Prologue

1.9K 280 4
                                    


සෘතු භේදය මේ පරිසරයට ගේන්නෙ අමුතු සුන්දරත්වයක්.වසන්තයට මුලු මනින් ම වෙනස් සිසිරය,ගිම්හානයට මුලු මනින්ම වෙනස් ග්‍රීස්මය , මේ හැම සෘතුවකදීම පරිසරයට නේක විධ වර්න එකතු වෙනවා.ඒ වගේම තමා අපේ ජීවිත.එක් එක් කාල වලදි අපේ ජීවිත වලට එක් එක් වෙනස් කම් එක්ක නේක විධ වර්න එකතු වෙනව.දුක , සතුට , කෝපය , ඉවසීම මේ හැම දේකිම්ම අපිව අලුත් නිර්මාණයක් බවට පත් කරනවා.

අවුරුදු දහයකට පස්සෙ කොරියාවට එන සොන්හා ත් ඒ විදියෙ අලුත් නිර්මාණයක්. අහස උසට විහිදුනු විවිධ හැඩයේ ගොඩ නැගිලි දිහා බෙන්ස් රථයේ වීදුරුවෙන් බලා උන්නු සොන් හා අවුරුදු දහයක වෙනස් කම මනසින් මැන්නා.

"මිස් අපි ආවා"

රියදුරාගෙ කටහඩින් මනෝ ලෝකයෙන් මිදුනු සොන්හා තමන්ගෙ අතේ තිබුනු පුන්චි හෑන්ඩ් බෑග් එක තදින් මිරිකමින් "Shin group" නමින් ලොකු LED තිරයක සටහන් වුනු විශාල ගොඩ නැගිල්ල ඉස්සරහින් බැස්සා .සොන්හා ගොඩනැගිල්ල ඉස්සරහ හිට ගන්නවත් එක්කම කලු ඇද ගත්තු ආරක්ශකයො පිරිසක් සොන්හා ට හුස්ම ගන්නවත් ඉඩක් නොතියා වට කර ගත්තා..

විශාල ගොඩනැගිල්ලෙ පස්වෙනි තට්ටුවෙ තිබුනු ලක්ශරි ඔෆිස් රූම් එකට ඇතුල් උනු සොන්හා තමන් ඉදිරියේ වීදුරුවෙන් එලිය බලන් උන්නු වයස අවුරුදු හැත්තෑවක විතර පුද්ගලයා දිහා බලා උන්නෙ හැගීමක් නැති මූනකින්.

"සොන්හා වෙල්කම් බැක්"

එයා සොන්හා දිහා බලලා හින් උනා.

"ග්‍රෑන් පා"

සොන්හා සීයගෙ අත් අතරෙ හුරතල් උනා.

"අයියා කිව්වෙ උදෙම්ම එයි කියල.මොකෝ පරක්කු උනේ"

"ආ ග්‍රෑන්පා දන්නවනෙ මං ගොඩබැහැපු ගමන් කොහෙද ගියෙ කියල..මං දැක්කා ගෑන්පාගෙ කලු හමුදාව මගෙ පස්සෙන් එනවා.'

දෙන්නම එක පාර හිනා උනේ මහ හයියෙන්.එතකොටන දොර ඇරගෙන ඇතුලට ආවෙ කඩවසම් තරුනයෙක්.

"අයියා…"

සොන්හා  තරුනයා ලගට දුවන් ගිහින් තුරුල් උනා..

දකුනු ආසියාවෙ අංක එකෙර් ඉන්වෙස්ට්මන් කම්පැනි එකක් උනු ශින් ගෲප් එකේ වර්තමාන අයිතිකාරයා වුනු ලී ක්වන්ශින් ගෙ එකම මිනිබිරිය.සොන්හාගෙ උපතේදිම එයාගෙ අම්මා නැති උනේ එයාගෙ තාත්තගෙ හදිසි මරණය ගැන ආරංචි වෙලා..සොන්හට එක අයියා කෙනෙක් ඉන්නවා..ලී සොන්ජු...ශින් ගෲප් එක මේ වෙනකොට කොරියාවෙ තිබුනු ප්‍රභලම එන්ටටේන්මන්ට් අයතන වලට ඉන්වෙස්ට් කරන ප්‍රභලන ව්‍යාපාර සමූහයක්.සොන්හා අවුරුදු දහයකට පස්සෙ කොරියාවට එන්නෙ පවුලේ ව්‍යාපරය වලට සම්බන්ධ වෙන්න හිතාගෙනයි.

__________________________________

"හරි හරි මං ගෙනත් දෙන්නම් පැටියො.නෑ නෑ මට අමතක නෑ.හරි හරි පැටියො.මං දැන් ප්‍රැක්ටිස්..හවසට කෝල් කරන්නම්..සරන්හේ.."

ජින්ගෙ කටහඩේ තිබුනු ආදරනීය බව මුහුනෙ නම් නෑ.මූනත් ඇබුල් කරගෙන ෆෝන් එක සාක්කුවට දාගත්තු ජින් ටේබල් එක උඩ තිබ්බ රමෙන් එක කන්න පටන් ගත්තා.

"ඇයි ජින් හයොන්ග් නූනට බොරු කිව්වෙ.අපි ප්‍රැක්ටිස් ඉවරයිනෙ."

ජින්ගෙන් සද්දයක් නෑ..ජිමින් කියපු දේ නෑහුනු ගානට ජින් රරමෙන් කනව.

'එහෙම තමා ජිමිනා..තේරෙයි කෙල්ලෙක් සෙට් උනු දාක ඒ දුක."

එතනට ආපු සුගා ජිමින් ගෙ පිටට තට්ටුවක් දාලා දොඩම් ගෙඩියට පොතු අරින්න පටන් ගත්ත..

"ඇයි නූනල එච්චර හයොන්ග් ලට කරදර කරන්නෙ..එයාල හරි හොදයිනෙ.."

ජන්ග්කුක් ට තියෙන්නෙත් මාර ප්‍රශ්න.

"අම්මෝ ඔව් හොදයි..නිදා ගත්තම.."

ජින් ගෙ හයිපිච් වොයිස් එක එක පාරටම මතු උනා.එතකොටම එතනට ආවෙ චොප්ස්ටික් එකත් අතින් අරන් නම්ජුන්.

"ආහ් නම්ජුනා වයස පිලිවෙලට ඔයා තමා ඊලගට "

ජින් ටිකක් බර කරල කිව්වෙ විධනයක් වගේ..

BTS  කියන්නෙ මුලු ලෝකෙම ජනප්‍රිය අංක එකේ සංගීත කන්ඩායම.කිම් නම්ජුන්,කිම් සොක්ජින්,මින්‍ යුන්ගි,ජන් හෝසොක් , පාක් ජිමින් , කිම් ටේහ්‍යොන්ග් ,ජියොන් ජන්ගුක් කියන සාමජිකයින් එකතු වෙලා හැදුනු මේ සංගීත කන්ඩායම ඩිබියුට් වෙලා දැනට අවුරුදු දහයක්..දැනට එයාල සංගීත වැඩ වලට අමතරව  බිග් හිට් ආයතනයේ කලමනාකරණ වැඩත් කරගෙන යනවා.මේ අතරින් ජින් විවහ ගිවිසගෙන වගේම යුන්ගි ඔෆීශියලි ඩේටින්..අනිත් පස්දෙනා තාම තනිකඩයි.එයාලා තාම පොඩි කොල්ලො කියලයි එයාල නම් කියන්නෙ.

After a long time (Completed)Where stories live. Discover now