5 - භය

636 197 76
                                    

-අපි බයවෙන්නේ අපේ අනාගතේට නෙවෙයි. අතීතෙ වුන දේවල් ආයෙමත් වෙයි කියන බයයි අපිව අසරණ කරන්නෙ-

උදේම ඇහැරුන යුන්ගිට මුලින්ම ඇහුනේ එලියෙ කඩන්හැලෙන වැස්සෙ සද්දෙයි.

ටිකෙන් ටික ඇස් අරින අතරෙ නහයට දැනුන හනී මිල්ක් සුවඳ වගේම ළඟම දැනෙන ඒ උනුසුම ඊයෙ රෑ සිද්ධින් එක එක යුන්ගිට මතක් කලා.

හෙමීට ඇස් ඇරිය යුන්ගිට හිනාවක් ගියෙ පොඩි ළමයෙක් වගේ තමන්ට තුරුල් වෙලා නිදාගෙන ඉන්න ජිමින්ව දැකලයි.

ජිමින්ගෙ අළුපාට කොන්ඩෙ අතරින් තමන්ගෙ දිග ඇඟිලි යවන අතරෙ යුන්ගි මීට මාසෙකට කලින් විතර දවසක් මතක් කලා.

___________________________________________

රෝස්ට හරියන ඩේ කෙයා සෙන්‍ටර් එකක් හොයන එක යුන්ගිට අමාරු වුනේ දැන් ඉන්න අලුත් තැනේ ඉඳලා යන්න ලඟ වගේම ඔෆිස් එකටත් ලඟ තැනක් හොයාගන්න ඕන වුන නිසයි.
අන්තිමේදි හොයලා හොයලා යුන්ගි තමන්ට ගැලපෙන තැනක් හොයාගත්තා.

එදා මහන්සි නිසාම යුන්ගි ලඟ තිබ්බ කොෆී ශොප් එකකට ගියේ සුපුරුදු ඇමරිකානෝ එක බොන්නයි.

කාර්යබහුල කොෆී ශොප් එකේ සෙනඟ ගැවසුනත් වෙන තැනකට ආයෙ යන්න කම්මැලි නිසා වෙලාව ගියත් එතනම රැඳෙන්න යුන්ගි තීරනේ කලා.

ඕඩර් එක කියලා ඉඳගෙන තමන්ගෙ වාරෙ එනකම් ටිකක් වටපිට බලපු යුන්ගි ඕඩර්ස් ගිහින් දෙන්න යුහුසුළු වෙන වේටර්ස්ලා දෙතුන් දෙනෙක්ව දැක්කා.

ඒ අතරින් හිනා වෙවී එහාට මෙහාට දුවන ලස්සන කොල්ලෙක් යුන්ගිගෙ අවධානෙ ගත්තෙ එයාටවටත් හිතාගන්න බැරි වෙද්දියි. කොච්චර එකදිගට බලන් ඉන්න එපා කියලා හිතට කිවුවත් තව තප්පරයක් හරි බලන්න දෙන්න කියලා හිත, යුන්ගිගෙ ඇස් වලින් ඉල්ලද්දි යුන්ගි ඉබේම ඒකට අවනත වුනා.

ඕඩර් එක ගිහින් දෙන අතරෙ කස්ටමර්ස්ලා එක්ක හිනා වෙන දිහා බලන් හිටපු යුන්ගි ඒ හිනාවට එන්න එන්නම වශී වුනා. හිනා වෙද්දි තවත් බෝල වෙන කම්මුල්, හිනාව නිසාම අතුරුදහන් වෙන ඇස්, හිනාවට උදවු කරන පිරුනු තොල්...

Rose |YM| ✔Where stories live. Discover now