කව සෙට් වුනේ වෙඩින් එකක ෆොටෝ ගන්න ඇවිත් ඉන්නකොට...දැන් සෙට් එක කොයි වෙලාවෙත් එකට මයි...

ඒ බං...මගෙ දිව දැන් රසදිවේ ගෑවෙන තැන...එයා අයිස් කොෆි එකක්මයි ඉල්ලන්නෙ....v වටෙන් කිව්වෙ කැෆේ එකට යමු කියලා...
මට නං අද බෑ බං...කෝච් කිව්වා අද වෙලාවට ප්‍රැක්ටිස් ආවෙ නැත්නම් මරනව කියලා...මං යනෝ බං...කුකියා එහෙම කියලා චුත වුනා ..
මටත් බෑ බං...අද ස්ටුඩියෝ එකට පොඩි එකෙක් අරන් එනෝලු ෆොටෝ ගන්න...උඹල පලයන්....බෙක්කත් එතනින් කැපුනා....

කුකියා නම් බං ප්‍රැක්ටිස් කියලා දිව්වට ඕකගෙ හිත තියෙන්නෙ ground එකට අල්ලපු වත්තෙ ගෙදර...v කිව්වා...
ඔව්...එක පාරක් මතකද ප්‍රැක්ටිස් වෙලාවෙ ඒකි එලියට ඇවිත් මේකා බලන් ඉඳලා බෝලෙ නහයෙ වද්දගෙන නාස් ඇටේ කඩාගත්ත හැටි ....chimchim ට පරණ සීන් එකක් මතක් වුනා...

යමන් අපි දෙන්නවත්....V කිව්වා...

කොල්ලො දෙන්නත් එක්ක කැෆේ එක පැත්තට ඇවිදගෙන ගියා...

කොහොමද බං දැන් අයියගෙ තත්වෙ උඹලගෙ...jimin ඇහුවා...
ඔහේ ඉන්නව බං...මට නං පව් කියලා හිතෙනවා...අරකිට නං හොඳක් වෙන්නෙ නෑ බං...v කිව්වෙ තරහින්....
ඒකිට අපෙ ජින්නයියා තරම් හොඳ එකෙක් නං සෙට් වෙන්නෙ නෑ බං...මං ඇත්තටම අහන්නෙ බං උඹට ෂුවර් ද ජින්නා උඹේම අයිය කියලා jimin ඇහුවා...

එහෙම තමයි මොකෝ අවුල...v ඇහුවා...
නෑ ඉතින්...ඒ වගේ රත්තරං අයියෙක්ට තෝ වගේ නසරානි මල්ලියෙක් ඉන්න එක වෙන්න බෑනේ....jimin කිව්වා....
පල පල....

දෙන්නත් එක්ක සා පිපාසාව සංසිඳුවාගෙන එලියට බැස්සා...

අර බලපන්...අර ප්ලේන් එක පට්ට පල්ලෙහයින් යන්නෙ...jimin උඩ බලාගෙන කිව්වා...
අම්මට සිරි ඔව්මයි බං...ළදරු මානසිකත්වෙ එලියට ආපු V කිව්වා...

දඩොස්.....

ඒයි...පාර බලාගෙන යන්න බැරිද...v කාටද මන්දා බැන්නා....
දෙන්නත් එක්ක උඩ බල බල එද්දි කැෆේ එකේ එලියෙ හිටපු කෙල්ලෙක්ගෙ ඇඟේ හැප්පුනා...ඉතින් එයාගෙ අතේ තිබුනු කෝපි කෝපෙන් ටිකක් V ගෙ ඇඳුමෙ හැලුනා...

පිස්සුද...බලනව ඇඳුමත් ඉවරයි..පිස්සුවෙන් වගේ යන්නෙ නැතුව පරිස්සමෙන් යනවා...

ඒත් V මෙච්චර දේවල් කියලත් ඒ කෙල්ල සද්ද නැතුව V දිහා බලාගෙන හිටිය විතරයි...

ඒ ඇයි....V කල්පනා කලේ ඒ වෙලාවෙ.....

මං PUBLISH කරන අලුත්ම කතාව...ඔයාලගෙ අදහස් මට ගොඩාක්වටිනවා...ඉතින් කියාගෙන යන්නකෝ....💟💟💟💟

🌷𝑺𝑰𝑳𝑬𝑵𝑪𝑬🌷[completed]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin