insufferable venom

271 61 20
                                    

ජෙස් හෙමින් ඇස් විවර කලා. ඇයට සිහිය එනවිට ඇයගේ අත අල්ලාගෙන සිටියේ ඇයගේ ස්වාමිපුරුෂයා වන මින් කුමාරයා.

"ජෙස්, මගේ මැනික...අවසානයේදි ඔබ අවදි වුනා." මින් කුමාරයා ජෙස්ව ආදරයෙන් තුරුල් කරගත්‍තා.

"මට කුමක්ද වුනේ??"

ජෙස් අමාරුවෙන් ඇස් විවර කර බැලුවෙ මින් කුමරු දෙස. ජෙස්ගේ හිසේ දරුනු කැක්කුමක් ඇති වන්න පටන් ගත්තා. ඇය නැවත සයනයෙහි හාන්සි වුනේ හිසරදය දරාගත නොහැකි වූ බැවින්.

"ඔබ උතුරු කදුකරයෙදි කැරලිකරුවන් එල්ල කල ප්‍රහාරයකින් බරපතල ලෙස සිහිසන් වුනා ජෙස්. ඔබ වැඩිය හිතන්න යන්න එපා. ඔබට දැන් සිහිය පැමිණියා පමණයි නේ. අපි ඒ ගැන පසුව කතා කරමු"

මින් කුමරු බිය වුනා ජෙස්ට සිහිය පැමිණි පසු අසන්නට ලැබෙන දේ වලින් ඇය කම්පනයට පත්වේවි යැයි කියා.

"ඩිමෙත්??? කොහිද ඩිමෙත්?? ඇය හොඳින් නේද??"

ජෙස් මින් කුමරුගෙන් විමසුවත් ජෙස්ගේ පැනය හමුවේ මින් කුමරුගේ මුහුණ දුකින් බර වනවා ජෙස් දුටුවා. ඇය නැවත සයනයේ ඉදගත්තේ තම පැනයට පිළිතුරක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන්.

"ඇයි මින්?? ඇයි ඔබ කිසිවක් නොපවසන්නේ. මට පවසන්න කොහිද ඩිමෙත්?? ඇය හොදින් නේද??"

ජෙස් නැවතත් මින් කුමරුගෙන් විමසුවා.

"ඇය මියගියා ජෙස්. "

දීර්ඝ නිහැඬියාවකින් පසු මින් කුමරුගේ මුවින් නික්මුනේ ජෙස් කිසිවිටකත් බලාපොරොත්තු නොවූ දෙයක්. ජෙස්ට ලෝකයම තමා වටා භ්‍රමණය වනවාක් මෙන් දැනුනා.

"කුමක්???? ඩිමෙත්?? නෑ මින් නෑ...මෙය විය නොහැකි. ඇයට මෙසේ මියයන්නට බෑ. මෙය කිසිසේත්ම විය නොහැකි."

සිය මිතුරියගේ වියෝව දරාගත නොහැකි වූ ජෙස් කෑගසා හඩන්නට පටන් ගත්තා. ඇයව සනසනුවස් මින් කුමරු ජෙස්ව තම පපුවෙ හොවාගත්තා.

__________________________________

සැඟවී සිටි කැරලිකරුගේ ගල් ප්‍රහාරය ඩිමෙත් වෙත එල්ල වනවාත් සමඟම ජෙස් පැමිණ ඒ ප්‍රහාරය අවහිර කරා. එය අවහිර කිරීමට යාමේදි ඒ ගල් ප්‍රහාරය යොමු වුනේ ජෙස්ගේ හිස දෙසටයි. ගල් ප්‍රහාරයේ බරපතලකමට ජෙස් සිහිසන් වෙද්දි ඩිමෙත් සිය කඩුව ඇඳ සටන් කරන්නට වුනා. සිය මිතුරියව පිරික්සමින් සටන් කිරීම ඩිමෙත්‍ට අපහසු වුවත් ඇය දිගටම සටන් කරන්න වුනා. රාජකීය සෙබලු එකා දෙන්නා ඩිමෙත්ගෙ ඉදිරියේ වැටෙන්නට වුනා. අන්තිමේදි ඩිමෙත් පමණක් ඉතිරි වී අනිත් සෙබලුන් සියලු දෙනාම අගරැජිනගේ කුලී හේවායන් අතින් මියැදුනා. ජෙස් බරපතල ලෙස තුවාල වී සිහිසන්ව සිටි ජෙස් වගේම තම කුසයේ සිටින දරුවා රැකගැනීමට කැරලිකරුවන් ඉදිරියේ වැද වැටෙනු හැරෙන්න වෙනත් දෙයක් ඩිමෙත්ට ඉතිරිව තිබුනේ නෑ. ඒ වන විටත් කැරලිකරුවන්ගේ කඩු ප්‍රහාර හමුවේ ඩිමෙත්ගේ ශරීරයෙන් රැධිරය වහනය වෙමින් තිබුනා.

Kingdom of canneryحيث تعيش القصص. اكتشف الآن