- මන් හිතන්නෙ ඔයාගෙ ආත්මෙ තියෙන්නෙ මන් ලග." යුන්ගි කියද්දි ජීමින් උඩබිම් බැලුවෙ යුන්ගි කියන දෙයක් තේරුම් ගන්න බැරුව. "එහෙම කොහොමද වෙන්නෙ ? මොනවද ඔයා කියන්නෙ ? මට තේරෙන්නෙ නෑ." "මට තේරෙන්නෙත් නෑ. ඒ වුනත් නම්ජුන් කිව්ව විදිහට ඒක ගනුදෙනුවක් වගේ දෙයක්. ඔයාගෙ ආදරේ මට දෙනවනම් මන් ඔයාට ඔයාගෙ ආත්මය ආපහු දෙනවා වගේ දෙයක්. මන් ඔයාගෙ ආත්මය හිලව්වට ඉල්ල ගත්තෙ කොහොමද කියලා මන් දන්නෙත් නෑ. ඒ වුනත් මන් ලග ඔයාගෙ ආත්මය තියෙන්නෙ. " යුන්ගි එහෙම කියලා ජීමින්ගෙ පපුවට ඇගිල්ලකින් තට්ටු කරේ ජීමින්ගෙ වීදුරු වගේ දිලිසෙන කොල පාට ඇස් දිහා බලාගෙන. "මන් නිසයි ආයෙත් කවදහරි ඔයාගෙ ඔය හදවත ගැහෙන්නෙ." යුන්ගි කියනවා ඇහිලා ජීමින් නලල රැලි කරගෙන යුන්ගිගෙ ඇස් වලට එබුනෙ පොඩි සින්හ පැටියෙක් වගෙයි. ඒ මූණ හුරතලේටයි යුන්ගිට පෙනුනෙ. -