:5: සිහිනය

499 173 23
                                    

ජිමින් මහ රාත්‍රියේ අවදි වූයේ බොගම්ගේ කඩුව ගැහැණු ළමයාගේ පපුව තුළට යන අයුරු සිහිනයෙන් දැකීමෙනි.

ඔහුගේ සිරුර දහදියෙන් නැහැවී තිබුණ අතර මුවින් වේගවත් සුසුම් පිටවිය. 'භයානකයි...' ඔහු මැතිරීය.

සිසිල් සුළඟ සඳහා පිටතට යාමට ඔහුට උවමනා විය. අද දින ආරක්ෂාවේ යෙදී සිටින්නේ නම්ජුන් බව ඔහුට සිහිවිය.

ජිමින් විවර කර ‍දොරින් පිටව යාමට තැත් කළ විට නම්ජුන් ඔහුගේ මාර්ගය අවහිර කළේය. 'ඔබට පිටව යාමට ඉඩ දිය නොහැකියි රජතුමනි.'

ජිමින් නිරුත්තර ලෙස නම්ජුන්ගේ දෑස දෙස බලා සිටියේය.

'මා ඔහුව ප්‍රවේශමින් රැගෙන එන්නම්. රජුට පිටවන්නට ඉඩ දෙන්න..' පසුපසින් හඬක් ඇසිණි.

ජිමින් හැරී බැලූ විට නැවතත් අර දෑස.

තද දුඹුරු ගැඹුරු දෑස.


හන් යුන්ගි.

GAY IS A SIN || YOONMIN || COMPLETEDWhere stories live. Discover now