Chapter 1

3.9K 346 59
                                    

මොකක්ද දෙයියනේ මෙච්චර මේ share වෙන්නේ..
අම්මෝ status පිරිලා ගිහිං..දවසයි online ආවේ නැත්තේ..
එහෙම කියලා මම status බැලුවා..
ඒකේ තිබ්බේ ඇස් අදහාගන්න බැරි දෙයක්..
මේක BTS ඔවුන්ගේ weverse app එකේ පල කරලා තියෙන එකක්..

ඒ තමයි
BTS band එක එයාලාගේ සිය දහස් රසිකයන් අතරින් එක් අයෙකුට ඔවුන් සමග පැයක් කාලය ගත කිරිමට ලබා දෙන බවයි..
ඒ event එක THE LUCKY ARMY නමින් නම් කරලා තිබ්බා..
කෙසේ නමුත් ඒ සඳහා ඔවුන්ගේ නවතම ඇල්බමය සහ official ARMY BOMB,Official merch එක ඔවුන් නම් කරන ලද Store එකකින් ලබා ගත යුතුව තිබුණා..එය කුසපත් ඇදිමක්..ඇල්බම් එකෙහි සඳහන් ජයග්‍රාහි අංකය හිමි කෙනාට BTS ලාව බලන්න යන්න පුලුවන්..ජයග්‍රාහි අංකය හිමි කෙනා විසින් ඇල්බමය මිලදි ගත් ඉහත නම් කරන ලද ආයතනයට විස්තර ලබා දිය යුතුයි.

මේ අවස්ථාව මෙවර ශ්‍රී ලංකාවටත් තිබුනා..
ශ්‍රි ලංකාව සඳහා නම් කර තිබුනේ SL KOREAN STORE කියලා shop එකක්..
බදු නිසා මේ ටිකට රු.50,000ක් වැය වෙනවා ලංකාවේ මුදලින් නම්..
මේක දැක්ක ගමන් මම ගොඩාක් සතුටු උනා වගේම ගොඩාක් දුක් උනා..
දුක් උනේ මට එච්චර දේවල් කරන්න සල්ලි නැති නිසා..
ඒ්ත් මම ටක්ගාලා weverse app එකට ගිහිං බැලුවා..
කතාව ඇත්ත එයාලා announcement එකක් දීලා..

"සල්ලි තියෙන army ලා නම් යයි.."

එහෙම කියලා මම හිත හදාගන්න උත්සහ කලා..
මට ඇඬෙනවා ඒත් කොහොමද මම යන්නේ..

"AL ඉවර වෙලා තාම මාසයක්වත් නෑ. රස්සාවෙන් මාව තෝරගෙනද දන්නේ නෑ..අනේ ඒත් මම කොහොම හරි try එකක් දානවාමයි"

මම තනියෙන් කියවන්න පටන් ගත්තා.
ඒත් එක්කම phone එ⁣ක ring වෙන්න පටන් ගත්තා

"හෙලෝ මේ මිස් හෂිනි නේද?

"ඔව් කියන්න.."

"අපි british lanka company එකෙන්..ඔයාගේ සුදුසුකම් බලලා අපි ඔයාව තෝරගත්තා..ඔයාට ලබන සතියේ ඉඳන් job එකට එන්න පුලුවන්"

"Thank you very much..මම ලබන සතියේ ඉදලා සේවයට වාර්තා කරන්නම්"

"වැඩිදුර විස්තර email එකකින් දන්වන්නම්"

"Okay..thank you"

දුරකථන ඇමතුම විසන්ධි වූ සැණින් email එකක් පැමිණියේය..

The Lucky Army Girl 💜️ ( Completed ✔️)Where stories live. Discover now