☁20th Cloud☁

337 141 189
                                    

දිවිය...

ටේහ්‍යොන් නිතරම වාගේ අඳුරු වනයෙහි මෙඩූසාගේ නිවහනට ගියේය..

දිනෙන් දින පූදින මල් සේම ඔවුන් දෙදෙනාගේ ආලයත් ටිකෙන් ටික සවිමත්ව ලියලා වැඩුණි.

ටේහ්‍යොන්ට අඳුරේ සිටියාට කිසඳු දුකක් නොවීය..
ඔහු ආලය කලේ ඇගේ හදවතටය..ඇගේ කටඬින් ඔහු ඇයව තම මනසේ සිත්තම් කර ගත්තේය .
එය ඔහුට ප්‍රමණවත් විය..

ඇය ඔහුගේ රුව දෙස බලා ඔහුගේ උණුසුම් ආල හැඟුමන් වලින් සතුටට පත්ව සිටියාය..

ඔවුන් දෙදෙනා විසල් දිවියේ එක් කුඩා මොහොතක් උපරිමව විඳිමින් සිටී..

〰️〰️〰️

මෙඩුසා.........................!

අතීනා අල්තාරය මත වූ බඳුන් විසි වි යන පරිද්දෙන් තම දෑත් චලනය කළාය.

ඇය එසේ නම් දැන් ආලය කරනවා..
හහ්.....මා ඇයව අඳුරු වනයට යැව්වේ ඇයට කිසිවෙකුගේ ආලය හිමි නොවිය යුතු නිසා..නමුත් අර මුග්ධයා ටේහ්‍යොන් .......... ඔහු ඇයව සොයා ගොස්.......හහ් ..............
කුමන් විකාරයක් ද..?

කෝපයෙන් කෑගැසූ ඇතීනා තම හස්තයෙහි වූ අසිපත දැඩිව අල්වා ගත්තේය..

〰️〰️〰️〰️〰️

එදින රාත්‍රියේ මෙඩූසා සිටියේ තනිවමයි..

එක්වරම ඇගේ සවනට ඇසුනේ කවුරුන්හෝ ආගන්තුකයෙකුගේ පා හඬකි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එක්වරම ඇගේ සවනට ඇසුනේ කවුරුන්හෝ ආගන්තුකයෙකුගේ පා හඬකි..

ටේහ්‍යොන් ......... ඔහු වන්නට බැහැ.. ඔහු රාත්‍රියේ පැමිණෙන්නේ නැහැනේ..

තමන්ටම මුමුනාගත් මෙඩූසා තම දෑස් විසල් කොට ගෙන ආගන්තුකයා ඉදිරියට එක්වරම පිනූයේ තවත් පිලිමයක් එක්කරගැනීම සඳහාය.

POISON_LOVE [✅]Where stories live. Discover now