chapter 2 - trip එකක් 🏖️️

1.8K 306 18
                                    

Next day morning

වෙනදා වගේම අදත් මන් හීනෙන් හිනාවෙනගමන් හිටියේ. Eunjin ඇවිල්ල කොට්ටෙකින් ගහල මාව ඇහැරල ලගින් ඉදගත්තෙ බර කතාවක් කියන්න වගේ.

"ඇයි eunjinaa...උබ ලෑස්ති වෙලා නැත්තෙ...අද වැඩට යන්නැද්ද...."

"අද සෙනසුරාදා බන් ... ඉස්කොල නිවාඩුනේ... අය්යෝ... ඒක වැඩක් නෑ..මට ඔයා එක්ක කතා කරන්න ඕනෙ ..."

Eunjin highschool එකක උගන්නවා. එයා teacher කෙනෙක්. එයාට නිවාඩු උනාට මොකෝ මට වැඩට යන්න එපැයි. ඒ අස්සෙ මුට මොනාද මන් එක්ක කතා කරන්න තියේ කියන්නෙ. මන් ඇස් ලොකු කරන් එයා දිහා බැලුවෙ ප්‍රස්නාර්ත බැල්මකින්.

"අහ්හ්... මේකයි.. උබ ඔය රස්සාව ටික කාලෙකට නවත්තල අපේ ගෙදර යන්. උබව මන් බලාගන්නම්.."

"මොකා... ඒ ඇයි... ඔයා මොනාද මේ කියන්නෙ eunjin ."

"Ensuaa...මට ගෙදර යන්න වෙලා.. ඔයාගෙ තනියට මෙහෙ ඇවිල්ල නැවතුනේ මගෙ job එකත් මෙහෙට මාරු කරගන්න පුලුවන් උන නිසා...ඒත් ආයෙ මාව එහෙ ඉස්කොලේකට මාරු කරන්න යන්නෙ... "

"අහ්... ඒමද... තාම මාසයක්වත් නෑනෙ ඒත්.....හරි...ඉතින් ක්මන්නෑ...ඔයා ගෙදර යන්න... මට තනිකමක් නෑ.."

"පිස්සුද උබට... මන් කෝමද උබව තනියෙම දාලා යන්නෙ... උදේට නැගිටින්නෙත් නෑ මන් නැත්තන්.. නෑ නෑ... උබ මේ ලෝකෙ සිහියෙන් නෙවේ ඉන්නෙ... කොහොමත් මේ තඩි ගෙදර තනියෙන් උබව දාලා යන්න බෑ මට.."

Eunjin කියන කතාව ඇත්ත ඉතින්. මන් තනියෙන් හිටියොත් කෝමත් පිස්සෙක් වෙයි. ඒත් මට එයාට වදයක් වෙන්න බෑ. අනික රස්සාවත් නවත්තන්න වෙනව. ඒකත් කරන්න බෑ.. අනික තනියෙන් කිව්වට තනියෙන්මත් නෙවේ මන් ඉන්නෙ...😁

"Eunjinaa... ඔයා යන්න.. මට ප්‍රස්නයක් නෑ..මන් කියන දේ විස්වාස කරල යන්නකො... හරි හරි..කෝ...මට වැඩට යන්න වෙලා යනව.. උබ මාව ඇහැරුවෙත් පරක්කු වෙලා..."

"දැක්කනෙ උබ හීන බල බල ඉදී..මන් ගියාම... උබව ඔහොම පරක්කු වෙලා ගිහින් රස්සාවෙන් අස් කරයි අනික.."

මන් ඇදෙන් පැනගෙන දුවගෙන bathroom එකට ගියේ එයා කිව්ව දේවල් ගනන් ගන්නෑ වගේ. ඒත් ඇත්තටම මන් මෙහෙ තනියෙන් ඉන්නකොට මොනා වෙයිද.. දැන් ඉතින් දවසම ඕක ගැන කල්පනා කර කර ඉන්නෙ මන් වැඩ කරන ගමනුත්.
.........................................................................

💄stylist noona💖 (COMPLETED  ✔️)Where stories live. Discover now