ලන්තෑරුමට දිස්න දෙන ඔරලෝසුවෙ පාන්දර දෙකේ කනිසම වදිනකොට මම දැක්කා හොල්මන් සුදු කබාය රෝහල් වාට්ටුවෙ ඉඳන් කැළණි ගඟ දිහාට හදාපු පාළම දිගේ ඉස්සරහට ඇදෙනවා.. අත්භූතයි තමයි.. මටත් ඕන්නැති දෙයක් නෑනෙ.. ------------------------------ " මම වැඩිපුරම අහන්න ආස මල්ලවාරච්චි මහත්තයගෙ සින්දු.." " මොකද..?? මල්ලවාරච්චිගෙ විරහව හදවතේ කොයි පැත්තටද තදටම වැදුණෙ.." " විරහව දැනෙන්න ආදරේ කරන්නම ඕන කියලා නීතියක් කොහේහරි තියද.." හොල්මන් සුදු කබාය හරිම පොඩියට හිනාවෙලා ඇඳ කොනේ තිබ්බ ෆයිල් එකට මූණ ඔබාගත්තා.. හරියට මම කිසිම දෙයක් ඇහුවෙ නෑ වගේ.. 2024-02-08