WOLF - FOUR

1.5K 381 5
                                    

අවුරුදු ගානක් කූඩුවක හිර වෙලා ඉන්නකොට කෙනෙක්ට මොන වගේ හැගීමක් දෙනෙයිද?? තිරිසන් සතෙකුට අන්ත විදිහට සැලකුම් ලබද්දී.. එතනින් පැනලා යනවා ඇරෙන්න වෙන විසිදුමක් හිතට දැනෙයිද?? නෑ නේද??

මටත් ඒ වගේමයි... ජියෝන් ජන්කුක්... අවුරුදු පහළොවෙදී ඇමෙරිකාවේ ප්‍රසිද්ධ විද්‍යාගාරයක් පරීක්ෂණ මීයෙක් වුන මනුස්සයෙක්...

උන් මට තියෙන්නේ විශේෂ ජාන වර්ගයක් කියලා හොයාගත්තා... ඊට පස්සේ මාව උන්ගේ විද්‍යාගාරයට අරගෙන ආවා.... එක එක දවසට එක එක ජාතියේ එන්නත් විද්දා... අවුරුදු දෙකක පරීක්ෂණයක් !!

අන්තිමට උන්ගේ පරීක්ෂණය අසාර්ථක වුනා... එතකොට මං ??

උන්ගේ වැරදුන බෙහෙතක් නිසා මං මිනිහකුත් වෘකයෙකුත් අතරමැදියෙක් වුනා... වෙලාවෙකුට මනුස්සයෙක්.. තවත් වෙලාවකට මනුස්සයෙක්...

මං හිතුවේ උන් එතනින් නවතියි කියලා ඒත් නෑ....උන් ආයේ වෙන පරීක්ෂණයක් පටන් ගත්තා... එතකොට මාව හැදින්වුවේ වෘක මිනිසා කියලයි...

හැමදාම ලැබෙන කස පාරවල්.. එන්නත්.. බෙහෙත් ජාතී... ඉතින් අන්තිමට.. මං තීරණය කළා... පැනලා යන්න .... එතන හිටපු සේවකයෙකුගේ මාර්ගයෙන් මට ඒ මිනිස් තිරිසූන්නුගෙන් ගැලවිලා එලියට යන්න පුලූවන් වුනා... අවුරුදු තුනකට පස්සේ මං ඉර එලිය දැක්කා... වායු සමීකරණයෙන් එන කෘතිම හුළං වෙනුවට... ගස් සෙවනක නුවම් සුවද වින්දා... ලැබුන නිදහස නැති කරගන්න මං කැමති වුනේ නෑ... මං දිව්වා.. පුලුවන් තරම් ඈතට දිව්වා.. මිනිස් ස්වරුපයෙන් ඉන්නවට වඩා වෘක ස්වරූපයෙන් ඉද්දී මට කෑලෑ ගමන පහසූ වුනා.... විද්‍යාගාරය තිබුනේ කෑලෑව ක් ලග නිසා....මට පැනලා යන්න ලේසී වූනා... මෙතරම් විශාල කැලෑවකින් උන්ට මාව ලේසියෙන් හොයාගන්න වෙන්නේ නැති බව මං හොදින්ම දැන් මං....

.
.
.
.
.
.
.

දවස් ගානක් මං කැලෑවේ ඇවිද්දා... හරිහැටි කෑමක් බීමක් නැතිව ඔහේ හැරුන හැරුන අතට මං අඩිය තිබ්බා...

ඒත් එක් දවසක් හවස...මං කැලේ ඇවිද ඇවිද ඉන්නකොට මට තවත් වෘක රැළක් හම්බුනා...ඒත් ඒ ඇත්තම වෘක රැළක්... රැලෙන් අතහැරපු වෘකයෙක්ට අනෙක් රැලේ වෘකයන් කරන්නේ මොකක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහෑ... මේකත් ඒ වගේ... අන්තිමට මට පණ බේරගන්න දුවන්න වුනා...දවස් ගනකින් හරියට කෑමක් වත් ලැබුනේ නැති නිසා මට දුවා ගන්නවත් පණ තිබුනේ නෑ.. ඒත් හිතට වීරිය අරගෙන මං දිව්වා..

WOLF (  𝚝𝚊𝚎𝚔𝚘𝚘𝚔 ) ✅Where stories live. Discover now