Chapter 12

663 138 1
                                    

#ShineDreamSmile

~ටේහ්‍යුන්ග්~

"ඇයි....??? හොබී හ්‍යුන්ග්ට මොකද....??? කියනවා..."

මං කුකීව අල්ලලා හොලව හොලව ඇහුවා.

"බය වෙන්නෙපා ටේ. හොබීට මුකුත් කරදරයක් උනේ නැහැ.... දැකපු දේ නිසා එයා ටිකක් ශොක් වෙලා ඉන්නෙ."

RM හ්‍යුන්ග් කිව්වා.

"ටිකක්ක්ක්??? ඒ ටිකද? හොබී හ්‍යුන්ග් හොඳටම ශොක් වෙලා. එයා තාම වචනයක්වත් කතා කරනවා තියා අපේ මූන බැලුවෙත් නෑ."

ජිමින් තරහෙන් වගේ කියාගෙන ගියා.

"හොබී ගැන දන්නවනෙ. එයා පුංචි දේටත් මහ ගොඩක් බය වෙනවනෙ. ඇත්තටම කිව්වොත් අද දැකපු දේට මාත් හොඳටම බය උනා."

ඒ යුන්ගී හ්‍යුන්ග්.

"කෝ දැන් හොබී හ්‍යුන්ග්? එතකොට මොකද්ද ඔය දැක්කා කියන දේ?"

"හොබී අර ඇතුලෙ තියෙන රූම් එකේ ඉන්නවා. අපි කාටවත් ඇතුලට එන්න එපා කිව්වා එයාට පොඩ්ඩක් නිදාගන්න ඕනෙ කියලා."

ජින් හ්‍යුන්ග් කිව්වම මං අඩියට දෙකට හොබී හ්‍යුන්ග් ඉන්නව කිව්ව රූම් එක ලගට ගිහිල්ලා හිමීට දොර ඇරියා. හොබී හ්‍යුන්ග් අත් දෙකයි කකුල් දෙකයිත් වකුටු කරගෙන ඇඳේ කොනක ඉන්නවා. පොඩි ලමයෙක් වගේ. මං ලගට ගිහිල්ලා බැලුවම එයා අත් දෙක මිට මොලවගෙන ඇස් දෙකත් තදින් වහගෙන. නිදිද ඇහැරලද කියන්න මං දන්නෑ. එයා ඉන්න විදිහට තාම මුකුත් කතා කරන්න තරම් මානසිකත්වයක් නැතුව ඇති කියලා හිතුන නිසා මං සද්ද නොකරම රූම් එකෙන් එලියට ආවා.

අපි හත්දෙනාගෙන් ගොඩක්ම සෙන්සිටිව් කෙනා තමයි හොබී හ්‍යුන්ග්. හොරර් මූවි එකක් බැලුවත් එදා රෑට එයා නිදාගන්නෙ අපි කවුරුහරි එක්ක. එහෙම කෙනෙක් වචනයක්වත් කතා නොකර ශොක් වෙන්න තරම් දැකපු දේ මොකද්ද? අර වෑන් එක උඩ තිබ්බ රතු පාට දේද?

මං රූම් එකෙන් එලියට ගිහිල්ලා හ්‍යුන්ග්ලා ලගින් වාඩි උනා.

"හ්‍යුන්ග්.... මොකද්ද හොබී හ්‍යුන්ග් ඔච්චර ශොක් වෙන්න තරම් දැකපු දේ?"

"යාහ් ටේහ්‍යුන්ග් ඔයා දැක්කෙ නැද්ද ඒක? අපේ වෑන් එක උඩ තිබ්බෙ?"

Shine Dream Smile [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]Où les histoires vivent. Découvrez maintenant