Stay

2.4K 413 459
                                    

"මේ වසරේ Artist of the year සම්මානය දිනාගනු ලබන්නේ..." නිවේදකයා කිව්වා විතරයි මුළු ශාලාවම මීයට පිම්බා වගේ නිශ්ශබ්ද වුණා...

ඒත් හැමෝම දැනගෙන හිටියා ඒ කවුද කියලා..මොකද මේ අවුරුදු ගානටම ඒ සම්මානය දින්නෙ ඒ කෙනා විතරයි..ඒ සම්මානයට එයා සුදුසුයි..ඒ තරමටම එයා දක්ෂයි..

මුළු ලෝකෙම හොල්ලපු පොඩි කොල්ලෙක්..සංගීත කණ්ඩායම් සිය ගානක්,දක්ෂ ගායකයො දහස් ගානක් අතරින් කොරියාවෙ තිබ්බ හැම සම්මාන උළෙලකම grand prize එක ගත්තෙ කොල්ලා..

"මේ වසරේ Artist of the year සම්මානය දිනාගනු ලබන්නේ...Jeon Jungkook..."

හැමෝම බැලුවෙ ඒ වාසනාවන්ත කොල්ලා දිහා..ජන්ග්කුක් බොහොම ආචාරශීලී විදිහට නැගිටලා හැමෝටම ආචාර කලේ අත්පුඩි සද්දෙ කන් පසාරු කරගෙන යන්න තරම් වේගවත් වෙද්දි..

ස්ටේජ් එකට යනකම්ම කොල්ලට සිද්ධ වුණා වටේම හිටපු එයාගෙ රසිකයන්ට අත වන වන යන්න..ඒ වෙද්දිත් මුළු හෝල් එකම "JK.....JK.....JK...."සද්දෙන් පිරිලා ගිහින්..

ස්ටේජ් එකට ගියපු ජන්ග්කුක් තමන්ට හිමි වුණු සම්මානය ගත්තෙ ආදරයෙන් වගේම ගෞරවයෙන්..

කොල්ලගෙ අවුරුදු ගානක මහන්සිය..මේ ලෝකෙ කොල්ලට කියලා හිටපු එකම කෙනාගෙ හීනේ..ඒ හැමදේම මේ සම්මානය..කොච්චර අතට ගත්තත් ජන්ග්කුක් සම්මානය දිහා බැලුවෙ පළවෙනි පාරට අද දැක්කා වගේ...

"ජන්ග්කුක්...ඔයාගෙ සතුට වවනවලට හරවන්න..ඔයාගෙ රසික රසිකාවියො වෙනුවෙන්.."නිවේදකයා ජන්ග්කුක් අතට මයික් එක දෙන ගමන් කිව්වා..

ජන්ග්කුක් මයික් එක අතට ගත්තෙ ලොකු හුස්මක් අරගෙන..

"කුමාවො හැමදේටම..අද මේ සම්මානය මට ලැබෙන්න ලොකුම හේතුව වුනේ ඔයාලගේ හිත්වල මගේ ගැන තිබ්බ ආදරේ...මං විශ්වාස කරනවා අද වගේම හෙටත් ඔයාලගේ මේ ආදරේ ලබන්න මං සුදුසු වෙයි කියලා.."

"ඒ වගේම මං කියන්නම ඔින දෙයක් තියෙනවා..මේ සම්මානය අයිති මට නෙමෙයි.."කියද්දි මුළු හෝල් එකම ගල් ගැහිලා වගේ බලාගෙන හිටියා..

"මේ සම්මානය අයිති මගේ හියොන්....කිම් ටේයොන් ට...මම ඔයාලා හැමෝගෙන්ම ඉල්ලනවා මගේ හියුන්ට අත්පොළසන් නාදයක් දෙන්න කියලා..."

Stay | KTH x JJK | CompletedWhere stories live. Discover now