ජිමින් එදා රෑ ජංකුක්ව බලන්න යනවාජිමින් මේ පෙරේදා ජංකුක්ව දැක්ක වුනත් අද ලොකු වෙනසක් තියෙනවා. ජංකුක් මැරිල වගෙ. එයාගෙ නින්දෙදි වුණත් හේබාලා ගිය කම පෙනවා. ජංකුක්ගෙ කටෙ පැත්තකින් පෙත්තක් ඇලිලා පේන්න තියෙනවා ජිමින් එතනට එද්දි. ජිමින් හිමින් සැරේ ඒක ගලවලා දාන්නෙ හොස්පිට්ල් ඇදේ එහා පැත්තෙ තියෙන බාල්දිය, කලින් කැහැලා දාපු පෙති තියෙන . ජිමින් ආයෙ අත ගද්දි ලා රතු පාටට අතේ ඛේටය ටිකක් තියෙනවා
නැගිටිනකොට ජංකුක් හිටියටත් වඩා අන්තය්
එයාගෙ ඇස්දෙක ගිලා බැහැල හිස්කබල ගාවටම වගෙ. හම හොදටම සුදුමැලි වෙලා එලලා තියෙන සුදු බ්ලැන්කට් එක තරමටම. කොණ්ඩෙ ග්‍රීස් ගාලා වගෙ ඇලිලා පන නැතුව. මුලු ඇගම ඒ වගෙ. ඒත් එයා හිනා වෙනවා ජිමින් දැකලා කොහොමද ඇහුවාම. එයා හොදින් ජංකුක් කියනවා. ඇත්තටම හොදින් මොකද ජිමින් බලන්න ආපු එක ගැන
ජිමින් විරුද්ධ වෙන්න වත් රණ්ඩු කරන්න වත්මන් ආස නෑ, කොහොමත්ම නෑ ජංකුක් මේ ඉන්න විදිහ නිසා. ඒත් එයාට බයයි. එයාට හොදටම බය ජංකුක් මැරෙනවා බලාන ඉන්න වෙන එකට. එයාට මේක වෙන්න දෙන්න බෑ. ඉතින් ජිමින් කියන දේවල් හිතල නෙමේ කියන්නෙ. ඇත්තටම එහෙම නෙමේ
ජංකුක් ගොලුයි වගෙ ඔලුව වනලා බෑ කියන්නෙ ජිමින් අත් දෙකෙන් වැදගෙන ඉල්ලද්දි. අනේ ප්ලීස් ජංකුක් ප්ලීස් ඔපරේෂන් එක කරන්නකෝ
ජිමින් එයාට ආත්මාර්ථකාමීයා කියනවා
YOU ARE READING
Unrequited🥀 [COMPLETED] ✔
Fanfiction"What does Unrequited mean?" "It means nothing" "But the book says it's a disease" - Jikook Hanahaki disease AU - [Sinhala FF]