#ShineDreamSmile
~ටේහ්යුන්ග්~
කවුද මේ කෙල්ල? දැකලා පුරුදුයි වගේනෙ..... ම්ම්ම්ම්ම් එයා මගේ මූන අත ගානවා. ඒ හිනාව ඒ ඇස් ඒ පිනි ජම්බු ගෙඩිය වගේ තියෙන නහය.... මාව පිස්සෙක් කරනවා... දැන් මං පිස්සෙක් පිස්සෙක්.... මාත් හිනා වෙවීම ඒ මූන දිහා බලාගෙන හිටියා. ඇස් අහකට ගන්න හිතුනෙම නෑ.
මොකක්ක්ක්.... පොඩ්ඩක් ඉන්න..... මේ අර කෙල්ල නේද.... සීනියර් හ්යුන්ග්ලට ගැහුවෙ...
"ඔයාහ්හ්හ්හ්.....????"
මං එක පාරටම ඇඳෙන් නැගිට්ටා. පටාස්ස්ස්ස්ස්ස්..... මේකි ගැහුවා නේද මගෙත් කනට ගහල අන්න නැගිටලා හිනා වෙවී යනවා
"යාහ්හ්හ්හ්... ඔහොම ඉන්නවා.... මට ගහලා එහෙම ලේසියෙන් යන්න හිතුවෙ කොහොමද?"
***********
~ජිමින්~
මේ කම්මැලි වලහා තාම නැගිටලා නැද්ද කොහෙද. වෙනදට මටත් කලින් ඇහැරෙන එකා. අද නම් සීයට සීයක් සුවර් යුනි යන්න පරක්කු උනොත් පරක්කු වෙන්නෙ මේකා හින්දා තමයි.
මං ටේහ්යුන්ග්ගෙ කාමරේට ගිහින් දොරට තට්ටු කලේ එයා නැගිටලද බලන්න. ම්...හ්හ්හ් ප්රතිචාරයක් නෑ.
ආයෙ මොකට තට්ටු කරනවද කියලා මං දොර ඇරගෙන ඇතුලට ගියා.
හෑ... මේ මොකද යකෝ මේ... මේකා දියබරියෙක් වගේ ඇඳ උඩ දඟලනවා හීනෙන් හිනා වෙවී
"යා ටේහ්යුන්ග්-ආහ්.. නැගිටිනවා මොකද ඔය අලුත් ඩාන්ස් එකක්වත් ප්රැක්ටිස් කරනවද?"
කියලා කම්මුලට එකක් ගැහුවා. මේකා ඇස් අරිනවා වෙනුවට
"යාහ්හ්හ්හ්... ඔහොම ඉන්නවා.... මට ගහලා එහෙම ලේසියෙන් යන්න හිතුවෙ කොහොමද?"
කියලා කෑ ගැහුවා හීනෙන්ම
"මං කොහෙවත් ගියේ නෑ බේබි. මං මේ මෙතනමයි ඉන්නෙ. මං ඔයාව දාලා කොහෙවත් යන්නෙ නෑ. කෝ එන්නකො චුට්ටක් බදාගෙන ආදරේ කරන්න....."
මං එහෙම කියලා ටේගෙ ඇඟ උඩට නැගලා අත් දෙකෙන්ම බදාගෙන තද කරා. එතකොට තමයි මේකා නිදි දෙව්දුව අතෑරලා මේ ලෝකෙට ආවෙ.
"යාහ් මගේ ඇඟෙන් බහිනවා ඌරො. ඩයට් කරනවා කිව්වට තාම ටොන් ගානක් බරයිනෙ. ආශ්ශ්ශ්ශ් මගේ ඉල ඇටේකුත් පැන්නද කොහෙද."

YOU ARE READING
Shine Dream Smile [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
Fanfiction𝙸 𝚜𝚝𝚒𝚕𝚕 𝚠𝚘𝚗𝚍𝚎𝚛... 𝚠𝚘𝚗𝚍𝚎𝚛... 𝙱𝚎𝚊𝚞𝚝𝚒𝚏𝚞𝚕 𝚜𝚝𝚘𝚛𝚢.....🎀 Sweet memories of teenage LOVE 💘 [Sinhala]