Episode 06

176 42 7
                                    

~ගින්නක්~
🔥

කතා කරමින් ගිය දෙදෙනාගේ මූණට ම මුණ ගැසුනේ දෙවන අණදෙන නිලධාරී වූ Lee Lim වයි. ඔහු ගැන තැකීමක් නොකල කුමරු හා Hae So කතා කරමින් ම ඔහුව පසු කර ගියා. පියවර දෙකක් පමණ ඉදිරියට තැබූ පසුයි ඔවුන්ට සිහියට ආවේ ඔහු යන්නේ Kim Shin ගේ කාර්යාලය දෙසට බව. එසැනින් Lee Lim දෙසට හැරුණු කුමරු හා Hae So ඔහු යන මාර්ගය අවහිර කළා.

"ඕ..හෝ... ඔබ.. Kim Shin ගේ දෙවන අණදෙන නිලධාරී නොවෙද?"🤨

"එහෙමයි.. කුමරුනි.." Lee Lim හිස නමා Wang Yooට ආචාර කළා.

"කොහිද ඔබ මේ යන්නේ?"

"Kim අමාත්‍යතුමාගේ පණිවිඩයක් නිලධාරීතුමාට ලබා දීමට තිබෙනවා"

"ආ... හොඳ වෙලාවටයි ඔබට මා මුණ ගැසුනේ.. Kim Shin මේ දැන් අර දිශාවට ගියා. " කුමරු පෙන්වූයේ Kim Shin හා Yoon Se-ri සිටින දිශාවට විරුද්ධ පැත්තයි.

"නමුත්...එතුමා කුමටද එහි යන්නේ?"🤔🙄

"ඇයි ඔබ ඔහුගෙන්ම එය විමසන්නේ නැත්තේ ආ?"
Wang Yoo කුමරු ඔහුව තල්ලු කරමින් පැවසුවා. කුමරුගේ මේ හැසිරීම ගැන Lee Lim ට සැකයක් ඇති වුවත් කුමරු ගේ අණට පිටින් යාමට නොහැකි වූ නිසා ඔහු පිටත් වුණා.

"ෂුෆ්... ඇති යාන්තං..." Lee Lim පටවූ පසු දෙදෙනාම සැනසුම් සුසුම් හෙලුවා.

මේ අතර Kim Shin තවමත් දොර ඇරීමට තැත් කරමින් සිටියා. ඔහු සිටියේ ඉහවහා යන තරහකින්.

"තවත් උත්සහා කිරීමෙන් පලක් නොවේවි..."🙄 Se-ri හීනි හඬකින් කිව්වේ ඔහුට තරහා ගොස් ඇති බව දන්නා නිසයි.

"ආ..ෂ්"😡 දොරට පයින් පහරක් ගැසූ Kim Shin නැවත තම අසුනට ඇවත් වාඩි වී වෙනතක් බලා ගෙන ම සිටියා.
Se-ri ට තරහ ගොස් රතු වී ඇති  මුහුණ දෙස බැලූ විට සිනහා නැගුනේ ඉබේටමය. Kim Shin ඇය වෙත හෙලූ දැවී අළු වී යන බැල්ම නිසා ඇය සිනහව තද කරගෙන බිම බලා ගත්තා. දෙදෙනා අතර තිබුනේ තද නිහඬ බවක්.
Kim Shin නම් ඒ ඉරියව්වෙන්ම සිටියත් Se-ri ට නම් එක තැන සිටීම අපහසු වුනා. පාවහනින් බිම එක එක දේ ලියමින් සිටි ඇයට එය නැවැත්වීමට සිදු වූයේ Kim Shin ඇය දෙස රවා බැලූ නිසයි.Se-ri තමාගේ පසුපස තිබූ රාක්කයේ උඩ දියකිඳුරියක් පින්තාරු කර තිබූ බඳුන දෙසට හැරී එය අල්ල අල්ල සිටියත්, එයත් ඇයට නවත්වීමට සිදු වුනා. Se-ri පුටුවෙන් නැගිටලා අත් දෙකත් පිටිපස්සට බැඳගෙන කාමරය පුරා තිබූ සෑම භාණ්ඩයක් ම බැලුවා. ඒ අතරම ඒ කිසිවක් අල්ලන්නේ නැතුව සිටීමට ඇය වග බලා ගත්තා. Kim Shin ට ඇගේ දැඟලිල්ල හිසරදයක් වෙලයි තිබුනේ.

I Pɾҽƚҽɳԃ Yσυ'ɾҽ Mιɳҽ [on Going]Where stories live. Discover now