8th Poison

130 28 9
                                    

   #ʙᴏʀʀᴀᴄʜᴇʀᴏ
• 𝓘 𝓯𝓸𝓾𝓷𝓭 𝔂𝓮𝔀 𝓲𝓷 𝓶𝔂 𝓶𝓮𝓶𝓸𝓻𝔂 •

#8th #Poison

_______________________

දෙන්නම cafeteria එකට ඇවිත් ඉඳගත්තා. ජිනා හොසෙක්ගේ රිපෝර්ට්ස් ටික අකුරක් නෑරම කියෙව්වත් එකෙන් කිසිම ප්‍රයෝජනයක් වුන්නෑ. හොසෙක්ම පිලි ගත්තා එයා මත්‍ ද්‍රවය වලට පුරුදු වෙලා හිටියා කියලා . ඒත් රිපෝර්ට් එකේ ඩ්‍රග් එක ගැන කිසිම තැනක සඳහන් වෙලා නෑ.

ජිනා වැඩකට නැති රිපෝර්ට් එක මේසය උඩට දැම්මා.

" මෙකෙන් වැඩක් වෙන්නෑ හොසෙක්. මෙකේ තියෙන්නේ ඔයාගේ අබුජිට ඕන විදිහට. "

" එහෙනම් යුනා අලුතින් චෙකප් එකක් කරන්නද මන් ?? "

කල්පනාවට වැටුණු ජිනාටත් ඇත්ත හොයා ගන්න නම් අලුතින් චෙකප් කරනේක හොඳයි කියලා හිතුණා.

" ඔව් අලුතෙන් චෙක් කරන්න. ඒත් මෙහෙන් එපා . ප්‍රයිවට් හොස්පිටෙල් එහෙකින් චෙක් කරන්න. මෙහෙන් චෙක් කරාට ඔයාට ඇත්ත දැන ගන්න වෙන්නෑ. "

හොසෙක්ට නොතේරුණාට ජිනාට තේරිලා තිබ්බේ හොසෙක් ලොකු ප්‍රශ්නයක අහු වෙලා ඉන්නේ කියලා . මේ ගැන හාර අවුස්සන්න ගියොතින් ලොකු ප්‍රශ්නයකට අහුවෙනවා. ඒත් ඊයේ හොසෙක් හැසිරුණු විදිහ ගැන හිතද්දි එයාට උදව් නොකර ඉන්නත් බැරි වුණා. 

" හරි යුනා. "

" හොසෙක් මේක රහසින් කරන තරමට හොඳයි. "

" හ්ම් මන් යනෝ. යුනා තාම උදේට කාල නෑනේ. මුලින් කාල ඉන්න. "

" හරි හොසෙක්. ආ හොසෙක් ඔයා ලඟදී ට්‍රිප් එකක් ගියා කිව්වනේ ඒ කොහේද ?? "

" සෝල් එකට එහා ෆොරෙස්ට් එහෙකට. "

" හ්ම් හරි. ඔයා යන්න . "

ජිනාට තේරුණා රිපෝර්ට්ස් වලින් කිසිමදෙයක් හොයා ගන්න වෙන්නෑ කියලා . ඒ වුණත් හෙට වෙනකන් බලන් ඉඳලා හොසෙක් ගිය ෆොරෙස්ට් එකට තනියම යනවා කියලා හිතා ගත්තා.

ජිනාට බඩගින්නක් නොතිබුණත් කෑවේ අද නයිට් ෂිෆ්ට් එකටත් ඉන්න වෙන හින්දා.

ජිනාගේ දහවල ගෙවුණේ කාර්‍යබහුල විදිහට. විවේකයකට වෙලාවක් හම්වුණේම නෑ. ජිනාට විඩාවක් දැනුණෙත් නෑ. ජිනාට අනූව එයා ගොඩක් ලස්සනයි එයා කාර්‍යබහුලව දහඩිය එක්ක පොර බඳින ගමන් ලෙඩ්ඩු බලද්දි.

ʙᴏʀʀᴀᴄʜᴇʀᴏ Where stories live. Discover now