ශ්‍රී ලංකාවේ ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයෙකු වන ගමගේ මහතා ලෝකයට ඉතා දයාබර පුද්ගලයෙකි. විසල් ගේට්ටුවකින් වැසුණු බේජ් පැහැය ආලේප කළ විශාල නිවස තුළ විසල් රහසක් ඇති බව දන්නේ ඇමතිතුමා හා ඉතාමත් සුළු පිරිසකි. මෙම විසල් රහස තිබියදීම ගමගේ මහතා තමාට නීත්‍යානුකූල බිරිඳක් පාවා ගනී. නීත්‍යානුකූල බිරිඳ නිවස තුළට යන්නේ සතුටින් වුවද රහස දැන ගැනීමෙන් පසු ඇගේ මුලු ජීවිතයම වෙනස් වේ. - නම් ගම් සියල්ල මනඃකල්පිතයි -