"යා.... කවුද මේ පාරේ යන්න දන්නෙ නැති මෝඩයා 😑"
චෝහි මහ හයියෙන් කෑගහුවේ ජීප් එක ඇතුලෙ ඉදපු කොල්ලා බය වෙලා එලියට එද්දි..
" තමුසෙගෙ ඇස් පොට්ටද මනුස්සයො. අපි මේ පාර පනිනවා දැක්කෙ නැද්ද? හැප්පුනා නම් මොකක්ද කරන්නේ 😑 "
Boy :"මියන්හේ මියන්හේ 😐 හැප්පුනේ නෑනේ ඉතින් කෑගහන්න එපා. "
" දැන් මෙතන ඔයාව හුරතල් කරන්නද කියන්නේ🙂. බලනවා අපි ගත්ත බඩු සේරම බිම. දැන් අපි ආපහු මාකට් යන්න ඕනේනෙ "
Boy :"මියන්හේ ඕනෙ නම් මන් මාකට් එක ළගට ගිහින් දාන්නම් 😐 "
" අනී.. එහෙම කරන්න ඕනේ නෑ. අපෙත් වැරැද්ද බලන්නෙ නැතුව පාර පැනපු එක. මියන්හේ."
" යා... හායුනා තවුසෙට පිස්සුද මේ යකාට මියන්හේ කියන්නේ. අපිද වැරදි එයානෙ වැරදි. මේ වගේ පාරක එච්චර වේගෙන් යනවද? "
" චෝහි කෑගහන්න එපා බන්. අපි යමු ඕම්මලා ඇවිත්ද දන්නෙ නෑ. එයාලා ඇවිත් නම් එහෙම මේකට වැඩිය දෙයක් වෙයි දන්නවනෙ."
" මේ මගේ යාළුවා නිසා මිස්ටර්ව අතෑරියා කියලා හිතාගන්න. ආයේ එහෙම මට හම්බවෙන්න එපා. කරනවා හොඳ වැඩක් මතක තියාගන්න ඒක "
චෝහී එහෙම කියද්දි ඒ බෝයි ලස්සනට හිනා වුනා...
හායුන් චෝහිවත් ඇදගෙන බඩු ටිකත් අහුලගෙන ඉක්මනට එතනින් ගියේ තව හිටියොත් චෝහී ඒ මනුස්සයට ගහයි කියලා බයේ. චෝහිට යකා ආවේශ වුනාම කරන්නේ මොනවද කියන්නේ මොනවද කිසිම දෙයක් මතක නෑ. යස්සනියක්ම තමයි තනිකරම.
කෙල්ලො දෙන්නා යන දිහා හිනාවේවි බලන් හිටපු ජිමින් ජීප් එකට නැග්ගෙ ඒ නයි මිරිස් කරල කවුද කියලා හිතන ගමන් .
YOU ARE READING
Heartless Lover (Completed )
Fanfictionආදරේට කරන්න පුළුවන් මොනවද, ආදරේකට පුළුවන් මනුස්සයෙක් රාස්සයෙක් කරන්නත්.. රාස්සයෙක් මනුස්සයෙක් කරන්නත්.. බාගෙට මියැදුනු හදවතකට යලි පණදෙන්නත්.. පණ ගැහෙන හදවතක්අමු අමුවේ මරා දමන්නත්..