Chapter 04

285 66 133
                                    

Kim Seokjin's Pov

වොල්හි අපේ අපේ ගෙදර ආපු දවසෙ ඉදන් හැසිරුනෙ අමුතු විදිහට. University එකේදි උනත් කලිංට වඩා මාත් එක්ක කතා කරන්න උත්සහ කරා. මම කරේ වෙනදා වගේම එයාව මග හැරපු එක විතරයි.

දවසක් හරි පුදුම දෙයක් උනා. එදා wolhee දහවතාවකට වැඩිය මාත් එක්ක කතා කරන්න හැදුවා. මම පුදුම අමාරුවකින් එයාව මගහැරලා හිටියෙ. හවස lecture එකට මම lecture hall එකට යනකොට wolhee මගෙ මේසෙ ලගට වෙලා මොනාදෝ කුරුටු ගගා හිටියා. මම දොර ගාවට වෙලා එයාට නොපෙනෙන්න බලාගෙන හිටියෙ එයා මොනාද කරන්නෙ කියලා බලාගෙන. අතේ තිබ්බ sticky note එකෙන් කොලයක් ගලවලා මෙසේ අලවලා එතනින් දිව්වෙ හොර වැඩක කරා වගේ. මං කුතුහලෙන් මේසෙ ගාවට ගියෙ එයා මොනාද කරේ කියලා බලන්න. මේසෙ අලවලා තිබ්බ sticky note එක ගලවලා අතට අරන් බැලුවෙ ඒකෙ මොනාද ලියලා තියෙන්නෙ බලන්න. ඒක දැක්කම මගෙ ඔලුවත් කැරකෙන්න පටං ගත්තා. Wolhee ගෙ අකුරු නිකං පොඩි මොන්ටිසෝරි ලමයෙක් ගෙ වගේ. මට ඒකෙ ලියලා තියෙන්නෙ මොනාද කියලා කියව ගන්න සෑහෙන වෙලාවක් ගියා. ඒකෙ තිබ්බෙ chanwuk මට main gate එක ගාව මං එනකං බලං ඉන්නවා කියලා... මට තාමත් හිතා ගන්න බෑ wolhee හැසිරෙන විදිහ ගැන.. හැබැයි wolhee කරන හැම දේකින්ම උනෙ එයාව මට අමතක කරන්න බැරි උන එක....

එදා ඉදන් හැමදාම වගේ මගෙ මේසෙ note එකක් තිබ්බා. Wolhee නිසා මට ටිකක් හරි chanwuk ගෙන් බේරිලා ඉන්න පුලුවන් උනා. දැං මට මං ගැනම ලැජ්ජවක් ඇති වෙනවා. වෙලාවකට හිතෙනවා මම අනිත් අයගෙ රූකඩයක් කියලා. Chanwuk හැමදාම වගේ මට මොනාහරි කරනකොට මම කරන්නෙ ඔලුව නමාගෙන ඉන්න එක විතරයි. ඒත් wolhee නිසා දැනුනේ අමුතු ශක්තියක් මට ලැබුනා වගේ. මොනදේ කරත් මගෙ හිත ඇදිලා ගිහින් නතර වෙන්නෙ wolhee ලග. මගෙ හිතටත් හොරෙන් wolhee ගැන අමුතු ගැහීමක් ඇති වෙන්න පටං ගත්තා. කාත් එක්කවත් ආය බැදීමක් ඇති කර ගන්නෙ නෑ කියලා හිටපු මම wolhee ඉස්සරහදි දුර්වල උනා. ඒත් ඒක කොයි වගේ හැගීමක්ද කියලා මට තාම හිතා ගන්න බෑ.

Kim Wolhee's pov

"ඔම්මා.... මම අද ගෙදර එන්න පරක්කු වෙයි............ හරි ඔම්මා.... බය වෙන්න එපා....මං පරිස්සමින් එන්නම්... "මම කෝල් එක කට් කරලා ෆෝන් එක මේසෙ උඩින් තිබ්බෙ මගෙ ඉස්සරහා ගොඩ ගැහිලා තියන පොත් ගොඩ දිහා. මාස තුනක්ම university මග හැරුන නිසාත් බාර නොදුන්න assignment ගොඩක් තිබ්බා. ඒ නිසා අද කොහොම හරි කරලා ඒ ටික ඉවර කර ගන්නවමයි කියලා හිතා ගත්තා. ඒත් මට කිසිම අදහසක් තිබ්බෙ නැති නිසා මම හිටියෙ බාගෙට පිස්සු හැදිලා වගේ. එක දිගට පැය තුනක්ම එකම විදිහට හිටපු නිසා අපහසුවක් දැනුන නිසා library එකෙන් පොඩ්ඩක් එලියට ආවෙ මහන්සි ඇර හන්න හිතාගෙන. මම කොරිඩෝ එක දිගේ ඉස්සරහට ඇවිදන් යද්දි පේන මානෙක ලමයි කවුරුවත් හිටපු නැති නිසා හිතට අමුත්තක් දැනුනා. මගෙ පිටිපස්සෙන් කවුරුහරි එනවා වගේ දැනුන නිසා මම පය ඉක්මන් කරලා ඇවිද්දෙ හිතේ තිබ්බ අමුත්ත වැඩි වෙදිමයි. එක පාරම ඔලුවට මොකක් හරි දෙයක් වැදෙනවත් එකම මම බිම ඇදගෙන වැටුනෙ හයියෙන් කහින ගමන්. මගෙ නහයටයි ඇස්වලටයි මොනහරි කුඩු වගයක් ගිය නිසා මට ඇස් ඇරගන්නවත් හුස්ම ගන්නවත් බැරුවයි හිටියේ.කීප දෙනෙක්ම හිනා වෙනවා ඇහුන නිසා මම අමාරුවෙන් ඇස් ඇරලා බැලුවෙ ඒ කව්ද කියලා. ඇස් වලට ගිය කුඩු නිසා මගෙ ඇස් වල කදුලු පිරිලයි තිබුනේ. ඒ නිසා හැම දේම බොද වෙලා පෙනුනත් ඒ හිනා වුන අයගෙන් එක්කෙනෙක් ටීනා කියලා අදුර ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ.

‌𝗠𝗼𝗼𝗻𝗳𝗹𝗼𝘄𝗲𝗿 𝗹𝗹 𝗞𝗦𝗝 (ON HOLD)Where stories live. Discover now