🌼 YOU ARE MY SPRING 🌼

144 20 3
                                    

වෙනද වගේම එයා අදත් බැලුවෙ සේහි දිහා විතරයි.හිත රිදුනත් ඒක එයාට සධාරණ ඇති.මොකද එයා ආදරේ කරනව ඇත්තෙ සේහිට.එයා දිහා හොරෙන් බලනව වගෙ සතුටක් මට වෙන නෑ.අනෙ මගෙ ආදරෙ එයාට දැනෙන්නෙ නැත්තෙ ඇයි මන් මෙච්චර පව්කාරයෙක්ද.....

මම ලීනා.මට වයස 23.ඉගෙන ඉවර වෙලා තවත් අම්මට තාත්තට කරදර කරන්න බැරි නිස මන් තීරණය කරා ජොබ් එකකට යන්න.මගෙ හොදම යාලුව හෝසෝක්. එයාගෙ මාර්ගෙන් මට පුලුවන් වුනා එයාට වැඩ කරන කම්පැනි එකේම Quality Supervisor කෙනෙක් විදියට වැඩ කරන්න.හරිම සරල වගේම තව පැත්තකින් ගොඩක් කාර්‍යබහුල රස්සාවක් වුනත් මන් ආසාවෙන් කරෙ මගෙ ජීවිතෙ මට ලැබුන පලවෙනි වගෙම හොදම ජොබ් කියල හිතල.ඉතිම් මේ මගේ කතාව.....

❤️"සේහී...අර කොල්ල උබ දිහා බලනවා..."

💗"හම්මො උබට පිස්සුද.බලපන් ඔහෙන් යුන්ගි අයිය මුල්ලක බලන් ඇති මාව මරන් කන්න වගේ....."

සේහිගෙ බෝයි යුන්ගි අයිය.එයාට නිවුන් සහෝදරයෙක් ඉන්නව ජිමින් කියල.ජිමින් අයියත් හරි හොදයි.එයා නම් යාලුවෙලා ඉන්නෙ HR එකේ මිස් කෙනෙක් එක්ක.කෝම උනත් යුන්ගි අයිය නම් නයි කොච්චි මිරිස් කරලක් වගේ.සේහි විතරක් නෙවෙ මන් වුනත් කොල්ලෙක් එක්ක කතා කරත් ඔරවනවා.ඒ තරහට නෙවෙ එයා සේහිව පන වගෙ පරිස්සම් කරනකොට මාව එයාගෙම නංගි කරගත්ත...

❤️"හම්මො බලපන්කො උබෙ ප්‍රේම කුමාරයාට ආයුශ වැඩි අන්න එනව..."

අදත් උදේම බස් එකෙන් බැහැපු ගමන් මන් එයා දිහා බැලුවත් එයා බැලුවෙ සේහි දිහා විතරයි.උදේ පාන්දරම හිත රිදුනත් අපේ පැත්තට එන යුන්ගි අයියව දැක්කම හිත පිරුන මට...

❤️"ගුඩ්මෝර්නින් යුන්ගි අයියෙ..."

යුන්ගි අයියව දැක්ක ගමන් මන් යුන්ගි අයියගෙ අතේ එල්ලිලා හිනා වුනා.මන් යුන්ගි අයියගෙ අතේ නෙවෙ කරෙ එල්ලුනත් කවදාවත් සේහි මගෙ දිහා වැරදියට බැලුවෙ නැ.ඒ තමයි අපේ යාලුකමෙ වටිනාම පැත්ත.යුන්ගි අයියටත් කවදාවත් මාව වදයක් වුනේ නෑ...

💙"අපි යමුද චූටි...."

ඒ දෙන්න මගෙන් වෙන් වෙලා එයාලගෙ සෙක්ශන් පැත්තට යනකොට මම හැරුනෙ මගෙ සෙක්ශන් පැත්තට යන්න...අරයත් මන් ඉන්න සෙක්ශන් එකේම IT සයිඩ් එකෙන් ජොබ් එක කරෙ..මන් දැක්ක මන් යනකොටම එයත් මට ඉස්සරහින් මාව පහු කරන් ගියා.ඒත් මන් දිහා නෙවෙ සේහි දිහා විතරක් බලල.අනෙ මට ඔහොම කරන්න එපා ගොඩක් රිදෙනව මට.මන් කාටවත් නොදැනෙන්න මගෙ පපුව අල්ලගත්තෙ තවත් මට දරාගන්න අමාරු නිසා.අඩන්න බෑ මේ දෙනෝදාහක් මැද්දෙ ඒත් හැමදාම රෑට මන් තනියම ඇඩුවා...

You've reached the end of published parts.

⏰ Last updated: Aug 04, 2021 ⏰

Add this story to your Library to get notified about new parts!

🌼YOU ARE MY SPRING🌼Where stories live. Discover now