Episode 01

1.1K 112 11
                                    


(@MAMA 2021)
Announcer: ඔව් මේ සියලු දෙනා ඇගිලි ගනිමින් බලා සිටි ඒ මොහොත... අපි හැමොටම තියෙනවා ආදරේ කරපු ආදරේ විදපු ලස්සන අතීතයක්... ඊලග performance එක ඉතා විශේෂයි. මොකද අවුරුදු ගණනාවකට පසු ඔහු නැවත එක් වරක් අද දින perform කරන්නේ ඔහුගේ පලමු ගීතයයි.
(stage එකේ lights dark වේ... Music ආරම්භ වේ.... ඔහු stage එකේ යට සිට උඩට පැමිණ ඔහුගේ පලමු ගීතය perform කිරීම පටන් ගනී. )
~I know it,
  Now I have no time to meet you
  I know it,
  We can't spend time together like before
  I know it,
  It's not my fault...~
( ඔහු එසේ ගීතය ගායනා කරමින් සිටියි. ඔහු දෙස කදුලු පුරවාගත් දෙනෙත් වලින් බලා සිටි girl කෙනෙක් මෙසේ සිතයි.)
'මට හිතාගන්න බෑ මම අද එයාගෙ performance එක බලන්නෙ fans ලා ඉන්න තැන ඉදන් නෙවේ invite කරපු artist ලා ඉන්න තැන ඉදගෙන ඇත්තටම මේක හීනයක් වගේ... අපි අන්තිමට අපේ dreams වලට ඇවිත්... But I still miss him so much'

(වසර කිහිපයකට පෙර)
(2013)

' aishhh මට නම් මේ ඉස්කෝලේ එන එක දැන් එපා වෙලා තියෙන්නෙ... සමහරු කියනවා high school කාලෙලු පාසල් ජීවිතේ තියෙන ලස්සනම කාලෙ... විකාර... අඩුම තරමෙ යාලුවෙක් වත් නෑ කියලා මතක් වෙද්දි...' මම එසේ සිතමින් පාසලට ඇතුලු වෙමින් හිමින් හිමින් මගේ පන්තියට යයි. ඒ අවස්තාවේ මම දැක්කේ අපේ section එකේ notice board එක ලග කට්ටිය වටවී සිටින අයුරුය.'මේ මොකෝ...' මම ත් අයිනෙන් එබී බැලූ විට දුටුවේ media unit එකෙන් අලුත් සාමජිකයන් බදව ගන්නා බවට ගසා ඇති note එකකි. 'එහ්? ඇයි ඉතින් මේ හැමෝම මේක මෙච්චර ඕමනාවෙන් බලන්නෙ' එසේ සිතමින් මම මගෙ එහාපැත්තේ සිටි කෙනාගෙ මූන බැලූ විට දුටුවේ එයා බලා සිටින්නේ media unit එකේ notice එකට එහයින් ඇති notice එක බවයි. 'මේ මොකද්ද මේ'
Notice 🔖
2වන වාර විබහගයේ ලකුණු හෙට දින ලබා දීමට තීරණය කර ඇත. කරුණාකර හෙට දින ඔබේ දෙමවුපියන් කැදවාගෙන පැමිණෙන්න.
- විදුහල්පති
"අපොයි Wtf! මේ සැරෙත් සුපුරුදු පරිදි පන්තියෙ අවසාන හරියෙන් රෑන්ක් එක දාලා ඇති..." මම මටම කියාගත්තේය.
"කෝ කෝ අයින්ට වෙන්න මොකද්ද මේ දැන් මතන වෙන්නෙ?"
අහ් ඒ එහෙම ඔක්කොමලව අයින් කරගෙන චන්ඩියා වගේ එතනට බැස්සෙවෙන කවුරුත් නෙවේ අපේ පන්තියෙ පොර කියලා හිතන් ඉන්න එක්කෙනා එයාගෙ නම Kim Seokjin එයා තමා හැමතිස්සෙම වගේ teachers ලට ආතල් දෙන චරිතෙ මෝඩයාවගේ හිටියට test වලදි අනිවාරෙන් පලවෙනි 10 දෙනා අතර ඉන්නවා අතකොට එයාගෙ පිටිපස්සෙන් හිටගෙන ඉන්නෙ  එයාගෙ හොදම යාලුවො දෙන්නා දකුනු අත පැත්තෙ ඉන්නෙ Min Yoongi ඒත් හැමෝම දන්නෙ Suga කියලා එයා කොහොම seokjin ගෙ යාලුවෙක් වෙලාද කියලා මට තාම හිතාගන්න බෑ පන්තියෙ ඉන්නකන් කරන්නෙ නිදාගන්න එක ඒවගේම තමා results නුත් මම වගේම පන්තියෙ අන්තිම හරියෙන් රෑක් දාන කෙනෙක් එතකොට එයාගෙ වම් අත පැත්තෙ ඉන්නෙ Kim Namjoon එයා නම් අනේ මන්දා සාමන්‍යෙන් වැඩියෙම ලමයි එක්ක කතා බහ කරන චරිතයක් නෙවේ ඒත් එයා තමා ඉතින් පන්තියෙ සිරා වැඩ්ඩා එයා පන්තියෙ පලවෙනියා වෙන එක නවත්තන්න කාටවත් බෑ මේ තුන්දෙනාම එක වගේම දක්ෂ එකම එක දෙයක් තියෙනවා ඒ music... Nam joon ගෙයි Suga ගෙයි Rap කියනවා අහන්නයි Jin සින්දු කියනවා අහන්නයි මේ ඉස්කෝලේ ඉන්න කෙල්ලො මැරෙයි. එච්චරට එයාලා ඉස්කෝලේ ඇතුලෙ ඒකට ප්‍රසිද්දයි.
~එහ් අයින්ට වෙන්නකො
~ omg Seokjin!!!...
~aneee එයාලා හරිම handsome
~Oppaaaa
එසේ වටේ කෙල්ලන්ගේ කෑගැහිල්ලට මම ගිලීසිටි මගේ සිතුවිලි තුලින් එලියට එයි. ' aishh මල විකාර...' මම එසේ සිතමින් පන්තියට ගියේය.
.................................................
(පසුදින දෙමාපිය හමුව ආරම්භ වෙයි. පංති බාර sir පැමිණ රැස්වීම ආරම්භ කරයි)
Sir: හරි අම්මලා තාත්තලා හැමෝම තමන්ගෙ ලමයි ලගින් වාඩි වෙන්න... මම පන්තියෙ අන්තිමයගෙ ඉදන් එක එක්කෙනාට කතා කරනවා...
'අපොයි... මම මේ සැරේ පන්තියෙ 39... පන්තියෙ ඉන්නෙත් ලමයි 40... ඒත් එක අතකට මම 39 උන එක කමක් නෑ... අච්චර ප්‍රසිද්ධ පන්තියෙම කෙල්ලො පිස්සු වැටිලා ඉන්න Suga ට පන්තියෙ 40 වෙන්න හොදයි නම් මම 39 උනාම මොකෝ...' මම එසේ සිතමින් මගෙ ලකුණු සාදාරණී කරනය කර ගනී.
Sir: මුල්ම එන්න 40... Min Yoongi
Yoongi's mom: බලන්න sir මේ ලමයා ලකුණු ගන්නෙම නෑනෙ... Sir ලා පොඩ්ඩක් ගහලා බැනලා හදලා ගන්නකො... මම කියන මෙලෝ දෙයක් අහන්නෙ නෑ...
Sir: එහෙම කියන්න එපා අම්මෙ... බලන්න මේ ලමයා මෙහෙම අඩු ලකුණු ගත්තට music පැත්තෙන් මේ ලමයට කොච්චර ඉහලට යන්න පුලුවන් talent එකක් තියේද කියලා...
එලෙස පන්ති බාර sir yoongi ගේ ලකුණු අඩු වීම ඔහුගේ මවට සාදාරණී කරනය කර දෙයි. 'අම්මෝ ඇතියාන්තම් sir ඉන්නෙ එච්චර තරහින් නෙවේ... මාවත් shape කලොත් හොදයි'
Sir: ඊලගට ඉන්නෙ 39... Y/n.... මොකද මේ??? කෙල්ලෙක් නේද අහ්හ?? ලැජ්ජ නැද්ද? අම්මෙ මේ ලමයා ගෙදර මොකෝ කරන්නෙ? ඉස්කොලේ හරියට එන්නෙත් නෑ... දැන් බලන්න අම්මෙ මේ පන්තියෙ අනිත් ලමයි හැමෝම වගේ මොකක්ම හරි බාහිර ක්‍රියාකාරකමක් කරනවා... ඒකට මෙයා මුකුත් නෑ... අඩුම තරමෙ එහෙම එකේ ලකුණු ගන්න ඉගෙන ගන්න එවට... ඒකත් නෑ... ඔය ලමයා මට මේ අදම ඉස්කොලේ මොකක්ම හරි society එකකින් membership එකක් අරන් ඇවිත් membership card එක පෙන්නන්න ඕනෙ... නැත්තන් මම ඔය ලමයව තවදුරටත් මේ පන්තියෙ තියාගන්නෙ නෑ... තේරුණාද?
Sir කියපු සියල්ලට ඔලුව වැනූ මායි අම්මයි පන්තියෙන් එලියට එයි. අපේ අම්මා කියන්නෙ ලේසියෙන් තරහ යන කෙනෙක් නෙවේ... එයා කවදාවත් මට පාඩම් කරන්න කියලා බල කරලා නෑ... "ඊලග සැරේ හොදටම කරමු... ඔයාට පුලුවන්..." sir අච්චර කෑගහලත් අපේ අම්මා මට යන්න කලින් කිව්වෙ ඒ වචන ටික විතරයි. ඇත්තටම මට මම ගැනම ලැජ්ජයි. 'ම්ම්ම්... මට මොකේද membership එකක් ගන්න පුලුවන්?' එහෙම කල්පනා කරපු මට එසැනින් ඔලුවට ආවේ උදේම notice board එකේ දැකපු media unit එකේ notice එකයි. මම ඉක්මනින් media unit එකට ගොස් එහි application එකක් රැගෙන ආවේය. මම පන්තියට එන වෙලාවෙව් sir අතින් report card එක ගත්තේ namjoon ය. ඔහු සුපුරුදු පරිදි මේ සැරෙත් පන්තියේ පලවෙනියාය. 'බලන්න එයාගෙ අම්මගෙ මූනෙ තියෙන සතුට... එයාට කොච්චර ආඩම්බර ඇතිද එයාගෙ පුතා ගැන... මටත් කවද හරි අපෙ අම්මගෙ මූනෙන් ඒ වගේ සතුටක් දකින්න තිබ්බ නම්... මේක හරියන්නෙ නෑ... මම අද ඉදන් මහන්සි වෙලා පාඩම් කරනවා...' එසේ සිතූ මම පාසල අවසන් වීමට පෙරම media unit එකේ application එක පුරවා එහි membership එක ලබාගෙන පන්ති බාර sir ට පෙන්නුවේය.
Sir: අහ්හ් හොදයි... අපිම බලෙන් යවන්න ඕනෙ අමතර වැඩවලට ඉස්කොලේ... මොකක් හරි එක වැඩක් හරියට කරන්න බලන්න...
Sir එසේ පවසමින් එලියට යන විටම මට msg එකක් ආවේ Media unit එකෙනි. එහි හවස පාසලෙන් පසු meeting එකක් ඇති බව දක්වා තිබුණි. 'අපොයි... අද ගෙදර ගිහින් ටිකක් නිදාගන්න හිටපු මම'
(පාසලෙන් පසු media unit එකේ රැස්වීම)
මේ රැස්වීම මෙහෙයවන Media unit එකේ සබහපති එයත් අපේ වයසෙමයි ඒත් අපේ පන්තියෙ නෙවේ එයාගෙ නම Hwang In Yeop
In yeop: හරි අද අපි ඉදිරි සතියෙ වැඩ ගැන කතා කරමු... ඔයාලා දන්නවනෙ ඉස්සරහට ඉස්කොලේ එක එක උත්සව එනවා... ඒවට අපිට මහන්සි වෙන්න වෙනවා... මම දැන් කට්ටියට වැඩ බෙදලා දෙනවා...
ඔහු එලෙස එක එක්කෙනාගෙ නම් කිය කිය වැඩ බෙදා දෙයි එවිට එකපාරටම ඔහු පවසන දේවල් අපිට හරියට නොඇසෙන්නට පටන් ගත්තේ එහා පැත්තේ music room එකේ කවුරුන් හෝ උච්චස් ස්වරයෙන් කෑගහන නිසාය.
In yeop: ඔන්න අදත් පටන් අරන්
එසේ කෑගසමින් In Yeop තරහින් media unit එකේ දොර ඇර කෙලින්ම ගියේ එහා පැත්තේ ඇති music room එකටයි.
Y/n: මොකද්ද මේ වෙන්නෙ?
මම එහාපැත්තේ ඉදගෙන සිටි කෙනාගෙන් ඇසුවෙමි.
"අයියෝ. ඕක හරි සාමන්‍ය දෙයක්... ඕක තමා ඉතින් හැමදාම වෙන්නෙ පැයේ රැස්වීම පැය දෙකක් යනවා ඇයි ඉතින් පැයක් music room එකත් එක්ක වලි... එයාලා අපිට වැඩ කරන්න බැරි වෙන්න හයියෙන් සින්දු කියනවා instrumental play කරනවා... හරි කරදරයි. ඉතින් අපිත් mic check කරන වෙලාවට revenge එක ගන්න අමතක කරන්නෙ නෑ..."
Y/n: ohhh එතකොට දැන් අරයා ගියෙ රණ්ඩු කරන්නද? එයාලා ගහගනීද දන්නෙ නෑ?
" In yeop තනියම ගහගන්න යන්නෙ නෑ... එයාගෙ gang එක හිටියනම් තමා බය වෙන්න ඕනෙ"
#දඩාස් In yeop හයියෙන් media unit එකෙස් දොර වසාගෙන ඇතුලට එයි.
In yeop:  "මම උගන්නන්නම්කො හොද පාඩමක් වෙලාවක ඕකුන්‍ට... හරි ඒකෙන් වැඩක් නෑ... අපි කොහෙන්ද් නතර කලේ? අහ්හ් වැඩ ටික කෙරෙන විදිහ... Ahh කවුද අලුත් එක්කෙනා... මොකද්ද නම Y/n ඔයා තාම අලුත් නෙ... මෙතන වෙන වැඩ ගැන අවබෝධයක් එනකන් ඔයා මේකේ cleaning වැඩ ටික කරන්න උදේටයි හවසටයි..."
Y/n: මොකක්? මේ මමද?
In yeop: නැතුව ඔයාතමා... 7 වෙද්දි clean වැඩ ඉවර වෙන්න ඕනෙ... හරිද?
'හරිනෙ දැන් සතුටුයි නෙ... දැන් වරෙන්කො හැමදාම උදේ පාන්දර ඉස්කොලේ මේක අස්පස් කරන්න...'
In yeop: හරිද??????
Y/n: අහ්හ් හරි...
........................................................
(පසු දින උදෑසන)
මම උදෙන්ම media unit එකට ගොස් මුල්ම එහි බඩු ආදිය පිහිදැමීම පටන් ගත්තේය. කම්මැලි කමට කටින් සින්දුවක් ද මුමුනමින් පිහිදදා හිටපු මට එකපාරටම කවුරු හෝ media unit එකේ දොරට තට්ටු කරන හඩක් ඇසුනි. හිමින් හිමින් ගිහින් දොර ඇරපු මම දුටුවේ දොර ඉදිරිපිට අපේ පන්තියේ කාගෙත් හිත දිනාගත් Kim namjoon ය. ඔහු මගෙ පාසල් ඇදුමේ ඇති name tag එක දෙස බලා "Y/n මට පොඩ්ඩක් කොස්ස දෙන්න පුලුවන් ද?" යැයි මගෙන් ඇසුවේය. 'යකෝ මූ බලහල්ලකො මෙච්චර කල් එක පන්තියෙ ඉදලා මේ යකා මගෙ නම කියලා කතා කරන්න name tag එක බැලුවනෙ... මොනා කරන්නද පන්තියෙ famous characters නොවුනම ඔහොම වෙනවා...' එසේ සිතූ මා දොර පිටිපස්සේ එල්ලා තිබූ කොස්ස ඔහුගේ අතට දුන්නේ කිසිවක් අසන්නේ වත් කියන්නේ වත් නැතිවය. ඔහු එය රැගෙන එතනින් ගියේය. සුලු වෙලාවකින් මම සියල්ල පිහිදමා අවසන් විය. දැන් ඇත්තේ අතු ගෑමට පමණි. ඕක කොස්ස ගෙනල්ලා දුන්නම කරනවා කියා සිතූ මම පුටුවක ඉදගෙන phone එක අතට ගත් විටම එලියෙන් කවුරු හෝ කෑ ගසන හඩක් ඇසුනි. මම දුවගොස් media unit එකේ දොර ඇර එබී බැලුවෙමි.
In yeop: අපේ කොස්ස උස්සලා තව කියවන්නත් එනවා...
NamJoon: මම උස්සපු ඇති කොස්සක් නෑ... මම ඉල්ලා ගත්තෙ මේක...
'අපොයි මට අමතක උනානෙ... Namjoon music room එකේ member කෙනෙක් කියලා... අපි දෙගොල්ලො තරහයි ලු නෙ... දැන් In yeop දැනගත්තොත් ඕක මම දුන්නෙ කියලා මාව එල්ලයි කොස්සෙන්ම' දොරෙන් එබී බලා සිටින මම සිතමින් සිටියි.
In yeop: ඇයි ඔයා හිතන්නෙ අපේ media unit එකේ අයට පිස්සු කියලද ඔයාලට කොස්ස දෙන්න...
Namjoon: ඔව් සමහර විට වෙන්න ඇති... කොහොම හරි මම හොරෙන් ගත්ත ඇති කොස්සක් නෑ... අර අතන එබීගෙන බලන් ඉන්න කෙනා තමා මට මේ කොස්ස දුන්නෙ (Namjoon ඇගිල්ල දික්කර Y/n ව පෙන්වමින් පවසයි. Y/n ඇස් ලොකුකරගෙන බලා සිටී.)


Pls wait for the next episode

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Pls wait for the next episode...😁💜

First SongWhere stories live. Discover now