Chapter 25

1.2K 229 9
                                    

Sashi pov

ජංකුක් ඔප්පා නම් ආපු ගමන් උන්නිව කෝම හරි යාලු කරගත්තා ..ටේ ඔප්පා මං දිහා බල බල කනො..මං එයාට රවලා නැගිට්ටේ ඩෙසර්ට් ගන්න යන්න ..ටේ ඔප්පත් මගේ පස්සෙන් ආවාට මං ගනන් ගත්තේ නෑ ...

මං යනකොට මගේ ඉස්සරහට වැනි වැනි ආවේ අර ඩිරෙක්ටර් කාරයා ක්‍රිස්තෝපර් ..හොදටම බීලද කොහෙද ...වයින් ග්ලාස් එකකුත් අරගෙන මගේ පැත්තට ඇවිත් මොනෝද මන්දා කියෙව්වා ..මේ යකා වැනි වැනි ඇවිල්ලා මගේ ඇගේ හැලුවා නේද වයින් එක ...😑

ආයිශ් ...තමුසෙගේ ඇස් පෙන්නැද්ද  ...ශික් මගේ ඩ්‍රස් එක ...මං ක්‍රිස් කාරයට හොදටම බැන බැන වොශෲම් එකට යන්න හදනකොට කොහෙද මන්දා ඉදලා ඇවිත් ටේ ඔප්පා මගේ අතින් අල්ලගත්තා ...

"කොහෙද යන්නේ ...." ටේ ඔප්පා මගේ අතින් අල්ලගෙන ඇහුවා ..මං හිතන්නේ එයා සිද්දිය දැකලා නෑ ..මට තවත් තරහා ගියා එහෙම ඇහුවම ...

" වොශ් රූම් එකට ...ඇයි 😒 " මං කිව්වේ ටිකක් තරහින් ..

" ඉන්න මාත් එන්නම් " එහෙම කියලා ටේ ඔප්පා මගේ අතින් අල්ලම් එහෙම කිව්වම මම අතගස්සලා දාලා තනියෙම යන්නම් කියලා ආවා ...

ආවාට මොකද ටිකක් දුර යද්දි මටත් පොඩ්ඩක් බයයි වගේ ..බාතෲම් එක තිබ්බේ කොරිඩෝ එකේ කෙලවරේම කොරිඩෝ එකේ දෙපැත්තේ හොටෙල් රූම්ස් වගයක් තිබ්බේ ....මිනිස් පුලුටක් නෑ අහල පහලකවත් ..පොඩ්ඩක් බය උන නිසාම තනියම කතා කර කර සිංදුවකුත් මුමුන මුමුනම බාත් රූම් එකට ගියා ...

බාතෲම් එකෙන් එලියට එනකොටම මාව ගල් උනේ කොරිඩො එකේ ඔක්කොම ලයිට් නිවලා තිබුන නිසා .... කලුවරට මං ගොඩක් බයයි ...බය නිසාම මගේ කකුල් දෙකත් ගැහෙන්න ගත්තා ..බිත්තිය අල්ලන් අඩියක් ඉස්සරහට තියනකොටම සද්දයක් ඇහුනා මාව හොදටම බය උනා ..ඇස් දෙකෙන් කදුලුත් බේරෙද්දි මං පෝන් එක අරන් ටෝච් එක ඔන් කරලා බැලුවා ඒත් කවුරුත් නෑ ....

ගොඩක් බයවෙලා හිටපු නිසා තරහා පැත්තකින් තියලා ටේ ඔප්පට කෝල් කරත් එයා ආන්සර් කරේ නෑ ...🙁 එතකොටම ආයෙමත් සද්දයක් ඇහුනා ..මං ආයේ පාරක් ටේ ඔප්පගෙ නම්බර් එක ඩයල් කරලා ..බයෙන් වගේ 'කවුද' කියලා ඇහුවේ කවුරු හරි මාව විහිලුවකට අරන්ද කියලත් හිතුන නිසා ..

UnTitle  [ Complete  ]Where stories live. Discover now