(2)

245 74 1
                                    

'ඒ පිරිමි ළමයා කවුද?' අඳුරේ ගිලුණු කාමරයේ ගැඹුරු හඬින් ඇඟේ ගත වෙව්ලයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


'ඒ පිරිමි ළමයා කවුද?' අඳුරේ ගිලුණු කාමරයේ ගැඹුරු හඬින් ඇඟේ ගත වෙව්ලයි.

තමාගේ අට හැවිරිදි කුඩා සොයුරා පිටුපසට කර සඟවා ගත් ඇය හිස එසවූවාය. 'එයා... මගේ...'

වාතය පසාරු කරමින් වැනෙනා බඳ පටියේ හඬට චේමින්ගේ ගත වෙව්ලයි. කුඩා සොයුරා බියෙන් ඇගේ දෑතේ එල්ලී සිටින්නේ නිය කාවදින තරම් තද ග්‍රහණයකිනි.

'තමුන් මේක තනියම ගන්නවද? මම ජිමින්ගෙන්...' පියාගේ හඬත් සමගම ඇය දෑසින් ආ කඳුළු පිසදා ගත්තාය.

'මම කරන්නම්...' ඇය ජිමින් වෙතට නැඹුරුව ඔහුගේ කනක් සිම්බාය. 'දුවන්න මගේ මැණික. හැංගෙන්න.'

තමාගේ අත අතහැරි කුඩා සොයුරා දුවයන ආකාරය බලා සිටි චේමින් කෙළ ගිල්ලාය.

පියාගේ දෑත් මත තිබූ ලණු කැරැල්ල දුටු ඇය කඳුළු වළකා ගන්නට හුස්මක් ගත්තාය.

'අත් උඩට...'

චේමින් තමාගේ දෑත් උඩට කර එසවූ විට දෑත් ගැට ගැසෙන බව ඇයට දැණින.

අඳුර තුළ දෑස් ගිලී යද්දී දඩස් ශබ්දයකින් තමාගේ දෙදණ බිම වැදෙනා ආකාරය ඇයට දැණිනි.

If Only | YM |ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now