TWO 16 - ආදරයද ආරක්ෂාවද..❤️

170 40 33
                                    

Two 16

Jackson's pov.

අද නම් පට්ටම කම්මැලි...අපෙ උන් සේරම එක එක තැන්වල...zoro පාටියෙ..yugyeom සේහ්වා එක්ක ඇවිදින්න ගියා...උන් දෙන්නම එද්දි රෑවෙයි....ගෙදර ඉන්නෙ හේසල් Hyorin දෙන්නයි මමයි විතරයි..කරන්න විශේෂ වැඩකුත් නැති එකේ මං එලියෙ swing එකට ගිහින් වාඩිවෙලා අහස බලාගෙන හිටියා...

ටිකකින් මට අඩි සද්දයක් ඇහුන නිසා හැරිල බැලුවා...

ආ...හේසල්...මොකෝ එලියෙ...මං ඇහුවෙ එතනට ආපු හේසල්ගෙන්...
ම්ම්...මුකුත් නෑ...හරි කම්මැලියි....එයා කිව්වා....
වාඩිවෙන්න මෙතනින්...මං කිව්ව ගමන් එයත් ඇවිත් මං ලඟින් වාඩිවුනා...

මූණෙ තාම තැලුම් පාරවල් පේනවා...එයා හිටියෙ කොන්ඩෙ පෝනිටේල් එකක් බැඳලා...oversized කහපාට hoodie එකක් ඇඳගෙන....

හේසල්...
හ්ම්....
ඒ අය ඔයාට නිතරම ඔහොම ගහල තියෙද...? මං ඇහුවා...

සාමාන්‍යෙන් මං වැඩ වරද්දගන්නෙ නෑ...ඒත් එක පුංචිම පුංචි දෙයක් ඇති එයාලට...එහෙම උනාම මං නිතරම ගුටි කනවා...ගොඩක්ම ඔයාල තුන්දෙනා නිසා...හේසල් කිව්වා...
ඒ කිව්වෙ...
ඔයාල ගැන හොයන්න ගිහින් පොඩ්ඩ වැරදුනොත් අර Jung ගෙන් නිතරම මේ වගේ ගුටි කන්න වෙනවා...සමහර වෙලාවට ඔලුව උස්සගන්නවත් බෑ...

උන් එච්චරටම නරකද...මං ඇහුවෙ පුදුමෙන්....
නරකද...?පුදුම වෙන්න ඕනෙ මම මෙහෙමවත් ඉතුරු වුන එක ගැන...මගෙ ඉස්සරහම මිනිස්සු අමු අමුවෙ වදදීල මරල දාන හැටි මං දැකල තියෙනව wolf....සමහර මිනිස්සුන්ගෙ දරුවො තාත්තේ අම්මේ කියල කෑගහද්දි වෙඩි තියල මරන හැටි මං දැකල තියෙනව....හේසල් කිව්වා...

ඒක නෙමෙයි ..ඔයා කොහොමද එයාට සම්බන්ධ වුනේ...කැමැත්තෙන්ද...?
නෑ Wolf...මාව විකිනුවා...මගෙ අම්මයි තාත්තයි මාව ඇමතිට විකිනුවා...හේසල් කිව්වෙ කේන්තියෙන් වගේ...
ඒ කිව්වෙ ....
ඒක දිග කතාවක් wolf........

හේසල්....ඔයාට බැරිද...මට Jackson කියල කතා කරන්න....? මං ඇහුවා...මොකද මට wolf කියද්දි දැනෙන්නෙ ලොකු දුරස් බවක්...
ඇයි හදිස්සියෙම....
නෑ හදිස්සියක් නෑ...නිකං කිව්වෙ....
Jackson....මටත් එහෙම කතාකරන්න ඕනෙ වෙලයි හිටියෙ...හේසල් කිව්වෙ හිනාවෙවී...
              
ඒ හිනාව...ලේසියෙන් එයාගෙ මූණට එන්නෙ නෑ...හේසල් නිතරම හැසිරුනේ නපුරු කෙල්ලෙක් විදියට...මැර කෙල්ලෙක් විදියට...ඒත් ඒ හේසල් මවාගත්තු චරිතයක් විතරයි....එයත් ඉන් යොන් ,සේහ්වා වගේම සාමාන්‍ය කෙල්ලෙක්.....

🔥🖤𝕋𝕎𝕆🖤🔥Where stories live. Discover now