Unforgettable

377 73 66
                                    


Jungkook pov


අපි දෙන්නා cafe එකෙන් එළියට ඇවිල්ලා car එකට නැග්ගා. ඒ පාරනම් එයාට seat belt  එක දාගන්න අමතක වෙලා වගේ. 

මං එක පාරටම එයාට ලං වුණා. කොච්චර ලං උනාද කිව්වොත් එයාගෙ හුස්ම මගේ මූණේ වදින තරමටම. එයා ඇස් දෙකත් ලොකු කරගෙන මගේ දිහා බලන් හිටියා. ඒ චොක්ලට් දුඹුරු පාට ඇස් දෙකේ අතරමං වෙන්න මට මහ වෙලාවක් ගියේ නෑ. මගේ කොන්ද ටිකක් රිදීගෙන එනකොට තමයි මට මීටර් උනේ මං seat belt ගෙ එක දාන්න නේද හැදුවෙ කියලා.

එයා තාමත් මං දිහා බලන් ඉන්නවා. මං තව ටිකක් එයාට ලං උනා. දැන් අපි අතරෙ පරතරය සෙන්ටිමීටරේකටත් වඩා අඩුයි. මට තේරුණා මගේ පාලනය මගේ අතින් ගිලිහෙනවා වගේ. කාන්දමකට ඇදිලා යන යකඩ කෑල්ලක් වගේ මං තව තවත් Jin ගාවට ඇදුණා.

ඒත් එක්කම වගේ එයා ඇස් දෙක පියාගත්තා.

මං හරි සිහියට ආවෙ ඊට පස්සේ.

මට කලින් හිනා වෙච්ච එකේ පලිය ගන්න මේක තමයි හොදම වෙලාව.

මට කලින් හිනා වෙච්ච එකේ පලිය ගන්න මේක තමයි හොදම වෙලාව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


එයා ඇස් දෙකත් වහගෙන හිටියා. විනාඩියක්. දෙකක්.

එයා බලාපොරොත්තු වුණ දේ සිද්ද නොවෙච්ච නිසාද කොහෙද ඇස්දෙක හිමීට ඇරියා.

ඒ වෙද්දි මං එයාගෙන් ඈත් වෙලා හිටියේ.

මං දිහා බලන් හිටිය විදියට මට හිනාත් ගියා.

"ඔයා මොකටද ඇස් වහගත්තේ?" මං පුලුවන් උපරිම අහිංසක විදියට ඇහුවා.

"බැරි වෙලාවත් ඔයා හිතුවද........... මං ඔයාව kiss කරයි කියලා?" මං කුප්ප හිනාවක් දාලා ඇහුවා.

 මං ඔයාව kiss කරයි කියලා?" මං කුප්ප හිනාවක් දාලා ඇහුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
My Hidden Love | Sequel to Secret Love|| SinhalaWhere stories live. Discover now