Chapter 7 (I need you)

644 206 10
                                    

නම්ජුන් ට පිටුපාලා උන්නු සොන්හා බලන් උන්නෙ නම්ජුන් කතා කරනකන්.තප්පර කීපයක නිහඩතාවයකට පස්සෙ නම්ජුන් කතා කරා.

"සොන්හා ඔයා...ඔයාගෙ ගවුම"

නම්ජුන් කියද්දිම සොන්හට බැලුනෙ ගවුම දිහා.ගවුම යටින් ඉස්සිලා..සොන්හගෙ කකුල් තවත් නිරාවරණය වෙලා..සොන්හා ඉක්මනට ම ගවුමත් හදාගෙන එතනින් එලියට ආවා.කාමරේ තනි උනු නම්ජුන් සොන්හා ගිය දිහා මොහොතක් බලන් ඉදලා බර හුස්මක් එක්ක ආයෙත් ලොකර් එක ඇද්දා..

නම්ජුන් පහලට එද්දි කට්ටියම ටේබල් එකේ වාඩි වෙලා වැඩ පටන් අරන්.නම්ජුන් ගෙ අතින් රෙසිපි බුක් එක ගත්තු ජින් කිචන් එකට ගියෙ හදපු කෑමට රසේ වෙනසක් තිබ්බ නිසා..

"ජුනී මෙතනට එන්න"

නම්ජුන් ජිමින් ගාවින් වාඩි වෙන්න යද්දි හල්සි නම්ජුන් ට එයා ගාවට කතා කරා..සොන්හා නම් උන්නෙ ටේ ගෙයි ජන්ගුක් ගෙයි මැදට වෙලා කච කචේකට අහුවෙලා.

"සොන්හාට බෝයි කෙනෙක් නැද්ද"

සෝරා අහද්දි සොන්හට කලින් ඇස් ඉස්සුනෙ නම්ජුන් ගෙ..සොන්හා බිම බලාගෙන උන්නු නිසා සෝරා හිතුවෙ කෙල්ල ලැජ්ජාවට බිම බලා ගත්තා කියල.

"නම්ජුනී නම් බදින්නෙ නෑ කියන්නෙ..හොබ්බටත් කෙල්ලෙක් නෑ..මොකෝ කියන්නෙ අපෙ හොබ්බ නම් එල කොල්ලෙක්"

යුන්හා හෝබි දිහා බලන් කියද්දි හොබිට කකා උන්නු ඒවත් හිර උනා..යුන්ගි යුන්හා දිහා රවල බලද්දියි කෙල්ලට හිතුනෙ එයා කිව්වෙ අනවශ්‍ය දෙයක් කියල..

"මට ප්‍රපෝසල් එකක් තියෙනව නූනා.."

මෙච්චර වෙලා බිම බලාගෙන උන්නු සොන්හා නම්ජුන් දිහා බලන්ම කිව්වා..ඒත් නම්ජුන් ගෙ නම් වෙනසක් පෙනුනෙ නෑ..

"ආශ් නූනා කිව්වෙත් නෑ."

ජන්ගුක් මූනත් බෙරි කරන් කිව්වා.

"කියන්න අහන්න එපැයි."

සොන්හ ජන්ගුක් ට ටොක්කක් ඇන්නා.සොන්හ ප්‍රපෝසල් එකක් ගැන කියපු වෙලේ ඉදන් වෙනසක් නොපෙන්නා උන්නත් නම්ජුන් උන්නෙ හොදින් නෙවේ..අවුරුදු දහයක් තිස්සෙ කියාගන්න බැරුව හිතෙ හිරකරන් උන්නු ආදරේ ට සොන්හා දැන් වයිර කරන එකත් පුදුමයක් නෙවේ..හැමෝම ඉස්සරහ සොන්හ ව එපා කියද්දි , නම්ජුන් ගෙ හිත කෑගැහුවෙම සොන්හව තුරුල් කරගන්න කියල..එදා වගේම අදත් නම්ජුන් අසරනයි.

After a long time (Completed)Where stories live. Discover now