Chapter 30

389 80 5
                                    

සති දෙකක වගේ කාලයක් තමා ඒ location එකේ ශූටින් තියෙන්න තිබ්බෙ එයාලට.. ඩ්‍රාමා එකේ ශූටින් පටන් ගෙන තිබ්බට ඒ තරම් ලොකු සීන් ටිකක් ශූට් කරලා තිබ්බෙ නෑ. මේ තමා කට්ටිය ඔක්කොම වගේ ප්‍රධාන වශයෙන්ම ශූටින් පටන් ගන්න යන්නේ.

බෝට තිබ්බ ලොකුම උවමනව තමා ශාන් එක්ක එකම රූම් එකක ඉන්න එක එහෙ ගිහින්. බෝ කොච්චර කියුවත් ශාන් මේ අදහසට එච්චරටම අකමැති උනේ බෝගෙ හැටි දන්න නිසා බෝගෙම හොඳටයි. එයා තේරුම් අරන් හිටියා එයාලගෙ මේ බැඳීමට ලොකූ ආශිර්වාදයක් ලැබෙන්නේ නැති බව. එයා බය උනේ මේ දේවල් ප්‍රසිද්ධ උනොත් බෝට මොනව වෙයිද කියලයි. මොකද එයා තාම බෝ තරම් ප්‍රසිද්ධ නොවුන නිසා එයා හිතුවා බෝට වෙන හානිය වැඩී කියල. ඒත් ඉතිං බෝ කියන්නෙ අනිත් අය කියන දේවල් වලට එයාගෙ ජීවිතේ පාලනය කරන්න දෙන්නේ නැති කෙනෙක්නේ. බෝ කිසිම වෙලාවකදි ශාන් කියන ඕනම දෙයක් ඇහුවත් මේ කාරණාව කියපු ගමන් ශාන් එක්ක තරහ ගන්නව කියල ශාන් මේ වෙද්දී අත්දැකීමෙන්ම දැනන් හිටියා. ඒ නිසා එයා පුලුවන් තරමින් බෝගෙන් ප්‍රසිද්ධියේ ඈත් වෙන්න උත්සාහ කලා. ඒත් මේ වෙද්දිත් ඩ්‍රාමා එකේ grp එකම officially නැතත් මේ දෙන්නා ගැන හිටියා. කාත් එක්කවත් වැඩි කතාවක් නැති ආඩම්බරකාර බෝ රැයක් දවාලක් නැතිව ශාන් පස්සේ කැරකෙන විදිහ.... ශාන් ගැන එයා වද වෙන විදිහ වගේම නොදැනුවත්වම ශාන් බෝ ගැන වද වෙන විදිහ... ඈත් වෙන්න උත්සාහ කලත් බෝගෙ දිහා බලද්දි ශාන්ගෙ ඇස් වල පිරිලා තියෙන ආදරේ.... මේ දේවල් හැම දේම කට්ටියට තේරිලා තිබ්බත් කවුරුවත් මුකුත් නොකියුවේ ඇත්තටම ඒ දෙන්නාගෙ ආදරේ ඒ ඔක්කොටම දැනුන නිසයි. යැන්ග්සි හැර අනිත් හැම කෙනෙක්ම මේ දෙන්නා දිහා බලලා සතුටු උනා...

කට්ටිය අලුත් location එකට පිටත් උනේ උදේ පාන්දර 4.30ට. බෝට ඕන උනේ එයාගෙ කාර් එකේ වෙනම යන්න ශාන් එක්ක. ශාන් කොච්චර දේවල් කියලාද බෝව කට්ටියත් එක්කම යන්න කැමති කරගත්තෙ කියනව නම් ශාන්ට කැමති වෙන්න උනා බෝගෙ විකාර ඉල්ලීමකටත්....ඒ තමා ශාන්ව makeup කරන්න බෝට ඉඩ දෙන්න ඕන කියල...😂 බෝට නම් මේ ගමන ට්‍රිප් එකක් වගෙයි දැනුනේ.... ශාන් එයා ගාව ඉන්නවා නම් එයාට අපායට ගියත් ඒකත් ට්‍රිප් එකක් වගේ තමා. 😜😜

Love You More - Completed Where stories live. Discover now