BL 🏳️🌈 (සිංහල) AJ ගේ කදුළු පිසදමමින් කියූ අනුක ඔහුගේ තොල් මත කෙටි හාදුවක් තැබුවේය. AJ ට කිසිත් සිතාගත නොහැකි විය. තමන් දකින්නේ හීනයක්ද කියා ඔහුට කිහිප වරක් සිතුනේය. ඒත් නැත.. අනුකගේ උණුසුම හා ඔහුගේ සියලු ස්පර්ශයන් තමන්ට දැනෙන බැවින් මෙය තව දුරටත් හීනයක් නොවන බවට AJ ට වැටහුනේය. " ඒ....කියන්නේ.. ඔයා.." AJ වචන එකිනෙක ගැට ගසමින් කතා කරන්නට උත්සහ කළේය. " ඔව්.. අපි දෙන්න තවදුරටත් යාළුවො විතරක් නෙමෙයි." අනුක AJ ට සම්පුර්ණ කිරීමට නොහැකි වූ ප්රශ්නය පිළිතුරද සහිතව සම්පුර්ණ කළේය.
37 parts