දහසය වන වියරුව

117 29 2
                                    


………… මව් රැජිනගේ කුටිය ...........

" කුමක්ද සිදු කරන්නේ?? මගේ දියණියව බේරාගත යුතුයි.  ඇය කොහිද? ඇය හා මනසින් සම්බන්ධ වීමට ඇයි මට නොහැකි , කවුරුද අප අතරට පැමිණෙන්නේ,"

" සමාවෙන්න මව් රැජිනියනි, වෘක රැජිනියගෙන් ඔබතුමීයට පණිවිඩයක් "

" කුමක්ද "

" හැකි ඉක්මනින්ම සැන්ඩි කුමරිය අසලට පැමිණෙන්න යැයි පැවසුවා"

" කුමක්ද එතන සිදුවන්නේ"

" සැන්ඩි කුමරිය මරණාසන්නයට පත්වෙලා රැජිනියනි "

" කුමක්ද "

පණිවිඩකරුවත් තල්ලු කරන් දිව්වේ  සැන්ඩි ඉන්න තැනට. පිටතින් ඇග සුදුමැලි වුනත් ඇග ඇතුලෙන් සැන්ඩි ගොඩක් තුවාල වෙලා, යුමී එක්ක සම්බන්ධ වෙන්නත් කිසිම ක්‍රමයක් තිබුනේ නෑ, අවසන් උත්සහයත් අසාර්ථක වුනා.

______________________________________

…………… ඩ්‍රැකියුලා මාළිගය…………

" නම්ජුන් හියුන්ග් ඉක්මනටම එන්න. ටේයොන් ආයිත් අසනීපෙන්"

කොල්ලෝ ටික ඔක්කොම ආවේ ටේයොන්ගෙ කාමරෙට. ටේයොන්  පිස්සුවෙන් වගේ අඩනවා. තවත් මොනවද  මුමුණනවා ,

" ටේයොන් .. ටේයොන් .. මොකක්ද වුනේ, "

" නම්ජුනා මොකක්ද අපි කරන්නේ,  ටේයොන් සිහියෙන් නෙමෙයි ඉන්නේ"

" ජේ හෝප් වතුර අරන් එන්න, ජිමින් ජන්ගුක් ඔය දෙන්නා ටේයොන්ගේ අත් කකුල් හොදට රත් වෙන්න මදින්න, එයා සීතල වෙලා ඉන්නේ, යුන්ගි හියුන්ග් ජින් හියුන්ට කොල්📲 කරන්න , "

" අරස්සෝ නම්ජුනා"

හැමෝම ටේයොන්ට සිහිය ගන්න කරන්න පුලුවන් හැමදේම කරා, ඒත් ටේයොන්  ඒ විදියටම හිටියා, එන්න එන්නම මුලු ඇගම සීතල වෙන්න ගත්තා, පැයකට වැඩිය කාලයක්  ගියා කිව්වොත් හරි,

" යුමී මන් එනවා"

ටේයොන් මහ හයියෙන් කෑගහන ගමන් ඇදෙන් නැගිට්ටේ හරියට එයාව කවුරු හරි පාලනය කරනවා වගේ, අපි කට්ටියම එකතු වෙලා ටේයොන්ව අල්ලගෙන හිටියත් මීට කලින් නොදැකපු ටේයොන් කෙනෙක් අපිට දකින්න ලැබුනේ, වෙනදට වඩා ශක්තිය ගොඩක් වැඩි.  

 වියරු ආදරය [KTH] ( Complete )Where stories live. Discover now