Second part ( End )

227 70 20
                                    

සිහිනයට මඟ කියූ තාරකාවිය
(One Shot / Second & last part )

|02|

" හෙලෝ ... ටේ ...."

" ඔව් දුල් .... කියන්න ...."

" මං ඔයාගෙ වැඩේ ඇරේන්ජ් කළා .... ජින් අජුශ්ශි කිව්වා නෙක්ස්ට් වීක් එකේ එයා අළුතෙන් කීප දෙනෙක්ට ක්ලාස් එකක් පටන් ගන්නවා කියලා .... ඔයාට ඒකටම ජොයින් වෙන්න පුළුවන් ...."

දුල් කිව්වත් මෙච්චර ඉක්මනින් දුල් මේක ගැන කියලා කෝල් කරයි කියලා ටේ හිතුවෙ නෑ .... අහම්බෙන් වගේ දුල්ව තමාට මුණ ගැස්වූ දෛවය ගැන ටේට පුදුම හිතුනා ....

" හුඟාක් තෑන්ක්ස් දුල් .... මං කවදාවත්ම හිතුවෙ නෑ මට ඒ දේ කරන්න පුළුවන් වෙයි කියලා .... හීනයක්ම විතරක් වෙයි කියලා මං හිතුවේ ...."

" හීනයක් තමයි .... ළඟදිම හැබෑවෙයි .... කොල්ලා අවෝඩ් එකක් ගත්ත දවසකම සෙලිබ්‍රේට් කරමු නෙහ් ....? "

එහෙම කියපු දුල්ගෙ දඟකාර හිනාව ඇහෙද්දි ටේගෙ හිතට දැනුනෙ අමුතුම හැඟීමක් .... කොච්චර ප්‍රසිද්ධ වුණත් ඒ ගැන හිතන්නෙ නැතුව දුල් කොල්ලට සලකන්නෙ ළඟම කෙනෙක් වගේ .... ඒ හිනාවේ ව්‍යාජ බවක් නම් නෑ කියලා ටේට තේරුණා ....

|Time Pass

   අහම්බෙන් වගේ හම්බවුණ ටේ , දුල් කියන්නෙ දැන් හොඳම යාළුවො ....දෙමව්පියන්ගේ කිසි රැකවරණයක් නැතිව .... යාළුවෙක් පවා නොමැතිව හැදී වැඩුණු දුල්ට ටේගෙ මේ හමුවීම ගොඩක් ලොකු සතුටක් වුණා .... වෙලාවකට මිනිසුන් වැඩිය නැති තැන් වලදි හම්බවෙලා දෙන්නා කතා කරනවා .... නැත්තම් කෝල් එකක් මැසේජ් එකක් වරදින්නෙ නැති තරම් .... හුඟ කාලෙක ඉඳලා ආශ්‍රය කරපු යාළුවො වගේ ශක්තිමත් බැඳීමක් දැන් දෙන්නා අතර තියෙනවා ....

ටේ , කිම් සොක් ජින් කියන ප්‍රවීණ රංගන ශිල්පියා එහෙමත් නැත්නම් දුල්ගේ අප්පගෙ ඥාති සහෝදරයා යටතේ පුහුණු වීම් පටන් අරගෙන ඇති අතර ටේ ළඟ තියෙන සහජ දක්ෂතා ජින් හොඳින් අවබෝධ කර ගත්තා .... ටේගෙ අනාගතය ගැන දුල් එක්කත් ජින් කතා කළේ සතුටින් .... මොකද ඔහු ඒ තරම් දක්ෂයි .... කාලය තරමක් ගත වන විට ඇතැම් වෙබ් ඩ්‍රාමා වල වගේම කේඩ්‍රාමා වල සුළු සුළු චරිත වලට සහභාගී වීමට ටේට හැකියාව ලැබෙනවා .... ඒක ටේගෙ අනාගත රංගන ජීවිතයට හොඳ අත්තිවාරමක් වුණා  ....
 
" ටේ .... මට ළඟදි ෆ්‍රාන්ස් යන්න වෙලා ...."

සිහිනයට මඟ කියූ තාරකාවිය ( COMPLETED )Where stories live. Discover now