Chapter 01 💀🕯️

1.2K 142 70
                                    

මට හැම දවසකම ඕන උනේ වෙනස්ම විදිහට ජීවත් වෙන්න.

ලෝකේ යන්නෙ මොන පැත්තටද මට ඕන උනා යන්න අනිත් පැත්තට,.....

මම ටිකක් වැඩිපුර අකීකරුයි, ඒක නම් හැමෝම කිව්වා. (ඕන්නැති එකක් නෑ)

ඒ නිසාමද මංදා අම්මා මගෙ ඉස්කෝලෙට යන හැම වතාවකම,මාව එයාගෙ ඉස්සරහින්ම තියල ගුරුවරු ඇති වෙන්න දෙහි කැපුවා.

ඉතින් හිතන්නකෝ,
ගෙදර ආවට පස්සෙ අම්මා මට වෙනදට වඩා හරි ආදරෙන් සැලකුවා.

හරි හරි කියෙව්වා ඇති, මුලින්ම මම කවුද කියල කියන්නම්කෝ,

මම ඒලෙවල් ලියල result එනකම් නිකමා වගේ ගෙදරට වෙලා ඉන්න ඩෑල් එකක්.

නෑ නෑ ඉතිම් නිකමා වගේ කිව්වට කරන්න ඕන කියල හිතේ තියාගත්ත වැඩ ලිස්ට් එකක්ම තියේ (ආපහු කියවන්න පටන් ගත්තා නේ)

මගේ නම ඉෂූ...

ඉෂූ රත්නායක, අම්මටයි තාත්තටයි ඉන්න රටක් වටින එකම දුව,

මුලු පව්ලටම ඉන්න ලෝකයක් වටින එකම කෙල්ල,

මේ ඉම්නෙ මම්, photo එකට වගේ ඇත්තට ඔච්චර ලශ්ශන නෑ අප්පා, අපායට ගහපු කැලැන්ඩරේ වගේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මේ ඉම්නෙ මම්, photo එකට වගේ ඇත්තට ඔච්චර ලශ්ශන නෑ අප්පා, අපායට ගහපු කැලැන්ඩරේ වගේ...

ඉතින්...

අපේ අම්මා ගැන කිව්වොත් එයාට නිතරම මගේ ගැන හරි ලස්සන ආදර්ශ පාඨයක් තිබ්බා.

'නාහෙට අහන්නැති හරක් තඩියෙක්, එළදෙනක් හදා ගත්තනම් මම ගොම ටිකක් ගන්නවා පැල වලටවත් දාන්න'

(හ්හ උදව්වක් ඕන උනාම මම් තරම් හොද එකෙක් ලොවෙත් නෑ..... )

අම්මා කියනවා වගේම මගේ තවත් නාහෙට අහන්නෙ නැති එක ඕන කමක් තිබ්බා...

ඇත්තටම ඒක මගෙ හීනේ...

ඔය වගේම අකීකරු කම් මැද කාලය ගොඩාක් ගෙවිලා,

දවසින් දවස දවස් ගෙවිලා මට අවුරුදු 20ක් වෙන්නත් ලගයි,

ඉතිම් පොඩී ඈ..

ඒත් ප්‍රශ්නෙ තමා මගේ සිගිති මන්ද මානසික ඔලමොට්ටල ගොබ්බ අදහස් වලින් නම් මනස පිරිලා ඉතිරිලා ගිහින් තිබුනා.... .

ඒකට හරියන විදිහටම මටම හරියන මගේ හොදම යාලුවා හරක් පැටියෙක්...

ඒත් මම් ආදරෙයි, හුම්.,

ඇත්තටම එයා මැරුණත් එනවා එකට යන්න,

මගේ ජීවිතේ මෙච්චර කාලයකට වචනෙකින් කියල ඉවර කරන්න බැරි හොදම හොදම යාලුවා,

සහෝදරියන් නැති මට මගේම සහෝදරිය.

ඒත් අපි අතර ලොකු ප්‍රශ්නයක් තිබුනා...

▶️▶️▶️▶️▶️▶️▶️▶️▶️▶️▶️▶️▶️

හායී...

මේ මගේ පලවෙනි horror fiction එක,

වැරදි අඩුපාඩු නම් ඕන තරම් ඇති😞,

මම විශ්වාස කරන්නම්🙂

මේක හොද එකක් වේවී❤️

ඔයාට හිතුන දේ මට කියාගෙන යනවද

අඩුපාඩු, වැරදි හදාගන්න උදව් ඕන

ඒවා තියනවනම් මට කියන්න ❤️🌹

- HUNTING SOULS -   / completed ✅/Where stories live. Discover now